මෙවන් බරක්..

හිත පතුලේ පෙරලි කරන

රැපුන්සල්ගෙ හුරතල් වැඩ

මතක් වෙද්දි වාවන් නෑ

අහස හෙලන කඳුලු අතර

ගොර මාමගෙ ගෙරවුම් හඬ

ඇසෙන විටදි ඇස් ලොකුකර

රෝල් වෙවි තුරුලු වෙන්න

එන්න මැනික මගේ ලගට

මහා මෙරට වැඩිය උනත්

ජීවන බර කොතෙක් උනත්

උඹව නොදැක ඉන්න තරම්

බරක් කොහෙද දැන් මට නම්

Advertisements

පවු සමා කර ගැනීම

මා ජීවත් වීමට බිස්නස් එකක් විදියට වාහන හදනා ගරාජ් කරුවෙක්මි.මා ලබා දෙන සේවයට පාරිභෝගික මහතුන් මුදල් ගෙවයි. .

එහිදී අනික් සෑම අයෙකුටම ඇති පුද්ගලික ජීවන ප්‍රශ්න මෙන්ම ඊට අමතරව සෑදීමට ඇති වාහන වල ප්‍රශ්නද හැටහුටා මාරකි.

ඉදින් මා වැඩ කරන හැම දිනකම ජීවන ප්‍රශ්න ටිකට අමතරව යකඩ ප්‍රශ්න වලින් හිස පුරවාගෙන සිටිමි.නමුත් වැඩ කරන විට මගේ මුල්තැන ලැබෙන්නෙ යකඩ ප්‍රශ්න වලටය.එයින් කියවෙන්නෙ ජීවන ප්‍රශ්න ඒවාට බල නොපානා බව නොවේ.

නමුත් මට ඇති නිවාඩු දිනයේ රැකියාව සම්බන්ද සියලු දේ අමතක කිරීමටත් නිදහස් සැහැල්ලු මනසකින් සිටීමටත් කැමැත්තෙමි.

එම නිසා මගේ නිවාඩු දිනට මම දුරකතනය සයිලන් මෝඩ් දමා තබමි.ඇතැම් විට ඇමතුමක් බව පෙනුනද එය කාගෙන්දැයිවත් පරික්ශා කිරීමකින් තොරව නොදැක්කා සේ සිටීම සුලබ සිද්දියකි..

බිස්නස් කාරයෙක් ලෙස මෙය මගේ පැවැත්මට ඉතාමත් හානිකර පුරුද්දක් බව මම දනිමි.

එමෙන්ම මා බිස්නස් කරන්නේ ජීවත් වෙන්න බවත් මා දනිමි..

නමුත් මා ජීවත් වෙන්න කරන බිස්නස් එක නිසා මට ජීවත් වෙන්න ජීවිතය විදින්න කාලයක් නොමැති නම් මා මැරෙන තුරා බිස්නස් කර මුදල් කදු ගැහුවද මට අවසානයේ දුවපු තරමට හති ඇරෙන්න සැහැල්ලුවක් සතුටක් නොලැබෙන බව මම දනිමි…

එනිසා මාසයකට පෝය ඇතුලුව දවස් අපහක් මම නිවාඩු ගනිමි.අත්‍යවශය කරුනකට ඇරෙන්න නිවාඩුවක් නොගන්න මාගේ ගෝල පිරිසටද එම අවස්තාව දියයුතු බව මම සිතමි.ඒ දින පහ මට බිස්නස් එකෙන් මිදී සියලු ප්‍රශ්න අමතක කර නිදහසේ සිටීමට කැමැත්තෙමි.

එදින දුරකතන පාවිච්චි නොකිරීමෙන් මට මග හැරී යන බිස්නස් අවස්තා ගනන බොහෝ විය හැක .

නමුත් මසකට දින පහක් මාගේ බිරිද සමග දරුවා සමග හිතේ හැටියට ගෙවීමෙන් ලබන සතුට මග හැරුන අර බිස්නස් ටිකෙන් මට ලැබෙන මුදලින් ගත හැකියයි මා විශ්වාශ කරන්නේ නැත.

එදිනටත් මුදල් වෙනුවෙන් මා වැඩ කලේ නම් මගේ දරුවා මා ගැන සිතනුයේ
තාත්තා යනු ඇය උදෑසන අවදි වීමට පෙර ගෙදරින් යන හවසට ඇය නිදා ගත් පසු ගෙදරට එන බෝඩින් කාරයෙක් යැයි කියාය.

එනිසා මා කිසිවෙකු මග හැරීමට දුරකතනයට පිලිතුරු නොදී ඉන්නේ නැත.එසේ ඌවානම් විය හැකි එකම දෙය වාහනයක මොකක් හෝ දෝශයක් ගැන සොයන්න අහසපොලව ගැටල්මින් කල්පනා කරන මොහොතක හෝ වාහනයක් අස්සේ මජ්ං නාගෙන වැඩකරන වෙලාවක වනු ඇත.

නමුත් මාගේ එක දුර්වල තාවයක් ඇති බව මම පිලි ගනිමි.එනම් මා විසින් ලැබුනු මිස් කෝල් වලට කෝල් බැක් කිරීමේ පුරුද්ද ප්‍රගුන කර නැත . බොහෝ විට එයට හේතුවත් තවත් ප්‍රශ්නයක් ඔලුවට දාගැනීමට ඇති අකමැත්ත විය හැක.

බිස්නස් කාරයෙක් ලෙස මම සහමුලින්ම ෆේල් විය හැක..නමුත් මම මා ඇරෙන්න කිසිවෙකුත් නොවෙමි.මාගේ මේ ක්‍රියාකලාපයට අමනාපව මාගේ අවසන් පාරිබෝගික මහතාත් ඉවත්ව ගිය දිනට පාං කෑල්ලක් කන්න ජීවත් වෙන්න වෙන රස්සාවකට මම යනු ඇත.නමුත් එයද තවකෙකු යටතේ නොවන බව ඉදුරාම කිව යුතුය..එදාටද වෙනදා මෙන් ජීවිතය විදීම ඇර මහා ලොකු හීන මට නොතිබෙනු ඇත.

මාගේ මෙම දුර්වලතා හා පුරුදු නිසා මාගේ සේවය ලබාගැනීමට පැමිනෙන හා ලබාගැනීමට අදහස් කරන පාරිබෝගික මහතුන් හට අපහසුතාවයකට ලක්වීමට සිදු වී නම් ඒ වෙනුවෙන්

“මම සමාව ඇයද සිටිමි”

මගේ මැණිකෙට

හීන දැකපන් මගෙ උරේ සැතපී

බමන ලෝකෙන් වී වහන් නුඹ

මුරුග විස ඇති කුරිරු වට පිට

සැබෑ ලෝකෙදි නුඹට දෙයි දොස

පැමිනියේ නුඹ දෙවු ලොවින්

සුරඟනක් වී මගේ අහසට

මිනිස් විස නුඹ වෙලා ගනු පෙර

සැඟවියන් මගෙ දුවේ හනිකට

සුර ලොවේ සිට පැමිනි සුදු මල

පිපෙන්නට වෙර දරන මග තොට

එරෙහි වෙන්නට එතොත් නරනිඳු

නසමි චක්‍රායුදය ගෙන මම

ඩ්‍රෑග් රේස්

ලංකාවෙ ප්‍රාතමික පන්තියෙ විභාග වල ඉදල තරග වලට දුවන, අනිකට වඩා ඉහලින් ඉන්න උත්සහ කරන යාන්ත්‍රික මිනිස් කොට්ඨාශය ජීවිතේ හැම තරගෙකටම සහභාගි වෙන්නෙ දිනුම විතර්ක් බලාගෙන..

උන්ට තියෙන හීන මානෙත් එක්ක පැරදුනොත් ඒක මහා නව නින්ගිරාවක් කියලයි උන් හිතන්නෙ.ලංකාවෙ ඩ්‍රෑග් රේස් වලට අලුතෙන් එකතුවෙන මල්ලිලා සමහරක්ටත් ඕක තදටම තියෙනව.දිනන්න විතරයි ඕන.දින්නොත් හත් දවසක් හුරේ දානව බැරි වෙලාවත් පැරදුනොත් දිනපු එකා මොකක් හරි ජිල්මාට් එකක් දාල එකයි උන් පැරදුනේ කියල සිත නිවන කතා බෝමයි…

ඊලග එක අරූ කාර් එක හදන්නෙ අහවල් ගරාජ් එකේ උන් මොනව කරනවද දන්නෙ නෑ.අනිත් එකා අර ගැරිජ් එකට දාලලු මොකක් හරි ජිල්පිට් එකක් දාල එයි දැන්.

ඊලග එකා අඩෝ උබ හදන්නෙ අහවල් ගැරිජ් එකේ නේද.ඒක ලොකුද දන්නෑ නේද.ඔය වගේ කතන්දර අඩුවක් නෑ.

රේස් පදින්නෙ හැමෝම කාර් වලට ආදරේ උන්.මිනිස්සු විවිද උනාට කාර් වලට ආදරේ කියන සාදකය ඇති හොදටම සාමූහිකව ජය පරාජය බාරගෙන හිනා වෙලා කුහක කම් නැතුව කාර් එක්ක හිනාවෙලා ඉන්න.

මිනිස්සු හැමදාම පරදින්නෙත් නෑ හැමදාම දිනන්නෙත් නෑ.අසූ හාරදාහට පාරම්බාල අන්තිමට පරදියි කියල බයක් දැනුනම කතන්දර කියන අනික මොනව හදලද දන්නෙ නෑ ඒනිසා මගේ එකේ අහවල් එක අවුල් ඒ නිසා දුවන්නෙ නෑ කියල හේතු ඉදිරිපත් කරල මග ඇරල යන මිනිස්සු පස්සෙ කරන්නෙ කටින් බතල හිටවන එක.

රේස් පැදහල්ල ඒ ඒකෙන් සතුටක් ලබන්න මිසක් එක එකාට ඉරිසියාකරන්න වත් කුහක කම් කරන්නවත් නෙමෙයි .අන්තිමට රේස් එකෙන් පස්සෙ ඔය ඔක්කොගෙම මූන බලල කතා කරන්න පුලුවන් වෙන්න ඉඩ තියාගෙන. ඕනම ගැරිජ් එකකට ගිහින් මට මේ වැඩේ කරල දෙන්න කියල හිතේ දෙගිඩියාවක් නැතුව මූන දිහා බලල කතාකරන්න පුලුවන් තැන තියාගෙන..

ඔය හැම ගැරිජ් එකකම ඉන්නෙ ඇස් ඉස් මස් ලේ වලින් හැදුනු මිනිස්සු. ඔය හැම කාර් එකක්ම හදන්නෙ පන්ච ඉන්ද්‍රිය ටික පොඩ්ඩක් ඇනලයිස් කරගෙන.වෙනස තුයෙන්නෙ එක එකා ඕක කරන විදිය වෙනස් කම විතරයි..

ගැරිජ් එකේ නම ඇහුවම එකේ හැදුවොත් ඉතින් කලුබන්ඩාර ඩේවතාවුන් වහන්සෙගෙ පිහිටෙන හරි උන් අනිවාර්‍යෙන් දිනනව කියල හිතන උන්ට කියන්න තියෙන්නෙ .ඒ ගැරිජ් ඒ නම හදාගත්තෙ දෙයියන්ට කියල නෙමෙයි.රයිඩරුයි මිකැනිකුයි අතර තියෙන අවබෝදයේ තරම මත.

මේ පුන්චි කාලෙ තුල මගේ පුන්චි ගැරිජ් එකේ නම තියපු කොල්ලො දෙන්නයි හිටියෙ කාර් දෙකයි තිබ්බෙ .හැබැයි ඒදෙක කාර් විස්සක් ටියුන් කරල රේස් පැද්දට වැඩිය වටිනව.මං ටියුන් කරපු කාර් දෙක උන් දෙන්න බලන් ඉන්න උන්ට ඇඩෙන්න දිව්ව තමයි.එවට කතන්දර කෝටියක් සොසයිටි එකෙන් දුන්න තමයි.

ඒත් උන් දෙන්නයි මමයි විතරයි දන්නෙ අපි තුන්දෙනා අතර තිබ්බ අවබෝදය සහ මොරාල් එක ගැන.කවදාවත් ස්ට්‍රීට් රේස් වලදි චැලෙන්ජ් එකක් කලොත් උන් දෙන්නගෙම දිව බෑ කියන්න නැවෙන්නෙ නෑ ඕන දෙයක් වෙන්න අපි පදිමු.දින්නත් කමක් නෑ පැරදුනත් කමක් නෑ.උන් දෙන්නටම වැඩක් උනේ නෑ එහා පැත්තෙ දුවන කාර් එක කොයි ගැරිජ් එකේ හදපු එකක්ද .එක ඩ්‍රයිව් කරන්නෙ කවුද කියන එක.

උන් මගෙන් ඉල්ලන එකම දේ රේස් එකට කලින් අන්තිම ටෙස්ට් රන් එක දුවල ආවම මගේ කාර් එකේ ලෝන්ච් එක අරන් දුවල ඇවිත් ගැරිජ් එක ඉස්සරා කාර් එක නවත්තල කාර් එකෙන් බැස්සම තමන්ගෙ කාර් එක පැදල උන් දෙන්නගෙ කකුල් දෙක වෙවුලන දිවිල්ලක් ඕන කියන එක.ඒක තිබුනනම් එදාට උන් අනිවර්‍යෙන් ගැහුව තමා.

අනුන්ගෙ ඒව හොයා හොයා ඇදකුද කිය කිය ඉන්නෙ නැතුව තමනට පුලුවන් උපරිම දේ කලානම් දිනුවත් පැරදුනත් මිනිසුන්ගෙත් හිත හොදින් තියාගෙන හොද එක්ස්පීරියන් එකකුත් අරගෙන හොද ෆන් එකකුත් අරගෙන ආපහු එන්න පුලුවන්..නැතතම් හිතේ කහට තියාගෙන ඒව පැසෝ පැසෝ තනියෙම දුක් විදින්න පුලුවන්..ඔය රේස් තියෙන්නෙ අවුරුද්දට දවස් දෙකයි තුනයි ඉතිරි දවස් තුන්සිය හැට දෙකම අර මිනිස්සු එක්ක හිනා වෙලා ඉන්න ඕන. එහෙම නැති උනා කියල ගරාජ් වලට නම් පාඩුවක් වෙන්නෙ නෑ…

මැකි වෘත්තාන්තය

කොලිෆයිඩ් ටෙක්නීශියන් කෙනෙක් වෙනව කියන්නෙ මේ රෙටේ නම් කන්න තියෙන කටු උපරිමෙන්ම කාල විශය දැනුමට පරිභාහිරව කට්ට කෑම පිලිබද උපාදියක් දෙන්න පුලුවන් ක්‍රියා පටිපාටියක්…

මොකද කාර්මික ක්ශේත්‍රයට අත් පොත තියන්න හිතපු දවසෙ ඉදන් පවුලෙ සාමාජිකයන්ගෙ ඉදන් මුලු සමාජෙම සියට අනූ නවයක් ඌ දිහා බලන්නෙ පිටසක්වල ජීවියෙක් දිහා බලන බැල්මෙන්..ඒ සියයට අනූ නමයම කරන්නෙ රටේ නැති කයි කතංදර කියල රැල්ලෙන් පිට වෙනස් මාර්ගයක යන්න ගිය අරූගෙ අහින්සක බලාපොරොත්තු තිබිරිගෙයිදිම සමාජ තත්වය කියන පොල්ලෙන් ගහල හතර රියනෙ වලලන එක.

පොලු පාරෙ සැර අනුව අරූගෙ දරා ගැනීමෙ හැකියාව අනුව එතනිනුත් එහාට එහාට බොහොම සුලු පිරිසක් බඩගාගෙන ගියත් උන් ටිකෙනුත් බොහො සුලු පිරිසකට තමයි නියමිත ක්‍රමවේදයකට නියමිත ප්‍රමිතියට ඕක ඉගෙන ගන්න හම්බෙන්නෙ..

ඒ සෑම තැනකදිමත් මුදල් දේශපාලන බලපුලුවන් කාර කම හිතවත් කම් ඇතුලු තවත් බාහිර සාදක මත සමස්තයෙන් සුලු පිරිසක් ඇර අනික් උන්ට හැලෙන්න වෙනව.

කොහොම හරි ඔය ඔක්කොම ටික සම්පූර්න කරන් ගේමක් ගහ ගත්ත එකා ඉහේ මල් පිපුන වගේ කෝස් එකට ගියාට ඒ පිපුනු මල් කඩුපුල් මල් කියල තේරෙන්නෙ. දුර බැහැරින් ඇවිත් ගිනිපෙට්ටි විතර බෝඩින් කාමර වල ලැගගෙන.මාසෙ මුල දවසෙ හන්දියෙ හෝටලෙන් චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් කාල සතියෙ අගට යනකොට ඒක චිකන් රයිස් එකක් වෙලා දෙවනි සතිය මුල එග් රයිස් එකක් වෙලා තුන්වෙනි සතිය පටන් ගද්දි වෙජිටබල් රයිස් එකට බැහැල.ඒ සතිය අන්තිම ටික මාරි බිස්කට් පැකට් එකයි ප්ලේන්ටියයි ගහල බඩ ගින්දර නිවා ගන්න උනහම..

ඒත් ඔය ප්‍රධාන කෝස් එකට අමතරව කරන අනික් ජීවන කෝස් ටික කරාම අන්තිම වෙද්දි ඇල්වතුර ටිකක් හරි බීල බඩ පනුවො ටික ශේප් කර ගන්න උන්ට පුලුවන් කම ලැබෙනව.

එක අතකට ඒකෙත් පොඩි ලල් එකක් තියෙනව ..බෝඩිමෙන්ම කෑම ගද්දි කලින් දවසෙ රෑ කෑම ටික අයිස් පෙට්ටියෙ දාල තියල උදේට ආපහු රත් කරල දෙනකොට බෝඩිමේ ඇන්ටිගෙ අම්මට මුත්ත මතක් කරල හිතෙන් පින්දීල බඩ ගින්දර නිවාගෙන දෙන්න පින් මදි උනාම පුරුස සක්තිය ගොඩ නගාගෙන ඇන්ටිගෙ කෑම එපා කියල උයාගෙන කන්න පටං ගන්නව..

කට්ටිය සෙට් වෙලා චමරිය දාල උයාගෙන කන්න ගත්ත්ට පස්සෙ ඒක වෙනම ආතල් එකක්.චමරියට මාසෙ මුල සල්ලි එකතු කරල මුදල් පරිපාලනය කරන්න දෙන්නෙ සෙට් එකේ ඉන්න විශ්වාසවන්තම ලෝබයට ..අයෙ උගෙන් දීපු සල්ලි අතමාරුවක් ගන්නවට වඩා ඉබ්බෙක්ගෙන් පිහාට්ටක් ගන්න එක සිම්පල් වැඩක් ..

ඊලගට බත උයන්න හාල් තියන එකා.ඊලගට පොල් ගාන එකා. ඊලගට හොදි ඒදන එකා ..අවසානෙයේ ඔය එකකටවත් හොම්බ නොදාන එකා තමයි කාල ඉවර උනාම වලං හෝදන එකා.

මාසෙ මුල ගෙදරින් ගේන්න පුලුවන් අඩුම කුඩුම ටිකකුත් එක එකා ගෙනල්ල..අනිත් ලට්ට පට්ට ටික සතියකට සැරයක් ටවුමට ගිහින් අරන් එන එක සාමාන්‍ය සිරිත.

එලවලු ගන්නෙ බෝඩිම ලග තියෙන කඩෙන්..ඒ කඩෙ මුදාලාලි අපි වගේ බෝඩින් සත්වයන්ගෙ තත්වෙ දන්න නිසාත් අපි වගේ උන්ට ණයට දීල අවදානමක් ගන්න ඕන නැති නිසාත් බෝඩින් ස්පෙශල් සිස්ටම් බඩු කිරාගන්න ක්‍රමයක් හදල තිබ්බ..

හවස්ට බෝඩිමට යන ගමන් ඔයකඩේට ගිහින් අපිට ඕන ප්‍රමානය කිරල ඒ ටිකට ඇතිවෙන්න මුදල් ගෙවන සිස්ටම් එකක්. කවුරුත් ඕන ගාන කිරල තමයි ගන්නෙ ඒත් මේක ටිකක් වෙනස්.

මෙතනදි වෙන්නෙ ඓදා රෑ කෑමට තුන්හතර දෙනාට ඕන වෙන්නෙ සහ ගන්න සල්ලි තියෙන්නෙ එක කැරට් අලයයි නම් අපිට ඕන තරමෙ කැරට් අලේ තෝරල කිරල දුන්නම් ඒ අලේ ගානට මුදල් දීල ගන්න පුලුවන් වීම ..ඒ වගේම හතර දෙනාට ඕන බෝන්චි කරල් හතරයි නම් කරල් හතර කිරල ඒකට ගෙවල ගන්න පුලුවන් කම.

ඔය ඔක්කොම සෙල්ලම් ඉවර වෙන්නෙ මාසෙ අතරමගදි ගෑස් සිලින්ඩරේ එහෙම ඉවර උනොත්..ඒකෙත් ආතල් එක උපරිම වෙන්නෙ උදේට දේශනයට යන්න ලෑස්තිවෙලා රයිස් කුකර් එකේ බත් එක ගහල ගෑස් එකේ මිරිසට පරිප්පුව උයාගෙන යන අතරමග ගෑස් එක ඉවර උනාම ..

එහෙම උනා කියල බෝඩින් කාරයො සැලෙනවද?.. නෑ මහත් වරුනි.උන්ට එවෙලෙට තමා ගනදෙවියෝ පිහිටට එන්නෙ.

ගෑස් ඉවර උන ගමන් වතුර රත් කරන ප්ලාස්ටික් කෝප්පෙට බාගෙට තැම්බුන පරිප්පුව දාල ඊලග ත්ත්පරේට ඒ කෝපෙට හීටරේ ගහල පරිප්පුව උයාගෙන දේශන වලට සහභාගී වෙන්න යෑමට තරම් උන් නෙවර් ගිවප් පොරවල්.

ඊලගට මාසෙ ගෙදරින් සල්ලි ඉල්ලගන්නකන් ගින්දර නැතුව රොටියක් පුච්චගන්න එක අනික් උන්ට අමාරු වැඩක් උනාට තාක්ශනික බෝඩින් කාරයන්ට හෙන සිම්පල් වැඩක් ..

එදාට කරන්නෙ හදන රොටියට වඩා ටිකක් ලොකු සාස්පාන් පියනක් අරන් ආදාරක දෙකක් උඩ උඩුබැලි අතට තියපු ඉස්තිරික්කෙ උඩින් සාස්පාන් පියන තියල ඒ පියන උඩින් රොටිය දාල පුච්ච ගන්න එක.

ඔය අතරමග කට්ටිය සෙට් වෙලා දේශන කට් කරල කිට්ටුව ගගක නාන්න පයින්ම බඩගාන එක බොහොම සාමාන්‍ය දෙයක්.

මාසෙ මුල යන ඔන්න ඔය ගමන් වලදි සුමිහිරි පානෙ බෝතලයක් හිස් කරල දුමක් ඇද ගන්න එක ඔය බෝඩින් කාරයන්ගෙ අහින්සක බලාපොරොත්තුවක්..

සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරල ඕක කරාට පස්සෙ ඒ මාසෙ අන්තිමට ඇල් වතුර බීල හාමතේ ඉන්න එකත් ජීවිතයේ කර්කශ බව දුක විදින්න ඉගෙන ගන්න තියෙන වෙනම පාඨමාලාවක්

ගමේ ඉන්නකොට කනට නෑහෙන්න කතා කරපු උන් පිරිත් පැන් බීල බුදු කුටියට වැදල ආපු උන් බෝඩිමට ආවට පස්සෙ බෝතලේට වැදල වාමාංශික දේශපාලනය ගැන කතාකරල ලිබරල් වාදය ගැන පැහැදිලි කරල පශ්චාත් නූතනවාදය නිර්වචනය කරල පාරෙ ඉන්න බල්ලෙක්ව බදාගෙන බුදියන මට්ටමට තමන්ගෙ නිපුනතාවය වර්දනය කර ගන්නව.

ඔය හැම දහපදුරාවෙම ගිහින් කරන්න තියෙන ඔක්කොම දහදුරා වැඩ ටික කරල සෙමෙස්ටරේ අන්තිම විභාගෙ කිට්ටු උනාම තමයි සෙට් එකටම දතකට පූට්ටු වෙන්නෙ…එතන ඉදන් විභාගෙට සතියක් තියල කට්ටියම පුදුම උනන්දුවකින් කුප්පි දාල ව්භාගෙ ගොඩදාගන්න මහා යුද්දයක් කරනව .

කවුරු හරි එකෙක්ගෙ නෝට් එකටයි දාපු කුප්පි ටිකටයි පින් සිද්ද වෙන්න කට්ටිය ගොඩ ගියා කියල හිතමුකො.දැන් තමා හොදම ටික.

දැන් මුන් සෙට් එකම ඉන්නෙ මුන්ට වැඩිය වැඩ්ඩො තව ලොවෙත් නෑ කියන මානසිකත්වෙන්..ඊටපස්සෙ අගල් කීපයක් උඩින් සහ අපිට මොනවද බැරි කියන මානසිකත්වෙන් සෙට් එකම කෝස් එක ඉවර කරල යනව ගෙවල් වලට..

ගිහින් දානව ජොබ් වේකන්සි බල බල ඇප්ලිකේශන්.එතනදිත් අපි පොර මානසිකත්වෙන් ඔක්කොම කරන්නෙ .ඔතනින් කීප දෙන්ක් ජොබ් වලට යනව තව ටිකක් තමන්ගෙ ව්‍යාපාර් පටන් ගන්නව .

එතතිනුත් තම්න්ගෙ ව්‍යාපාර පටන් ගන්න එකා තමයි නාඩගම් නටපුවගේ රගේ උපරිමෙන් විදින්නෙ ..සහතික මිටි ගනන් තිබුනත් මුලින්ම ෆීල්ඩ් එකේ ප්‍රායෝගිකව වැඩ කරන්න ගත්තම කස්ටමර් ලග ඉන්න ගමන් ප්‍රශ්නයක් ඇහුමව තමන්ටත් නොදැනි චූ බින්දු දෙක තුනකින් උගේ යට කලිසම තෙත් වෙනව.

අන්න එදාට තේරෙනව අපි කරේ මොනවද අපි හිතන් හිටියෙ කොහොමද ප්‍රායෝගික තත්වය කොහොමද කියන එක ..ඔතනදි කස්ටමර්ත් ගල් පලන් මදකාල වැද්දන්ගෙන් බන අහල ආපු එකෙක් වෙලා බෝලයක් බස්සල වැඩේ කර ගන්න ටයිප් එකේ එකෙක් උනොත් අරූට දෙයියන්ගෙම පිහිටයි.

අන්න එදාට ඌ ජොබ් එක අතාරිනව එහෙම නැතුව එල්ලිලා ගලේම ඔලුව ගහන් හිටියොත් ගල් පලන් මද කාල ආපු එකාට කාපු ගල් ටික විරේක කරවන්න පුලුවන් මට්ටමට උගේ හැකියාව හදා ගන්නව

ඊට පස්සෙ ඌට එන්නෙ ව්‍යාපාර ඉඩම් හිමිකරුවන්ගෙ ප්‍රශ්න ටික.ඒ ටික කොහොම හරි ගොඩ දාගත්තොත් වටේ පිටේ ඉන්න උන් දාන ප්‍රශ්න ටික ..ඒකටත් මූන දීල හිටියොත් ඊලගට සේවක ප්‍රශ්න.

ඔය අතරෙ වාහන වල ප්‍රශන ගෙදර පවුල් ප්‍රශ්න කස්ටමර්ස්ලගෙ ප්‍රශ්න..රෑට නින්ද යන්නෙ නැතුව හදන්න තුයෙන වාහනේ ගැන කල්පනා කරන කරන එක .කොටින්ම මිකැනික් කෙනෙක් කියන්නෙ තමන්ගෙ ප්‍රශ්න වලට අමතරව හැමදාමත් අනුන්ගෙ ප්‍රශ්න වලට උත්තර හොය හොය ඔලුවට නිදහසක් ගන්න වෙලාවක් හොයන එකෙක්.හිතට සහනයක් හොයන්න ෆෝන් ඕෆ් කරල කෝල් ආන්සර් නොකර ඉන්න කැමති එකේක්.නිවාඩු දවසට ෆෝන් එක රින් උනොත් ෆෝන් එකත් එක්ක මලපනින ජාතියෙ සෙන්ටිමෙන්ටල් පොරක්.

ඔය හැම එකාටම තමන්ගෙ හිතේ තියෙන දේ අකුරු කරගන්න පුලුවන් උනානම් උන්ට කියන්න තියෙන දේවල් ලියන්න මාගල් දෙක තුනක් වත් ඕන වෙයි. වෙලාවට උන්ට ඒව ලියන්න වත් වෙලාවක් නෑ.නැත්නම් ඒව කියවන් උන් මාගල් හෑලි කියවලම ගෙදරට නාකි වෙනව. ටයි පොල්ල දාල එන ඉන්ජිනේරුවගෙ ඉදන් විට කාල මජං පෙරාගෙන දත්ටික විතරක් පෙන්නන් ඉන්න මක බාසට එනකම් ඔය වගේ තමන්ගෙම කතාවක් තියෙනව.ඒ කටුක කතාවෙන් අබ ඇටයක් තරම් දෙයක් නොදැන උන් ගැන පූර්ව නිගමන වාලට එනවනම් උන්ට බෝලෙ බස්සල වැඩේ කර ගන්න හිතනව නම් උන්ව උඩතියල උන්ගෙ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න හිතනව නම් අමතක කරන්න එපා ඌ අද්‍යාපන මට්ටම අතින් ඔබට වඩා ගොඩක් පහත එකෙක් උනත් ඌ විදල තියෙන දුක් ගැහැට වල තරම උඩ ඔබ ඌට හොදම එකෙන් ඇරල ගියත් ඌට ඔබ තවත් කේවෙට්ටයෙක් විතරයි..නස්රුදීන්ල ගැන ඊසොප්ල උපමා කතා ලිව්වට ..මජ්ං කාරයොන්ගෙ ජීවිතවලට එබෙන්න පුලුවන් තරම් විවෘත මනසක් නූතන ඊසොප්ලට නෑ.අන්තිමට කස්ටමර් නස්රුදින් උනාම මිකැනික් ඊසොප් වෙනව කියන්නෙ මෙන්න මේකට 😃

එන්ජිම පදම් කිරීම

ඕනම එන්ජිමක තියෙනව මිනිමම් ලිමිට් එකකුයි මැක්සිමම් ලිමිට් එකකුයි.

උදාහරනයක් ගත්තොත් පිස්ටන් රින් ගැප් එක 0.25mm – 0.35mm අතර වියයුතුයි කියල නිශ්පාදකය නිර්දේශ කරල වර්ක්ශොප් මැනුවල් එකේ එවනව..

0.35 ට වඩා රින් ගැප් එක වැඩි නම් ඊලග ඕවර් සයිස් එකට එන්ජිම බෝර් කරන්න ඕන.

මේ මිනුම් කියවන්නෙ මිලි මීවර් එකකින් සීයෙන් පංගු වලින් නිසා .මිනුම් ගැනීම ඉතාම නිවැරදි වෙන්න ඕන.

ඒවගේ සියුම් මිනුම් ගැනීමකදි මිනුම් උපකරන හදල තියෙන්නෙ ලෝහ වලින් නිසා පරිසර උශ්නත්වය මත මිනුම් උපකරන ප්‍රසාරනය වීම නිසා මූලාංක දෝශ හට ගන්නව.බොහෝ දුරට මේ මූලාංක දෝශ (+) මූලාංක දෝශ වෙනව.

දන මූලාංක දෝශ තියෙන මයික්‍රො මීටරේකින් ක්‍රෑන්ක් ජර්නල් එකක් මැන්නොත් අපිට ලැබෙන අගට සැබෑ අගයට වඩා වැඩි අගයක්.

උදාහරනයක් විදියට මූලාංක දෝශය +1ක් උනොත් 25mm ක්‍රෑන්ක් ජර්නල් එක අපිට පෙන්නනෙ 25.01කියල.

මේ මිනුම අරගෙන අපි 25mm වලට ක්‍රෑන්ක් එක කැපුවොත් ඇත්තටම ක්‍රැන්ක් එකේ කැපෙන්නෙ 24.99කට.

මේ නිසා ඉන්ටර් නැශනල් ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙනව සියලුම මිනුම් උපකරන වල දත්තයන් නිවරදි වන්නෙ හා මිනුම් ලබා ගත යුත්තෙ 20C° උශනත්වයේදී කියල…මැනුවල් එකේ අගය දීල එවන්නෙත් මේ ස්ටෑන්ඩර්ඩ් එකට අනුව.

ඊලගට ලංකාවෙ ලේත් මැශින් ගත්තොත් බොහොමයක් තියෙන්නෙ රජ කාලෙ එන්ගලන්තෙ හරි ජපානෙ හරි පාවිච්චි කරල වීසි කරාම ඒ ටික ගෙනල්ල මෙහෙ හයිකරපු ලේත් මැශින්.මෙවයෙ කොටස් බොහෝදුරට ගෙවිල තියෙන්නෙ. මේ මැශින් වලිම් අර වගේ සියුම් මිනුමක් 0.25mm වලට කැපුවොත් ලේත් මැශින් එකේ දෝශ නිසා සමහර විට ඕක නවතින්නෙ කෙලින්ම මැක්සිමම් වෙයා ලිමිට් එකෙන්.එතකොට කරපු වැඩෙන් වැඩක් නෑ..

පට්ටලේ බාසුන්නැහැ අත්දැකීමෙන් ඕක දන්නව.ඒනිසා 0.25mm ඕන නම් එයා කපන්නෙ 0.15mm වලට.එතකොට පොතේ 20C° වලදි මැනල එවපු මිනුම මෙතන පට්ටලේ හීට් එක සහ යොදා ගන්න සොලිව් ඔයිල් එක මත සෑහෙන වෙනසක් වෙලා.

ඔන්න ඔය අඩුපාඩු ටික හංග ගන්න් පට්ටලෙන් අඩු මිනුමකට කපල ඉතිරි ටික එන්ජිමෙන්ම ගෙවිල 0.25mm – 0.35 mm අතරට එනකන් පදම් කරන්න කියනව ..

ඊලගට එන්ජිම හයිකරන මැකිනික්ලත් ගොඩක් දුරට ටෝක් රෙන්ච් පාවිච්චි කරන්නෙ නෑ හිතේ හැටිය බටයක් දාල තද කරනව.සමහර ඒව අඩුවෙන් තද වෙනව සමහර ඒව වැසියෙන් තද වෙනව ඕනවට වඩා වැඩිපුර තද වෙච්ච බෙයාරින් කැප් එහෙම පදම් කරන කාලෙදි ගානට කැපිල ක්ලියරන්ස් ටිකක් හරි යනව .

ඒ ඇරෙන්න නිවරදිව මිනුම අරන් දෝශ නැති අලුත් මැශින් වලින් කපල හදන එන්ජිමට නිශපාදකයා කියන අගයන් වලට ක්ලියරන්ස් තිබ්බොත් ආයෙ ඔකෙ පදම් කරන්න කිසිම දෙයක් නෑ.

පදම් කිරීම සම්පූර්නෙන්ම ලේත් ශොප් එකේ සහ කාර්මිකයාගෙ දුර්වලතා වසා ගැනීමට හා ඔවුන් නිසා වෙන්න පුලුවන් හානි වලින් වැලැක්වීමට ගත්ත උපාය මාර්ග මිසක් වෙන කිසිම දෙයක් නෙමෙයි..

දුම් සහතිකේ..

ඊයෙ යාලුවෙක් දේසපාලුවෙක්ගෙ වැරදි කියපු පෝස්ට් එකක් ශෙයා කරල..ඒක දැක්පු උගත් මහත්තයෙක්ට අම්බානට මල පැනල රෙදි නැතුව අර දේස පාලුවගෙ රෙදි හෝදනව..ඔය රෙදි හෝදන අතරෙ දුම්පරීක්ශනය හදුන්වාදීපු එකේ වැදගත් කම කියල දෙනව අර මහත්මය.

දේසපාලුව ඒක හදුන්වාදීපු නිසා ලංකාවෙ පරිසර දූශනය අඩු වෙලා කියල ඇමරිකාවෙ විස්සවිජ්ජාලෙකින් රිසර්ච් කරල හොයාගෙන තියෙනව කියල මිනිහ පරසක්වල ගහනව ..

යාලුව නැවු එක්ක වැඩ කරන පොරක්.මිනිහ කියනව ඔය පරික්ශනේ නිසා මිනිස්සු පීඩාවට පත් උනා ඕක සාදාරන නෑ කියල දුම්පරික්ශා මද්‍යස්තාන වල සිදූවෙන අක්‍රමිකතා සහ රජයේ වාහන වල නැවු වල කෝච්චි වල ඔය පොඩි වාහන වලින් අර වගේ කීපගුනයක් විස දුම් පිටකරනව කියල ප්‍රායෝගික උදාහරන ගෙනහැර දක්වමින් පොඩි මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න පැහැදිලි කරනව.

අර මහත්තය කියනව ඕව මොනව කිව්වත් වැඩක් නෑ දේසපාලුව හදුන්වාදීපු දෙයින් ලන්කාවෙ වායුදූශනය 30%කින් අඩු වෙලා කියල ඇමරිකානු විස්සවිජ්ජාලෙන් ඔප්පු කරල තියෙනව කියල අර මනුස්සයෙගෙ අදහස් ගොන් මෝඩ කතා කියල බ්‍රහ්ම ටෝක් දෙනව ..

මාත් පිට කහ ගන්න නියපොත්තක් නැති උනාට පොරවක් කරේ තියෙනව කියල හිතං මැදට පැනල හොදවයින් ටිකක් අහගත්ත අර උගත් මහත්මයගෙන්

ඇත්ත්ටම පරිසර දූශනය අවම වෙලා තියෙනව තමා..ඒකට ඇමරිකානු විස්ස විජ්ජාල රිසර්ච් ඕන නෑ.මදයම පරිසර අදිකාරියෙ සයිට් එකට ගිහින් අපේ විශ්වවිද්‍යාල වල මිනිස්සු කරපු රිසර්ච් වලින් ගත්ත දත්ත ටික බැලුවනම් ඕන කෙනෙකුට තේරෙනව..

දුම්පරික්ශාව හරියට කෙරෙනව නම් පරිසරයට වගේම වාහනේටත් හොදයි.ඒත් ඕක එහෙමම කෙරෙනවද කියන එක ගැටලුවක් තියෙනව

ඇත්ත්ටම වායු දූශනය අඩු වෙන්න ප්‍රදාන හේතුව ඇමති හදුන්වාදීපු දුම්පරීක්ශාවද කියල පොඩ්ඩක් හොයල බලන්න වෙනව.

ඒක එහෙමනම් වායු සමීකරන වල ශීතකරන වල ශීතකාරක වායුව ලෙස පාවිච්චි කරපු CFC වායුව තහනම් කරල R13a පාවිච්චි කරන්න ගත්ත එක හේතුවවක් නෙමෙයිද කියල හොයල බලන්න වෙනව.(දැන් කවුරු හරි කියාගෙන එන්න එපා ඒකෙ බලපෑම තියෙන්නෙ හිරුගෙ පාරජම්බුල කිරන නිසා මෝල් වෙලා ඕසෝන් වල තියෙන ඔක්සිජන් අනු තුනෙන් එකක් පැනල ගිහිල්ල ක්ලෝරීන් එක්ක සහවාසයෙ යෙදිල සුරාන්තයට පත් උනාට පස්සෙ ඒ ඔක්සිජන් අනුව ක්ලෝරීන්ගෙන් ආයෙ කොටුවක් පැනල ගිහින් පිරිසිදු කන්‍යාවියක් විදියට ඉන්න තව ඔක්සිජන් අනුවක් එක්ක සම ලින්ගිකව එක්වෙලා ඔක්සිජන් වායුව හදන එක මිසක් වායුදූශනයට අදාල නෑ කියල)

ඊලගට තාක්ශනයේ දියුනුව මේ වායු දූශනය අඩු වෙන්න බලපෑමක් උනේ නැද්ද කියල හොයල බලන්න වෙනව.

උදාහරන විදියට ගත්ත්තොත් විසි එක්වන සියවසේ මුල් භාගෙ වෙනකොට අභ්‍යන්තර දහන එන්ජින් වල සිදු උන තාක්ශනික නවීකරන ගැන හෙව්වොත්.

ඉන්දන පූර්න දහනයකට ලක් කරන්න නිර්මානය උන ලැම්ඩා සෙන්සර සහිත ක්ලෝස් ලූප් පරිගනක පාලන ඉන්දන විදුම් පද්ධති සහිත වාහන ලංකාවට සීග්‍රයෙන් ගලා ඒම.

ඒවයෙදි නොදැඋනු ඉන්දන අංශු තව දුරටත් දහනය කරල පිටට යවන්න යොදා ගනිපු සෙකන්ඩ්‍රි එයා සිස්ටම් භාවිතා කිරීම

ඊට අමතරම බ්ලෝ බයි ගෑස් වායුගෝලයට මුදා හැරීම අවම කරන්න පොසිටිව් ක්‍රෑන්ක් කේස් වෙන්ටිලේශන් (PCV ) සිස්ටම් යොදා ගැනීම

ඊටත් අමතරව තවදුරත් විශ වායු නිපද වෙනවනම් ඒව නැත ප්‍රතිවර්ත ප්‍රතික්‍රියා මගින් පිරිසිදු කරල පිටතට යවන්න යොදා ගත්තු සිංගල් බෙඩ්,ඩබල් බෙඩ්,ත්‍රී වේ කැටලිටික් කන්වර්ටර් යොදා ගැනීම

ඉන්දන වාශ්ප වායුගෝලයට මුදාහැරීම වැලැක්වීමට චාකෝල් කැනිස්ටර් සහිත පර්ජ් කන්ට්‍රෝල් සිස්ටම් යොදා ගැනීම

එතනිනුත් එහාට එන්ජිමෙන් තවදුරටත් නිපදවෙන අහිතකර නයිට්‍රජනීය සංයෝග අවම කරන්න සිලින්ඩර තුල උශ්නත්වය අඩුකරන්න දහනයෙන් ලැබුනු කාබන් ඩයොක්සයිඩ් වායුව තාප අවශෝෂකයක් ලෙස යොදා ගෙන නයිට්‍රජන් සංයෝග පාලනයට EGR සිස්ටම් යොදා ගැනීම

එතනින් පස්සෙ ඇඩ්බ්ලූ සිස්ටම් යොදා ගැනීම

එතනිනුත් පස්සෙ ඔය ඔක්කොම කෙරුම් ටික තියෙන එන්ජිම ක්‍රියාත්මක වන කාලය අඩුකරන්න හයිබ්‍රිඩ් තාශනය යොදා ගැනීම

එතනිනුත් එහාට ඔය වායු පිටකරන එන්ජිම වීසි කරල ඉලෙක්ට්‍රික් වාහන හදුන්වා දීම හේතුවක් උනේ නැද්ද කියල හොයල බලන්න වටිනව .

උදා හරනයක් ගත්තොත් අදටත් අපේ දුම් පරීක්ශන වාර්තාව අසමත් වෙන්නෙ පෙට්‍රල් වාහනයක නම් කාබන් මොනොක්සයිඩ් ප්‍රමානය 3% වඩා වැඩි උනොත්..

ඒත් නිශ්පාදකයො වාහන හැදුවෙ ඔය කාබන් මොනොක්සයිඩ් ප්‍රමානය බින්දුවෙ තියා ගන්න..

එහෙම බැලුවොත් ඔය කියන කාලය තුල අපේ රටේ වායු දූශනය අවම කිරීමට වැඩිම දායකත්වයක් ලබා දීල තියෙන්නෙ දුම්පරික්ශන් මද්‍යස්තානද නැත්නම් වාහන නිශ්පාදකයොද?

ඔතනින් ඔය CO 3% ඉක්ම වන පරන වාහන ප්‍රමානයක් තියෙනව තමයි.ඒත් අසූහාරදාහට බදු ගහලත් ලංකාවෙ වාහන ව්‍යාප්ත වෙන වේගෙත් එක්ක ඔය පරන වාහන ප්‍රමානය කොච්චර නම් කුඩා ප්‍රතිශතයක්ද ?

ඒ ප්‍ර්තිශතයත් වායුව දූශනය කරමින් පාරේ දුවන්නෙ අලුත් වාහන වාලට සාපේක්ශව කොපම්න කාලයක්ද?

ඊලගට අලූත් වාහන වලිනුත් දෝශ සහිත වාහන ලෙස වායුගෝලය දූශනය කරන්නෙ කොයිතරම් කුඩා ප්‍රතිශතයක්ද?

එහෙම බැලුවොත් දුම්පරික්ශාව වඩාත් සුදුසු වායු දූශනය අවම කරන්නද වාහනයක එන්ජිමේ කාර්‍යක්ශම තාව සහ තත්ව පරීක්ශාවක් කරන්නද..?

ඔය සේවාව දෙන්න දුම්පරික්ශා මද්‍යස්තාන වල තියෙන වායු විමෝචන යන්ත්‍ර නිසි පරිදි නඩත්තු වෙනවද?කැලිබරේශන් වෙනවද.?

එන්ජිම ටියුන් කරන් ගියාට පස්සෙ තිබ්බට වඩා තත්වය අවුල් රිපෝට් හම්බුන වාහන නැද්ද?ඒක වෙන පරීක්ශන මද්‍යස්තානයකට දැම්මම පාස් වෙලා නැද්ද?

තමන්ට වාහනේ ශුවර් නම් එකපාරක් දාල ෆේල් වෙලා පැයකින් බොරුවට හදාගෙන ආව කියල ආපහු දැම්මම පාස් වෙන වාහන නැද්ද?

එහෙම උනාට පස්සෙ ඔවුන්ගෙ තාක්ශන ශිල්පීන්ගෙන් ඇහුවම කොහොමද එහෙම උනේ කියල පැහැදිලි තාර්කික තාක්ශනික පිලිතුරක් ලැබෙනවද?

ඔය ප්‍රශ්නකිරීමක් ප්‍රදාන ඉන්ජිනේරු වරයෙක් ලගට වෙනකන් ගිහින් ඉන්දන දහනය පිලිබදව තාක්ශනික කරුනු එක්ක රසායන විද්‍යාව පොඩ්ඩක් කලවන් කරල පැහැදිලි කිරීමක් කරල මේ තියෙන තත්ව මත මේතරම් දරුනු ප්‍රතිපලයක් ආවෙ කොහොමද කියල ප්‍රශ්න කරාම උත්තරය උනේ අපිට අදාල ඔය තාක්ශනික කරුනු ටික තමයි .එනින් එහාට කැලිබරේශන් අංශය පැමිනිලි කරන්න කියල ආන්සර් කරන්නෙ නැති ලෑන්ඩ් ෆෝන් නොම්බරයක් දීපු එක.

එතකොට බැලුවම මේ කියන කාලය තුල රටේ වායු දූශනය අවම වෙලා තියෙන්නෙ අර ඇමති තුමා දුම්පරික්ශන ආයත හදුන්වාදීමද තාක්ශනයේ දියුනුවද?

කොහොමින් කොහොම හරි මටත් කඩි කන සීන් එක නිසා අර උගත් මහත්මයට ඕක කියන්න ගිහින් එතුමගෙ උත්තරය උනේ .ඔයාට එහෙම ප්‍රශ්නයක් උනානම් ඔයා ඇමරිකානු විස්ස විජ්ජාලෙට පැමිනිලි කරන්න කියල.

අනේ ඉතින් මජ්ං බාස් වෙච්ච මං කොහොමැයි ඔය ඇමරිකානු විස්සවිජ්ජාල එක්ක සාකච්චා කරන්නෙ..

ඉන්ජිනේරු තුමා නම් මං වගේ මජ්ං බාසෙක්ට ඉන්ජිනේරු කරුනු තේරෙන්නෙ නැති නිසා .කැලිබරේශන් අංසෙට බෝලෙ පාස් කරන්න ඇති කිව්ව.

මන් ඉතින් මානසිකව වැටිල දනහිස් තුවාල වෙලා ..යන්තම් ඇසිටිලීන් ලාම්පුව පත්තු කරන්න ගෙනාපු ඔක්සිජන් ටැංකියේ බටේ නහයෙ ගහගෙන තව ටික දොහක් ජීවත් වෙන්න කලුබන්ඩාර දෙයියන්ගෙන් වරම් ගත්ත.

කොලඹ සන්නිය

පහුගිය දවස් ටිකේ රැයක් දවාලක් නැතුව වැඩ කරල කරපු වැඩකට හෙනහුරා ලබල කෙලවෙලා ගියා .හිතට ගතට දැනුනු වෙහෙස නිසාම ඊයෙ කට්ටිය එක්ක ගියා සුන්දර ගමක් අස්සෙ තියෙන ගහ කොල වලින් පිරුනු සීතල වතුර ටිකක බැහැල ඉදල හිතේ ගතේ දාහය නිවා ගන්න…

සාමාන්‍යෙන් වැඩ කරල හෙම්බත් උනාම ප්‍රශ්න ඇවිත් හෙම්බත් උනාම පූරුද්දක් විදියට කරන දෙයක් තමයී හතර දිග්බාගෙ තියෙන ලස්සන තැන් වල නාන්න යන එක.

ඊයෙ ගිය තැනට යද්දි අපිට කලින් වැගන් ආර් එකකින් කටිටියක් නාන්න ඇවිත්.වාහන නවත්තන තැන ඉදල නාන තැනට පොඩි දුරක් පයින් යන අතරෙ කලින් ආපු වෙලාවක හම්බෙච්ච සෙට් එකක් ගැන මතකෙ අවදි වෙලා යාලුවො ටිකට විස්තරේ කිය කිය යන්න ගත්ත.

විස්තරේ මෙහෙමයි අප්‍රේල් මාසෙ දවසක් මෙතනම නාන්න ආවා දෙමස්සිනාල එක්ක.ඒ ආවෙ දවස් දෙකක් එකදිගට පශ්චාත් අවුරුදු සමරල සුමිහිරී පානෙ පදමට ගහල ආමාශෙ ස්කාගාර සන්ස්ථාව වගේ වෙලා සරීරෙම විජලනය වෙලා මස්තබාල්දු වෙලා ඉන්දැද්දී පරිසරයෙන් වත් සහනයක් හොයාගෙන.

ඒ යද්දිත් අර කියපු පස් කට්ටුව ඇවිත් එතන ගලක් උඩ තියාගෙන අඩියක් ගහනව..ටිකක් තලත්තෑනි පොරවල් තුනකුයි අපේම වයසෙ වගේ පොරවල් දෙකකුයි.කටිටියම ඉතින් බමර පදිමින් ඉද්දි .මමයි මස්සිනාල දෙන්නයි එතෙන්ට බැස්සම අහුව ඒ උබල මේ පැත්තෙද කියල .අපි කිව්ව ඔව් කියල.උන් හෙන උජාරුවෙන් කිව්ව අපි නම් කලම්බු පොරවල් .අපි කොලඹ ඉදන් ආවෙ කියල.ඉට පස්සෙ ආයෙ පස්සෙ අපෙන් ඇහුව උබල කොහේද වැඩ කියල.මම කිව්ව ගැරිජ් එකක වැඩ කියල .පොඩි මසිය ඌ වැඩකරන කොම්පැනියෙ නම කිව්ව ලොකු මසිය නීතිපති එකේ කිව්ව. ඒ පාර එකෙක් අහපි කොහේ නීතිපති එකේද කියල.

ලොකු මසියත් උල් පිහියෙන් කනට ඇන්න වගේ ලංකාවෙ නීතිපති දෙපාර්තුමේන්තු තියෙන්නෙ අලුත්කඩේ ඇර වෙන කොහේද කියල.අරූට පොඩ්ඩක් අවුල් ගියත් වැඩිය පෙන්නනෙ නැතුව උන් දන්න නීතිපති එකේ කන්ටෑක්ස් කිය කිය අහනව මූව දන්නවද අපේ යාලුවෙක් තමා මූ අහවලාගෙ අහවලා අපි අදුරනව කියල.

මසියත් හිනාවෙලා එහෙමද හ හා ගානව.ඊට පස්සෙ කතා කරල කියනව වරෙන් ශොට් එකක් දාමු කියල.අපි තුන්දෙනාම බොහොම නිහතමානිව ස්තූතිකරල කිව්ව දවස් දෙකක් බීපුව විදවල නිදහස් වෙන්න ආවෙ අද බොන්න බෑ කියල.ඔය අස්සෙ මස්සිනා අපිට කිව්ව ඊයෙ ගහපු බ්‍රැන්ඩියෙන් කලවන් වෙලා තමා ඔක්කොම කෙල වෙලා ගියෙ කියල.ඒක ඇහුන ගමන් අරුන්ගෙ එකෙක් කියපි අපි ඔය විස්කි බ්‍රැන්ඩි බොන්නෙ නෑනෙ අපි ඕවට ආස නෑ අපි බොන්නෙ ලෝකල් බඩු කියල.එවේලෙ තමා කර පොවල බැලුවෙ මුන් මෙච්චර පම්පෝරි ගහන්න මොනවද බීල තියෙන්නෙ කියල.උන් හතර පස්දෙනෙක් ගල්ඉඩම බ්‍රෑන්ඩ් එකේ පරන අරක්කු බෝතල් දෙකක් බීල මේ වෙන වයන්නෙ.

ඊට පස්සෙ ඔන්න ආයෙ සෙට් එක තම තමගෙ පම්පෝරිය පටන් ගත්ත.. මම සීශෙල්ස් වල ඉද්දි මේමයි එහෙ ලයිෆ් එක මේමයි..මූ ලන්ඩන් වල මේමයි මතකද අර සීන් එක අතනදි උනේ ලන්ඩන් වල එහෙ අර අර ජාතියෙ ගෙදරදි. උන්ම කියල උන්ම හිනා වෙනව.අපි නාන ගමන් අහන් ඉන්නව.තව ටිකකින් එකෙක් ලගට ඇවිත් ආයෙ කියනව අපි කොලඹ සෙට් එක .අපි සුපිරි ජොබ් කරන්නෙ,අපිට කොලඹ ඉතින් නතින් බං අපි හෙන මාරයි බං උබල දන්නෑ බන් කියල.මුන්ට දැන් බීල නෑවට පස්සෙ කොලබ සන්නිය හැදිල වගේ.

මුන් ටිකට දැන් අපිව පෙන්නෙ ලබු කැටේ අරන් මී කඩන්න බැද්දට යන තෙමස්සිනාල ගානට.අපි තුන් දෙනත් ඉතින් කරපු පවු ගෙවන්නම එපයි කියල පම්පෝරිය අහගෙන ඉන්නව.බැරිම තැන මං උගෙන් ඇහුව උබ කොලබ කොහෙද කියල.මූ කියනව මන් බත්තර මුල්ලෙ .කොලබ කියන්නෙ අපේ ඒරියා එක අපි කාටවත් බය නෑ සුපිරි කන්ටෑක්ස් අපිට තියෙන්නෙ කියල. අපිත් ඉතින් එහෙමයි! එහෙමයි! කියල ආමාරුවෙන් අහන් ඉදල යන්තම් ගොඩ ආව ..

මෙදා සැරේ මාත් එක්ක ගිය උන් ටිකට ඔය කතාව කිය කිය නාන තෑනට යද්දි .මෙන්න අර එදා හිටපු උන් ටික එදත් එතන බොනව.මාව දැක්ක ගමන් ආ උබව දැකල පුරුදුයි කිව්ව.මමත් ඉතින් කෝමද කියල ඇහුව..උබල නේද එදා දවස් දෙකක් බීල ඇවිත් බොන්න බෑ කිව්වෙ කිව්ව .මන් කිව්ව ඔව් ඔව් කියල.අපි ටිකක් ගලක් උඩ වාඩි වෙලා ඉදල ගෙනාපු රෝස් පාන් ටිකයි වඩේ ටිකයි මාජරින් ගාගෙන කාල වතුරට බහින්න ඉද්දි.ඔන්න මුන්ගෙ එදා කොල්බ සන්නිය ආයෙත් පටන් ගන්න ශේප් එකේ හොර ගල් අහුලනව .

උබල ගමේ නේද වතුරට බහින්නෙ නැද්ද.අපි මේ කොලඹ ඉදන් ඇවිත් බැහැල ඉන්නෙ.අරක මේක දැන් කියවගෙන එනව. කලින් පාර කාපු ගුලිය මතක නිසා මේ පාර වැඩිය කතාවට ගියෙ නෑ.ටිකක් වෙලා යද්දි ආයෙ කතා කරල අහනව බෝතලයක් ගන්න තැනක් නැද්ද කියල.ඒ පාර කිව්ව කිලෝමීටර දහයක් විතර ගිහින් බාර් එකෙන් ගන්න ඕන කියල.කොලබ ඉදන් ආවට බාර් එකට තියෙන කිලෝමීටර දහය නහුතෙක දුරක් උන්ට දැන්.

මෙදා පාර අල්ලගෙන බලෙන් කියවන්න විදියක් නැති නිසා අපිට ඇහෙන්න කියවනව උන්. අපිට සල්ලි මොනවද බන්.අපි අවුරුද්දකට ලක්ශ අසූවකට වැඩිය වියදම කරනව බොන්න විතරක් ..අපිට ඕව ප්‍රශ්නද බන්.උබලට මතකද මේ බීම අපි කරන්නෙ අනූ තුනේ අනූ හතරෙ ඉදන්.ඒ දවස් වලත් අපි බාර් එකට ගිහින් බිව්වම බිල රුපියල් අටදහක් විතර එනව.දැන් ඒ ගාන බැලුවම අද කාලෙ හැටියට ඒ කාලෙත් අසූදහක් විතර වෙනවනෙ ඒ අටදහත්..ඉතින් හිතා ගනිල්ලකො අපි කවුද කියල මුන් දැන් තනියෙම තම තම වෙන වයා ගන්නව .ඒ අස්සෙ යද්දි කියනව බීල ඩ්‍රයිව් කලාට අපිට අවුලක් නෑ ඕ අයි සී මහත්තය ඉන්නව කියල.

මොනවත් විරුද්දව කියල උන්ගෙ ආතල් එක කඩන්න හිත දුන්නෙ නැති නිසා අපිත් සද්ද වහල හිටියා අවුරුද්දකට ලක්ශ අසූවක බොන උන් කොලබ ඉදම මේ හත් පත්තුවෙ බොන්න එනකොට ගල් බෝතල් දෙකක් අරන් ඇවිත් මදි වෙලා අරක්කු තියෙන තැන් හොයනකොට කසිප්පු වත් නැද්ද අහනකොට දුකත් නොහිතුනා නෙමෙයි ඉතින්.

වෙලාවකට කියන්න දිව අගටම වචන ආවත් මාත් කොලඹ හයේ ඉපදිච්ච කොලඹ හයේ හැදුනු වැඩුනු තාත්තගෙ පරම්පාරාවම කිරුලපන පාමන්කඩ වැල්ල වත්ත වෙච්චිකොට.නීතිපති දෙපාර්තු මෙන්තුව තිබ්බෙ කොහෙද අහපු උන්ගෙන් වැල්ලවත්ත රෙදිමෝල ගැන එහෙම ඇහුවනම්.වේරහැර ලංගම බස් නිශ්පාදනාගාර ගැන අහුවනම් මුන්ගෙ හිත කැඩිල අපිට නින්දිත ආතල් එකක් ගන්න තිබ්බ චාංස් එක නැති වෙන නිසාම කට වහගෙන හිටිය.කොටින්ම තාත්තගෙ ගම වෙච්ච කොලබයි අම්මගෙ ගම වෙච්ච හොරනයි අතරෙ මගේ හිතට සතුට ගෙනාවෙ හොරන ගහකොල දිය ඇලි මිසක් කොලබ අහස සිබින කොන්ක්‍රිට් වනාන්තර නෙමෙයි.ඒ නිසා කොලඹ ඉපදුනත් හැදුනත අදටත් ගමේ කොල්ලෙක් මං

ඔය අතරෙ සරම ගහගෙන හිටපු අපේ එකෙක් ගල්කිස්සෙ නම කිව්වොත් දන්න පරම්පාරාවක් බව අවුරුද්දකට ලක්ශ අසූවක බීල ලක්ශ තිස් හතරකට අවුරුදු ගානක ෆිනෑස් දාල වැගන් ආර් එකෙකින් ඇවිත් පස් දෙනෙක් එක්ක ගල් බෝතල් දෙකක් බීල බමන මතින් ටෝක් දෙද්දි.අර සරම ඇදන් ගොඩය වගේ වගේ නාපු එකාගෙ ගෙදර තියෙන්නෙ කෝටි එකහමාරක දෙකක වාහන දෙකක් බව උන්ට කියන්න ගියානම් ඒ තුප්පහි ආතල් එක ගන්න බැරි වීම ගැන අපිටම දුක් වෙන්න හේතුවක් වෙන්න තිබ්බ…

මිනිස්සු හරි කෑමතියි හද්ද වන්නියෙ සුන්දර ගහ කොල අස්සෙ ඉදල කොලඹ කාශ්ඨක හුලගින් දූවිලි අවුස්සන කුනු කානුවලින් ගද ගහන ගෙන්දගම් පොලවට ඇවිත් ඒ ගදගහන පොලවෙ ඉපදුනු මිනිස්සු කියල අමුතු තත්වයක් හදාගෙන ගමේ අහින්සක අව්‍යාජ මිනිස්සු ඉස්සරා රගන්න….

පුන්චි කාලෙ ඉදන් යාලු මිතුරොන්ගෙන් සමාජෙන් කොන් වෙච්ච ප්‍රතික්ශේප වෙච්ච මිනිස්සු රස්සවෙ පෝස්ට් එකේ තත්වෙන් හරි අර පොඩි කාලෙ ඉදන් ජීවිතේට නොලැබුන පිලිගැනිම ලබා ගන්න උත්සාහ කරන එක අනුකම්පා කරන්න ඕන දෙයක්.ඒ තත්වෙ හදා ගද්දි ඒකට හරියන ෆැන්ටසි පරිසරය තියෙන්නෙ කොලඹ කියන රාමුවෙ කියල හිතල අශ්‍රය කරන මිනිස්සුන්ගෙ තනතුරු මත කියල හිතල අනික් උන්ව පාගන්න දගලනකොට.පෑගෙන්නෙ තමන්ගෙම මල්ල බව තේරෙන කාලෙ වෙද්දි ඒක පෑගිලා පෑගිලා විල් බැරක්කෙ දාන් තල්ලු කරන් යන්න තරම් පැගිලා ලොකු වෙලා බව උන්ට තාම තේරෙන්නෙ නෑ…

තනතුර බලය තියෙන්නෙ අදාල ආයතනය ඇතුලට විතරක් බව ඔය තනතුර කියන කෝට් එක ගලවල බැනියම ඇදල ආයෙ මිනිස්සු අතරට යන්න වෙන බව තේරුම් ගන්නකොට දාපු පාට් වලට ආයෙ මූන බලල හිනාවෙන්න එක මිනිහෙක් වත් ඉතිරිවෙලා හිටියොත් අන්නේකයි උන් වෙනුවෙන් මගේ එකම පැතුම.

වාහනයක් ගමුද?

මෙය මීට වසර හයකට පමනදී ලියන ලද ලිපියක් බව සලකන්න.

තමාගේම කියා මෝටර් රථයක හිමි කරුවෙකු වීම ඕනෑම කෙනෙකුගේ සිහිනයකි. එහෙත් එම සිහිනය සැබෑ කර ගන්නා බොහෝ දෙනා තම රථය තෝරා ගන්නේ තම අවශ්‍යතාවයට සරිලන ලෙස නොව සමාජයේ මිනිසුන් අතර පවතින පුහු මතවාද වලට අනුව වේ.එනම් ප්‍රදාන වශයෙන් තමාගේ තත්වය උසස් ලෙස පෙන්වීමට හා වෙනත් කෙනෙකු දෙස බලා ඔහු අනුගමය කිරීම මගින් වේ..මේ මගින් අනවශ්‍ය කරදර රාශියක් ඇතිකර ගන්නා අතර .අවසානයේ සිදුවනුයේ අසාවෙන් මිලදී ගත් මෝටර් රථය රථයේ ජිවිත කාලයෙන් වැඩි කොටසක් නිවසේ ගරාජය තුල තබා තමන්ට හැකි අත්‍යවශ්‍ය අවස්ථාවල පමණක් එය පාවිච්චි කිරීමට සිදු වීම වේ.. එමෙන්ම අනවශ්‍ය ලෙස නඩත්තුවියදම් දැරීමටද එමගින් සිදුවේ.අද මෙම ලිපියෙන් කතාකරනුයේ තමාගේ අවශ්‍ය තාවය සරිලන තමාන්ට ගැලපෙන මෝටර් රථයක් තෝරා ගන්නේ කෙසේද යන්නයි.

මෙහිදී ඔබ මුලින්ම සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ ඔබ මිලදී ගන්නා මෝටර් රථය කුමන ඉන්දනයකින් දාවනය වන්නක්ද යන්නවේ. අද ශ්‍රීලංකාව තුල බහුල වශයෙන් භාවිතා වන මෝටර් රථ වන්නේ පෙට්‍රල්,ඩීසල්, සහ හයිබ්‍රිඩ් මෝටර් රථ වේ. මේ සම්බන්දයෙන් දිගු කාලයක පටන් සමාජයේ පවතී එන ප්‍රධාන මතයක් වෙන්නේ ඩීසල් මෝටර් රථ වඩාත් ලාබදායි මෝටර් රථ වන බවයි.එයට ප්‍රදාන හේතුව ඩීසල් ඉන්දන මිල පෙට්‍රල් ඉන්දන වලට වඩා මිලෙන් අඩු වීම වේ. මේ නිසා ඩීසල් මෝටර් රථ සදහා වෙළද පොලේ ඉහල ඉල්ලුමක් නිර්මාණය වී තිබේ. එහෙත් ඉන්දනය මිලෙන් අඩු වූ පමණින් මෝටර් රථය ලාබදායි වන්නේ නැත.එය කොතරම් ලබදායිද යන්න තිරණය වන්නේ ඔබ එය බවිතා කිරිමේදී එමගින් ඉටුකරගත් කාර්යට සාපේක්ෂව ඔබ වියදම් කළ මුදල මත වේ. එනම් රථය බාවිතා කරනුයේ පවුලේ ප්‍රයෝජනය සදහා මසකට දින කීපයක් පමණක් නම් ඔබට ඩීසල් මොටර් රථයක් සුදුසු නැත ඔබට වඩාත් මෙහිදී ඔබට වඩාත් සුදුසු වන්නේ පෙට්‍රල් මෝටර් රථයක් වේ.එයට හේතුව ඉන්දනය ලබදායි වුවත් ඩීසල් මෝටර් රථයක් සදහා නඩත්තු වියදම පෙට්‍රල් මෝටර් රථයකට සාපේක්ෂව වැඩි වේ. ඩීසල් එන්ජිමක ගෙවීමේ සිග්‍රතාවය පෙට්‍රෝල් එන්ජිමකට වඩා වැඩි වෙන අතර ..එන්ගිමේ බර හා ශබ්දය වැඩිවන අතර සැප පහසු බව අඩු වේ ..(නවීන common rail diesel engine සදහා මෙය අදාල නොවේ.). එන්ගිමේ බර වැඩි බැවින් suspension පද්දතියේ දෝෂ ඇතිවීම පෙට්‍රල් එන්ජිමකට වඩා වැඩි වේ.ඩීසල් රථ සදහා වැඩි ඇම්පියර් ගණනක බැටරියක් යොදා ගත යුතු බැවින් බැටරිය මාරු කිරීමේදී විශාල වියදමක් දැරීමට සිදුවේ.. engine oil වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වන බැවින් සාමාන්‍ය සේවා වාරයේදී engine oil සදහා යන වියදම වැඩි වේ. මෙම කරුණු සියල්ල සලකා බැලු විට ගෙදර අවශ්‍යතා සදහා පමණක භාවිත වන නිතර ධාවනය නොවන අයෙකුට ඩීසල් රථයකින් ඉටුවෙන කාර්ය වියදමට සාපේක්ෂව අඩු වේ.එවැනි අයකු සදහා වඩාත් සුදුසු වන්නේ පෙට්රෝල් මෝටර් රථයකි. එහෙත් ව්‍යාපාරික කටයුතු කරන අයෙක් නම් දිනකට වැඩි කිලෝමීටර් ගනනක් රථය ධාවනයේ දේ නම් ඒ සදහා ඩීසල් රථයක් වඩාත් සුදුසු වේ.එයට් හේතුව රථයේ නඩත්තුවට වැය කල ප්‍රමානයට වඩා වැඩි මුදලක් රථය මගින් ඔබට උපයා දෙන බැවිනි.

රථයේ ස්වබාවය අනුව මෝටර් රථයක් තොර ගැනීම.

මෙහිදී ඔබේ වැඩ කටයුතුවල ස්වබාවය අනුව ඔබේ පවුලේ ස්වබාවය අනුව රථය තෝරා ගත යුතුය..වෙළදපොලෙහි මෝටර්රථ මාදිලි කීපයක් ඇත. ඒවානම් sedan , hatchback, coupe, wagon . ඔබ වැඩි වශයෙන් ගමන් බිමන් යනු ලබන්නේ පවුලේ සියලු දෙනා සමග නම් සහ දුර ගමන් යන්නේ නම් ඔබට වඩාත් සුදුසු වන්නේ sedan වර්ගයේ මෝටර් රථයකි.එනම් දොර හතරක් සහිත පිටුපසට දික්වී ඇති ඩිකියක් සහිත රථ වේ( උදා- toyota vios) . ඔබ පවුලේ අයත් සමග නිතර ගමන් කරන්නේ මාර්ග තදබදය සහිත නාගරික ප්‍රදේශයක නම් hatchback රථයක් සුදුසු වේ කාන්තාවන් සදහාද මෙය වඩාත් සුදුසුවේ.එනම් දොර හතරක් සහිත ඩිකිය පසුපසට දික් වී නැති කුඩා රථ(උදා- suzuki alto). ඔබේ පවුලේ සිටින්නේ දෙදෙනෙක් පමණක් සහ sports වර්ගයේ මෝටර් රථයකට ඔබ කැමැත්තක් දක්වන්නේ නම්. ඔබට coupe මාදිලියේ රථයක් වඩාත් සුදුසු වේ.එනම් දොර දෙකක් පමණක් සහිත රථ (උදා-. mazda AZ3) . ඔබ පවුලේ අය සමග බදු බාහිරාදිය හෝ සුරතලුන් රැගෙන නිතර ගමන් බිමන් යන්නේ නම් ඔබට.වඩාත් සුදුසු වන්නේ wagon රථයකිඑනම් දොර 5ක් සහිත පිටුපස අමතර ඉඩ කොටසක් ඇති රථ වේ(උදා- nissan wingroad ).

රථයේ එන්ජින් ධාරිතාව අනුව රථයක් තොර ගැනීම.

විවිද එන්ජින් ධාරිතා සහිත මෝටර් රථ වෙලදපොලේ දක්නට ලැබේ..බොහෝ අය ඉන්දන පරිබෝජනය අවම වනවා යයි කියා බොහෝ විට අඩු එන්ජින් ධාරිතාවක් සහිත රථ මිලදී ගැනීම සිදු කරති.එහෙත් එහි වාසිය අපිට ලැබෙනුයේ ඔබ රථය බවිත කරන ආකාරය අනුව වේ.ඔබ දිනපතා මෝටර් රථයෙන් ගමන්කරන් අයෙක් නම් .බෝහෝ විට රථයේ ගමන් කරන්නේ ඔබ පමණක් නම් අඩු ධාරිතාවක් සහිත රථයක් ඔබට සුදුසු වනවාසේම ඉන්දන මගින් මුදල් ඉතිරියද සිදුකරයි.එහෙත් ඔබ සැමවිටම කීපදෙනෙක් සමගින් රථයේ ගමන් කරන්නේ නම් ඔබට සුදුසු වන්නේ වැඩි එන්ජින් ධාරිතාවයෙන් යුත් මෝටර් රථයකි.එයට හේතුව රථයේ බර මගින් එන්ජිමට යෙදෙන භාරය වැඩිවෙන විට ඉන්දන පරි බෝජනය ඉහල යාම සිදුවේ.උදා හරණයක් ලෙස 800 cc එන්ගිමක් සහිත රථයක හා 1500 cc එන්ගිමක් සහිත රථයක මගින් 4 දෙනෙකු සමග ගමන් ඇරඹීමේදී 1500 cc එන්ජිම සහිත රථයට වඩා වැඩි කාලයක් 800 cc රථය පළමු ගියරයේ ධාවනය කල යුතු වේ .එවිට අවසානයේ මුළු ඉන්දන පරිබෝජනය බැලුවහොත් මගින් හතර දෙනෙකු යාමේදී 800 cc එන්ජීමේ ඉන්දන පරිබෝජනය 1500 cc එන්ජිමට සාපේක්ෂව වැඩිවේ.එමෙන්ම ආරක්ෂාව අතින්ද වැඩි එන්ජින් ධාරිතාව සහිත රථයක් ඉදිරියෙන් සිටි .එයට හේතුව වෙනත් රථයක් ඉස්සර කිරීමේදී ඉතාම අඩු කාලයකදී ඉස්සරකිරිමට වැඩි එන්ගින් දාරිතාව සහිත රථයකට හැකියාව තිබේ .එවිට පටු මාර්ගයක වුවද ඉදිරි පසින් එන රථයක ගැටීමට ඇති හැකියව අවම වේ.

ගියර් පද්දතිය අනුව රථය තෝරාර ගැනීම.

අද වෙළද පොලේ ඇති මෝටර් රථ වල මැනුවල් ගියර් ,ඔටෝ ගියර් , ට්‍රිප් ට්‍රොනික් යන ගියර් වර්ග බහුලව බවිත වේ.මෙහිදී ඔබ ගියර් මාරු කරමින් විවිදත්වයක් සහිතව රථය පැදවීමට කැමති අයෙක් නම් හා නිතර අඩු දුරක් දාවනය කරන අයෙකු නම් .ඔබට සුදුසු මැනුවල් ගියර් සහිත රථයකි .එසේම ඔබ ගියර් මාරුකිරීමට මැලි කමක් දක්වන්නෙක් නම් නිතර දාවනය කරනුයේ මාර්ග තද බදය සහිත ප්‍රදේශයක නම් ඔබට ඖටෝ ගියර් රථයක් සුදුසු වේ.මෙහි ඇති තවත් වාසියක් නම් මැනුවල් රථයක මෙන් ක්ලච් බැලන්ස් කිරීමට අවශ්‍ය නොවීමයි. එහෙත් ඔටෝ ගියර් රථයක් සේවා කිරීමේදී මැනුවල් රථයකට වඩා වියදම මදක් වැඩිවේ.. ඔබට අවශ්‍ය නම් මැනුවල් ගියර් මාරු කිරීමට හා අවශ්‍ය නම් අවස්ථාව අනුව ස්වයන්ක්‍රියව ගියර් මාරු කිරීමට ඔබට සුදුසු වන්නේ ට්‍රිප් ට්‍රොනික් ගියර් සහිත මෝටර් රථයකි.

මෙම කරුණු වලට මතරව ඔබ මිලදී ගන්නා මෝටර් රථයට අවශ්‍ය අමතර කොටස් පහසුවෙන් සපයා ගත හැකිද යන්න සහ එයට් අවශ්‍ය තාක්ෂනය සහිත සේවා ස්ථානයක් ඔබ ප්‍රදේශයේ තිබෙනවද යන්නද සැලකිලිමත් විට යුතු කරුණකි.නැතහොත් ඔබේ වටිනා මෝටර් රථයේ සුළු දෝෂයක් නිවැරදි කර ගැනීමට ගොස් කාර්මිකයාගේ අතපසු වීමකින් විශාල දෝෂයක් ඇති වීමට ඉඩ ඇත.එමෙන්ම අලුතින්ම නිෂ්පාදකයා විසින්හදු දුන් මෝටර් රථ ගැනීමේදී සැලකිලි මත් විය යුතුය.හේතුව අලුත්ම මෝටර් රථයක් නිපද වූ විට නිෂ්පාදනයේ දී ඇතිවිය හැකි දෝෂ වැඩි ප්‍රමාණයක් තිබිය හැකි බැවිනි.. නිෂ්පාදකයා අවට පිළියම් යොදන්නේ පසු විපරුමකින් පසුව වේ.

එමෙන්ම හියිබ්‍රිඩ් රථයක් මිලට ගන්න සිතන්නේ නම් ඔබ එකදීගට දාවනය වන දුර ප්‍රමාණය ගැන සැලකිලිමත් විය යුතුය.එක දිගට අඩු දුරක් දාවනය වන්නේ නම් හයිබ්‍රිඩ් රථයකින් ගත හැකි වාසිය ඔබට ලබාගතහැකි වනේ නැත.අනෙක් කරුණ නම් ලංකාවේ හබ්රිඩ් රථ රැල්ලක් නිර්මාණය වී තිබුනද ..හයිබ්‍රිඩ් රථ නිර්මාණය කර ඇත්තේ ප්‍රදාන වශයෙන් ඉන්දන අරපිරිමැස්ම ඉලක්ක කර ගෙන නොව .සියලුම හයිබ්‍රිඩ් නිෂ්පාදකයන්ගේ ඉලක්කය වන්නේ අවම පරිසර දුෂණයක් සහිත මෝටර් රථ නිපද වීම වේ.එනම් green technology යන සංකල්පය උදෙසා වේ.මෙයට හේතුව ලංකාවේ මෙය ගැන එතරම් සැලකිල්ලක් නොදැක්වුවත් යුරෝපා රටවලදී ඔවුන්ගේ පරිසර පනත්වලට අනුව මෙමෙ මෝටර් රථ ඔවුන්ගේ රටවලට ආනයනය කිරීම සදහා රථයේ ගුණාත්මක භාවය පිළිබද සම්මත ඇත.යුරෝපයේ මේ සදහා Euro i ,Euro ii, Euro iii ලෙසද අසල්වැසි ඉන්දියාවේ Barat i ,Barat ii යනුවෙන්ද හදුන්වනු ලැබේ.එහිදී පෙට්‍රල් ඉතිරිය මෙමගින් ලැබෙන අතුරු පලයක් වේ.එහෙත් මෝටර් රථ නිෂ්පාදකයා තමාගේ රථයේ වටිනාකම වැඩිකර පෙන්වීම උදෙසා පෙට්‍රල් ඉතිරිය උලුප්පා දක්වනු ලැබේ.ඔබ නිතරම මෝටර් රථය භාවිත කරන එක දිගට වැඩි දුරක් ගමන් කරන අයෙක් නම් ඔබට හයිබ්‍රිඩ් රථයක් වඩාත් සුදුසු වේ.නිතර අඩු දුරක් ධාවනය කරන්නෙක් නම් ඔබට මෙය වඩාත් සුදුසු නොවන්නේ..මෙම රථවල මෝටරය ක්‍රියාත්මක කරවීමට ඇති බැටරිය සදහා සිමිත ආයු කාලයක් ඇත.මෙම කාලයෙන් පසු නැවත බැටරිය මාරු කල යුතු වෙයි ..මෙම බැටරිය සැලකිය යුතු ඉහල මිලක් වන අතර .වසර කීපයකින් ඔබ බැටරිය නැවත යෙමේදී ඔබට වැයවන මුදල ඉන්දන මගින් ඉතිරිකර දුන් වියදමට සාපේක්ෂව වැඩි මුදලක් විය හැකිය.

මෝටර් රථයක් මිලදී ගැනීමේදී ලංකාව තුල ඇති තවත් මතයක් නම් යුරෝපිය වාහන සදහා ඇති ඉල්ලුම අඩු බව වේ.මෙය මිට වසර දහයකට පමන පෙරදිනම් මේ සදහා සාදාරණ හේතුවක් තිබිණ. එනම් යුරෝපිය මෝටර් රථ නිෂ්පාදනය කරනුයේ ඉතාමත් ඉහල තාක්ෂණයකින් යුක්තව වන අතර. ජපන් මෝටර් රථයක option ලෙස එන කොටස් .යුරෝපිය රථවලදී සියලුම රථවල සාමාන්‍ය basic කොටස් වේ.එමනිසා මෙම ඉහල තාක්ෂණයෙන් යුත් මෝටර් රථ සේවා කිරීමේ අපහසුවක් පෙර පසු ගිය වසර වලදී ක්ෂත්‍රයේ තිබිණි.මක්නිසාදයත් ඇතැම් රථවල නිවැරදි ලෙස බැටරිය පවා මාරු කිරීම නොකළහොත් නැවත රථය පන ගැන්වීම සදහා අන්තර්ජාලය හරහා මෝටර් රථය මවු සමාගම සමග සම්බන්ද කල යුතු වෙන අවස්ථා ඇත.එහෙත් දැන් එම තාක්ෂණයද ලංකාව තුලද දියුණුවට පත්වෙමින් ඇත. මෙමෙ යුරෝපිය රථ වල අමතර කොටස් මිලෙන් අදික උවත් ඒවායේ ගුණාත්මක බවය ඉහල බැවින් මාරු කිරීමට සිදුවනුයේ ඉතාමත් අඩුවෙනි.
මෙවැනි කරුණු සලක බල ඔබට වඩාත්ම සුදුසු කුමන වර්ගයේ රථයක්ද යන්න තොර ගැනීමෙන් .ඔබේ වටිනා මුදලුත් රථයත් යන දෙකම ආරක්ෂා කර ගත හැක..

Create a free website or blog at WordPress.com.

Up ↑