ලෙනාඩ් වුල්ෆ් මහත්තයගෙ the village in the Jungle කියන පොතේ  වනාන්තරයකින් වටවුනු පොඩි ගමක් සහ ඒ ගමේ මිනිස්සුන්ගෙ ජීවන රටාව ගැන හරි අපූරු කතාවක් කියවෙනව…

වෘල්ෆ්ගෙ කාලෙ වනාන්තරයක් මැද පුංචි ගමක් කියන්නෙ කොයි වෙලෙත් ගහ කොල සතාසිවුපාව විසින් ගිල ගන්න උත්සහ කරන ගමේ මිනිස්සු විසින් කැති ගාල එලිපෙහෙලි කරගෙන අඩියෙන් අඩිය ගෙට එන කැලෑවට ගේ ගිල ගන්න නොදී අමාරුවෙන් රැකගත්ත පුංචි ඒකකයක් නැත්නම් යුනිට් එකක්..

පිටස්තර ලොකයක් එක්ක සන්නිවේදනයක් සම්බ්නදතාවයක් තොරතුරු ජාලයක් නැති ඔය වගේ ගම් වල  මිනිස්සුන්ගෙ පරිකල්පනය හැදිල තියෙන්නෙ බුද්ධියට වඩා හැගීම් එක්ක..ඒ නිසාම ඒ වගේ තොරතුරු වලින් අල්ප පරිකල්පනයයෙන් අඩු හුස්ම ගන්න නිසා, කෑම කන නිසා, ප්‍රජනනය කරන නිසා මිනිස්සු වෙච්ච  දඩයමකින් බඩ වියත රැක ගන්න කතා නායක සිළිඳු වගේ ගම්මු නිසා පුංචි මැනිකලා හැමදාම පීඩා වින්ද.

බැද්දේගෙමේ කියන විදියට “එක පහරට එක දවසකට ගමේ තිබූගෙවල් දහයෙන් එකක් නැති විය”

මට දැන් ඔය පොතේ තියෙන දේවල් හරියට මතක නෑ හේතුව මම ඕක කියවල දැන් අවුරුදු පහලවක් විතර වෙලා..ජනකාන්ත කෘතහස්ත පොතක් උනත් ඒක ආයෙ කියවන්න දැන් නම් කොහොමත් හිතක් නෑ මට ඒක දැනෙන්නෙ සෑහෙන නෙගෙටිවු වයිබ් එකක ෆීලින්ස්  දෙන පොතක් විදියට.

වැරදි පරිසරයක වැරදි මිනිස්සු එක්ක ගමක් කියන වටිනා ඒකකයක් උනත් විනාස වෙන හැටි ගම්මුලාදෑනිය පවා හැඳිගෑවිල යන හැටි කියවල කර්කශ කාශ්ඨක හැගීමක් ගන්න ඕන නම් කියවන්න ද විලේජ් ඉන් ද ජංගල් සිංහල අනුවාදය බැද්දේගම ..

උඩ ටික ලිව්වෙ නිකං

පහල ලියන්නෙ මං ආස කරන වයිබ් එකේ රියල් ස්ටෝරි එකක්..

අවුරුදු ගානකට කලින් මං GP turbo එක ස්ට්‍රීට් රේස් වලට ටියුන් කරල දිවුවට පස්සෙ මට කියල කාර් ටියුන් කර ගන්න සෑහෙන පිරිසක් ආව..ආවෙ නැතත් නහුතයක් කෝල් කරා..

එහෙම වෙන්න හේතු කීපයක් තිබ්බ එකක් මං ටියුන් කරපු කාර් දෙක තුන ඩ්‍රැග්ස් වල සෑහෙන හොඳට දිව්ව.. අනික මං ඒ කාලෙ අලුතෙන් ෆීල් එකට ආපු ඩෑල් එකක් නිසා එතකොට තිබ්බ රෙපියුටඩ්  ටියුනින් ශොප් වල ලොකු ගානක් දීල හදනවට වඩා වැඩි දෙනෙක් මාව මුරුංගා වුක්ශනය කරවල එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරා ගන්න චාංස් එකක් හෙව්ව….

එතකොට ඔය පදුරට පයින් ගැහුවත් විසිවෙන තරම් ටියුනින් ශොපුයි ටියුනර්ස්ලයි හිටියෙත් නෑ නෙව..තිබ්බෙ කීපයයි ඒවත් ලංකාවෙ නම ගියපු පෆෝමන්ස් ගරාජ් වගේම ඒ වයෙ හිටියෙ ඇත්තටම සුපිරි වැඩ්ඩෝ..

ඒ කාලෙ බහුතරය රේස් දිව්වෙ ආත්ම තෘප්තිය වෙනුවෙන්  සෙට් වෙලා නයිටි ලයිෆ් එක තමන් ආස කරන විනොදාංශය එක්ක ගෙවල කොලු කාලෙ ජීවිතේ ගන්න තියෙන ආතල් ගන්න.

ඔය කාලෙ මම ටියුන් කරපු STI 8එකක් එක්ක හැමදාම ස්ට්‍රීට් රේස් දුවපු STI 7 එකක් තිබ්බ..

බ්ලොබ් අයි එකයි බග් අයි එකයි දුවන එක කියන්නෙ  කවුරු දින්නත් පැරදුනත් ස්ට්‍රීට් රේස් බලන්න එන අය හැමෝම සතුටු කරපු  සැහෙන පිරිසක් බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝගෙම ඇඩ්‍රනලින් හෝමෝන් ලෙවල් එක වැඩිකරපු රේස් එකක්..

මම වාහන වාලට කොච්චර ආස උනත් කොච්චර වාහන හැදුවත් මට ගලේ කෙටූඅකුරු වගේ මතක තියන වාහන තියෙන්නෙ අතේ ඇගිලි ගානටත් අඩුවෙන් මොකද මම හැමදේම ඒ මොහොත විඳල ඒක එතනින් ඉවර කරනව.

හැබයි ඔය බග්  අයි එක තමයි මගේ වර්ශොප් එකේ වැලි ඇටයක් වත් පෑගිලා නැති ,වෙන කෙනෙක්ගෙ  ශොප් එකක ටියුන් කරපු මගේ සොඳුරුතම ප්‍රතිවාදියා.. අපි හැමෝටම ඉන්නව අපිට විරුද්ධ උනත් අපි ආස කරන පර්සනලිටි එකක්.

ඒකටත් විශේශ හේතුවක් තිබ්බ..එතකොට ඔය බග් අයි එකේ හිමිකරුටත් කෝක එක්ක රේස් එකක් දුවමු කිව්වොත් නෑ බෑ කියන්න හේතු තිබ්බෙ නෑ…
දුවමු කිව්වොත් දිව්ව .

ගොඩක් කාර්වලට (හැමෝම නෙමෙයි) රේස්  එකකට කතාකරොත් රෑට ජිංකි ජිකා කරන්න මිනිහ ගෑනිට ඇඳට කතාකරාම ගෑනිට  බෑ කියන්න තියෙන හේතු වගේම රේස් එකක් නොදුව ඉන්නත් ඒ කාලෙ හේතු ලිස්ට් තිබ්බ..

බාගෙදා ඒ අයට පොඩි අවුලක් තියෙන්න ඇති මුං වගේ අලුත ආපු හුජ්ජ කොල්ලො හදපු කාර් එක්ක මොන ස්ට්‍රීට් රේස්ද කියල.. ඒක එයාලගෙ කැමත්ත..

ඒ  විදියට එවකට තිබ්බ ටියුනින් ගරාජ් අතර ස්ට්‍රීට් රේස් වල සීතල යුද්දයක් ඇතිවෙද්දි ඔතනින් පොඩි පිරිසක් මේක ස්පෝට් එකකින් ෆන් එකකින් එහාට ගිහින් ගරාජ් ගරාජ් අතර කැපිලි කෙටිලි කේලම් එහෙමත් අරං ගිහින් කියල කනින් කොනින් ආරංචි උනා….

මම සාමාන්‍යෙන් කාත් එක්කවත් ලොකුවට ෆිට් වෙන්න කතා බහ කරන්න යන්නෙ නැති මගේ සීමාවෙ ඉන්න කෙනෙක් නිසා   ඔය කයි කතංදර එක්ක මං හෙන ඔලුව උදුම්ම ගත්ත පඩත්තලයෙක් කියල මිනිස්සුන්ට හිතන්න සෑහෙන හේතුවකුත් තිබ්බ..

අහවලා ලග පාර්ට් තියෙනව එතෙන්ට යන්න කියල යවුවට..අදාල කෙනාට කෝල් කරල මම අහවල් දේ ගන්න කෙනෙක් එව්ව  මට මෙච්චරක් තියන්න කියල කෝල් කරල කියන්නවත් කතා කරන්නෙ නැති නිසා ඔය මම ගැන ෆීල්ඩ් එකේ හදල තිබ්බ ඉමේජ් එක බහුතරය ජස්ටිෆයි කරල තිබ්බ ඒ කාලෙ..

කතාව වෙන පැත්තකට යනව වගේ..
ආයෙ බග් අයි එකේ කතාවට යමු..

මම ඔය රේස් සීන්එකෙන් පොඩ්ඩක් පැත්තකට වෙලා පාඩුවෙ ඉද්දි පස්සෙ ආරංචි උනා ස්ට්‍රීට් රේස් වල හැමොටම ආතල් ඉවන්ට් එකක් දීපු බග් අයි එක කාර් ඇන්ඩ් රයිඩෙර් කොම්බිනේශන් එක වෙන් වෙලා කාරෙක විකිනුව කියල..

ඊටත් අවුරුදු ගානකට පස්සෙ මගේ හොදම  බොක්කක් මට බග් අයි එකක ෆොටො එකක් දාල තිබ්බ මචං මේ කාරෙක  ගැන උබ දන්නවද මට මේක ගන්න ආසයි කියල..

ෆොටෝ එක බැලුවම මෙන්න අර මගෙ පරණ සොඳුරු ප්‍රතිවාදියා..හැබයි පාට වෙනස් වෙලා තිබ්බා..
මමත් ඉතිහාසෙ සහ කාරෙකේ තරම  දැනගෙන හිටපු නිසා සහ මගේ හිතේ ඒ ගැන් තිබ්බ පැහැදීම සහ හැඟීම බුද්ධියට  පිටුපාල..යාලුවට කිව්ව සුපිරි බාන්ඩයක් මචං කිසි අවුලක් නෑ ගනින් කියල ..

යාලුවත් හරි උඹ කියනව නම්  මං ඇඩ්වාන්ස් කරන්නම් කියල ඇඩ්වාන්ස් කරා..මට කොලඹින් පිට ටික දවසක් ඉන්න උන නිසා වහනේ බලන්න යන්න මට බැරි උනා..

දාල තිබ්බ එන්ජින් රෙපෙයාර් විස්තර එක්ක මං විශ්වාසෙන් කිව්ව ඕක හොද කාරෙකක් උබ ගිහින් ගනින් අඩුපාඩු මම හදල දෙන්නම් කියල..

යාලුව කාරෙක ගෙනාව.

මටත් පට්ට හැපි.. මං ගොඩක් ආස කරපු මගෙ ලයිෆ් එකේ හැරවුම් ලක්ශෙකට වක්‍රව දායකත්වය දුන්න  යක්ශාවේශයක් තියෙන සොඳුරු ප්‍රතිවාදියා මගේ වහල යටට එනව කියන එක ටියුනර් කෙනෙක්ට අමුතුම ලෙවල් එකක ආතල් එකක්..

හැබැයි ආතල් වැඩි දවස් තිබ්බෙ නෑ මිත්‍රෝරුනි මම කොලබ ආවට පස්සෙ කාරෙක අරන් දවස් හතරකින් යාලුව මට කාරෙක පෙන්නන්න අරන් එද්දි බස් එකකට ඉස්සර කරන්න ගිහින් එන්ජිමේ බෙයාරින් කෙල වෙලා තිබ්බ.. ගලවල බැලුව ක්‍රෑන්ක්  එකත් මැක්සිමම් ලිමිට් එක පයින්න කැපිල..

මට හික් ගෑවුනේ උගත් පාඩම් නිසා සල්ලි කියක් දෙනව කිව්වත් කාටවත් වහන බලන්න යන්නෙ නැති මම වහන ගැන රෙකමන්ඩ්ටේශන් දෙන්නෙ නැති මම
මගේ  හොදම යලුවෙක්ට දීපු රෙකමන්ඩ්ටේශන් එකට මොකද උනේ කියල..

ඇත්තටම කාරෙක දැක්ක්ම තමා තේරුනෙ මං බලාපොරොත්තු වෙච්ච සොදුරු යක්ශයාගෙ දතුත් කීපයක් ගලවල කියල.. ඔරිජිනල් රෙජිස්ටඩ්  WRX එකක් වෙච්ච මේකෙ තිබ්බ 207 SPEC C කන්වර්ශන් එකෙන් ECU එක මිසින් STI මීටර් ක්ලස්ටර් එක මිසින් STIසීට් සෙට් එක මිසින්  බොඩි කන්ඩිශන් ටිකක් අවුල්..එන්ජින් ECU එක ඇරෙන්න අනික් කිසිම ECU එකක් එක්ක කමියුනිකේශන් නැහැ.ඒව එහෙම  වෙන්න හේතු දැන් හොයල වැඩකුත්  නෑ.

මම දන්න කාරෙකත් එක්ක මේ ගෙනත් තිහෙන්නෙ සමූහ දූශනයකට ලක් උන අපේ ප්‍රතිවාදියා..

එතනින් එහාට කතා කරල වැඩක් නෑ… මිනිවල වලක් ගොඩ දැම්ම කියල වැඩක් නෑ උනේ කොහොමද කවුරු අතින්ද කියල හොයල වැඩක් නෑ.  දැන් වියයුතු දේ  ආයෙ මම දැනගෙන හිටපු කාරෙකේ තත්වෙට ආයෙ ගේන එක..

හැබැයි මට හැමදාමත් වාසනාව තිබ්බ.එනකොයි තරම් බරපතල ප්‍රශ්නයක් ආවත් මට ඒක විසඳගන්න නොහිතන මිනිස්සුන්ගෙනුත්  සපෝට් එක ලැබෙන එක..ඒක සමහර විට දෛවය විසින් දීපු දෙයක් වෙන්නත් පුලුවන්.

යාලුව කිව්ව ..ඕක අවුලක් නෑ මචං සුබරු ගන්නෙ පදින්න මිසක් ලොටන්න නෙමෙයිනෙ  අපි ඕක කොහොම හරි ගොඩ දාමු කියල….පටං ගත්ත ප්‍රොජෙක්ට් එක..  මේ වෙද්දි පලවෙනි ස්ටෙප් එක ගොඩ ඒ කියන්නෙ එන්ජිම බෙයාරින් දාල ආයෙ රී බිල්ඩ් කරල ගොඩ දා ගත්ත දැන් දෙය්යනේ කියල පාගල ගන්න පුලුවං..

විශේශයෙන් කියන්න ඕන එන්ජිම  ගොඩදා ගන්න ලංකාවෙ සුබරු හදන්නන්ගෙ ගෝඩ් ෆාදර් රෙප්ලිකා ස්පීඩ් නිලංක අයියා දීපු සපෝට් එක. බ්‍රෑන්ඩ් නිව් කන්ඩිශන් ස්ටෑන්‍ඩර්ඩ් ක්‍රෑන්ක් එකක් දීල තව අඩුපාඩු තියෙනව නම් කියන්න කියල සුපිරි සප් එකක් දුන්න..ඊලගට ACL රේස් බෙයාරින් ජෙනුයින් ඔයිල් පම්ප් දීපු නදුන් ..

මේ අය නැත්නම් ලොවෙත් මේක ගොඩ දාගන්න වෙන්නෙ නෑ.. හදන්න ගිහින් වෙච්ච දේවල් වෙනම කතාවක් ලිව්වැකි ඒත් ඕන නෑ.

තව ඉවර නෑ වැඩ තියෙනව ස්පෙක් C ecu එක ක්ලස්ටර් එක සීට්ස් බොඩි වර්ක්ස්  මේ ඔක්කොම ආයෙ මුල් තත්වෙට ගන්න …

කොහොම උනත් ආයෙ පරන යකාට පණ දෙනව..මොකද ඒ කාලෙ ප්‍රතිවාදී පිලේ හරි ඕව නොතිබ්බ නම් අද  මම ගැන දන්න මිනිස්සු සෑහෙන අඩුවෙන්න තිබ්බ…

ඒත් කා එන්තූසිස්ට් කෙනෙක් විදියට මම තාම උත්සහ කරනව  දැන්  පෆෝමන්ස් කාර් කමියුනිටි එකේ ඉන්න කා එන්තූසියස්ලව තේරුම් ගන්න..

ස්පාර්ක් ප්ලග් චෙක් කරන්නෙ කොහොමද?

අපි මුලින්ම බලමු ස්පාර්ක් ප්ලග් එකක් කියන්නේ මොකක්ද කියලා

අභ්‍යන්තර දහන එන්ජිමක් ක්‍රියාත්මක වීමට අවශ්‍යතා තුනක් ඕන වෙනවා

1) ඉන්ධන
2) ඔක්සිජන්
3) ජ්වලන උෂ්ණත්වය

මේ සාධක තුනෙන් ඉන්ධනය පෙට්රල් විදිහට අපි එන්ජිමට ලබාදෙනව

ඔක්සිජන් අපේ වායුගෝලයෙන් එන්ජිමට උරාගන්නවා

ජ්වලන උෂ්ණත්වය ඇති කිරීම සඳහා විද්‍යුත් පුලිඟුවක් ඇති කරලා ඒ පුළිඟුව ස්පාර්ක් ප්ලග් එක තුළින් එංජිමට ලබා දීම සිදු කරනවා..

දැන් බලමු ස්පාර්ක් ප්ලග් එකක් නිර්මානය වෙලා තියෙන්නෙ කොහොමද කියලා.රූපය තියෙන්නේ ස්පාර්ක් ප්ලග් එකක් නිර්මානය වෙලා තියෙන ආකාරයෙ හරස්කඩක්

1 Insulater

Insulater එක මගින් කරන්නේ හතලිස් දහසකට ත් ඉහල වන ignition voltage (40000v) එක ස්පාර්ක් ප්ලග් එකෙන් පිටතට කාන්දු නොවී combustion chamber එක දක්වා ගමන් කරවීමේදී බාහිරට පරිවාරකයක් ලෙස ක්‍රියා කිරන එක.

ඇලුමිනා කියන සංයෝගයෙන් aluminium oxide (Al2O3) වලින් හදලා තියෙන මේකෙ විශේෂ ගුණාංග තමයි ඉහළ උෂ්ණත්වයකට ඔරොත්තු දීමේ හැකියාව ඉතාම ඉහළ විද්‍යුත් ප්‍රතිරෝධිතාවක් තිබීම, ඉතාමත් ශක්තිමත් බව. (සංශුද්ද මූලද්‍රවයක් විදියට ඇලුමිනියම් හොද සන්නායකයක් උනාට සංයෝග හදද්දි ඇලුමිනියම් අමුතු හැසිරීම් පෙන්නනව ඈ..)

2 Terminal

terminal එකෙන් කෙරෙන්නේ ignition coil එක මගින් උත්පාදනය කරන high tension වෝල්ටේජ් එක ස්පාර්ක් ප්ලග් එකට පහසුවෙන් ගමන් කිරීම සඳහා කොයිල් හා සම්බන්ධතාවය ඇති කර ගැනීම

3 Packing

මේ මගින් කෙරෙන්නේ ස්පාර්ක් ප්ලග් එක එන්ජිමට සවි වන ලෝහ කොටස් හා ඇලුමිනා වලින් සෑදුනු ඉන්සුලේටර් කොටස දැඩි ලෙස එකිනෙක සම්බන්ධ කිරීම සහ combustion chamber එකේ සිට spark plug එකට බලපාන සිලින්ඩර පීඩනය කාන්දු නොවෙන්න සීල් කරල තබාගන්න එක.

4 Center shaft

ලෝහමය සංයෝගයකින් සෑදී තිබෙන මේකෙන් කෙරෙන්නේ අධි වෝල්ටීයතාවය center electrode දක්වා ශක්ති හානි නොවන ලෙස රැගෙන යාම

5 Housing

ඉන්සුලේටර් එක හා සම්බන්ද වෙලා ලෝහ වලින් සෑදුනුමෙම කොටසින් ප්ලග් එක එන්ජිමට සවි කිරීම සිද්ධ වෙනවා.ඒ වගේම පුලිඟු පැමිණීමට අවශ්‍ය කරන ground electrode එක නිර්මාණය කරලා තියෙන්නෙත් මේ හවුසින් එකෙන්මයි

6 Glass seal

සිලිකන් (Si) අඩංගු සංයෝගයකින් නිර්මාණය කරලා තියෙන මේක සෙන්ටර් ශාෆ්ට් එකයි ඉන්සුලේටර් එක අතර වාතය මගින් පුලිඟුවට9 ඇතිවන භාදා අවම කරන්න සහ ඉතාමත් ඉහළ උෂ්ණත්වයකට රත් වෙන center shaft සහ center electrode කොටස ප්‍රසාරණය වී spark plug ගැප් වෙනස් වීමත් සුදු පැහැති alumina ඉන්සුලේටරයට සෙන්ටර් ශාෆ්ට් එකේ සිට පිටතට පීඩනයක් ඇති වීම නිසා හානි වීම පාලනය කරනව.

7 Gasket

spark plug එක එන්ජිමට සවි වීමේදී එන්ජිම හා spark plug එක අතර සීල් එකක් විදිහට ක්‍රියා කරනවා

8 Electrode with copper

ක්‍රියාකාරී වීමේදී සන්නායක ලෝහ ගෙවීම අවම කරන්න සෙන්ටර් ඉලෙක්ට්‍රොඩ් එකට නිකල් සහ ඇලෝයි සංගටක යොදාගන්නව
මේකෙ ඇතුලතට කොපර් යොදා ගැනීම නිසා තාප සන්නයක තාව පාලනය කරන්න පහසු වෙනව.

9 Packing washer

ඉන්සුලේටර් එක සහ හවුසිං එක එකිනෙක තදින් සම්බන්ධ කර ගන්නත් වායු සීල් එකක් කර ගන්නත් පාවිච්චි වෙනව.

10 Center electrod

spark plug එක තුළින් එන දහන කුටීරය තුල දී පුලිඟුවක් විදිහට පිටතට ලබා දෙන්න center electrode එක මගින් මේකෙත් නිපදවන අමුද්‍රව්‍ය මත වර්ග කීපයක් තියෙනව

11 ground electrode

Nickel සහ chromium මූලද්‍රව්‍යයන් භාවිතා කරලා නිපදවලා තියෙන ග්‍රවුන්ඩ් ඉලෙක්ට්‍රෝඩයට සෙන්ටර් ඉලෙක්ට්‍රොඩ් එකේ ඉදල එන අදිවෝල්ටීය තාවය වාතය හරහා පැනීමට ලක් වන නිසා මේ දෙක අතර විද්‍යුත් පුලුගුවක් හට ගන්නව.

12 Tapered cut ground electrode

ටේපර් හැඩය නිසා පුලිගුව විසිරී නොයා ශක්තිමත්ව එක් ඉලක්කයකට පැනීමට හැකීයාව ලැබෙනව.

මේ උඩ කතා කරල තියෙන්නෙ ස්පාර්ක් ප්ලග් එකක මූලික ක්‍රියාකාරීත්වය සිදුවන කොටස් ටික.

ඊළඟට බලමු ප්ලග් එකක් හොඳයිද කියලා තීරණය කරන්න පුළුවන් කොහොමද කියලා

ස්පාර්ක් ප්ලග් එකක් මේසයක් උඩ තියලා ignition coil එකක් මගින් hightension වෝල්ටේජ් එකක් ලබා දීලා පුලිගුව නිල් පාටට පනිනවාද කියලා බලලා ඒ ප්ලග් එක හොඳයි කියලා තීරණය කරන්න කිසිම හැකියාවක් හෝ තාක්ෂණික පදනමක් නැහැ..

ඒකට හේතුව spark plug එකක් එන්ජිමක් තුළ ක්‍රියාත්මක වෙන්නෙ සාමාන්‍ය පරිසර තත්ත්වයක් තුළ නෙමෙයි නිසා..

එන්ජින් combustion chamber එක ඇතුලෙ පරිසර තත්ත්වය ගත්තොත් ඉතා අධික පීඩනයක් සහ අධික උෂ්ණත්වයක් තියෙන තැනක්.. අධික පීඩනය සහ අධික උෂ්ණත්වය නිසා සන්නායකයක සන්නායකතාවයට විශාල බලපෑමක් ඇතිකරන්න පුළුවන්

සරලවම කිව්වොත් විද්‍යුත් පුලිඟුවක් පැණීමට එරෙහිව විශාල ප්‍රතිරෝධයක් combustion chamber එක තුළ ගොඩනැගෙනවා

ඒ ප්‍රතිරෝදය අභිබවා පැනීමට හැකිවන පරිදි ඉහළ voltage එකකුත් පරිසර තත්ත්ව මත වෙනස් වීම අවම වන සන්නායකතාවයකුත් කියන සාදක සහ ගුනාංග ignition coil එක සහ ස්පාර්ක් ප්ලග් එක තුල තිබිය යුතු වෙනව

අපි මේසයක් උඩ ස්පාර්ක් ප්ලග් එකක් check කරහම නිල් පාටට හොඳ පුලිඟුවක් පැන්නා උනාට එන්ජින් දහන කුටීරයේ පරිසර තත්ත්වය ඇතුලෙදි ඔය ස්පාර්ක් එක ඉතාම දුර්වල වීම සිදු වෙනව..

එහෙමනම් වොරන්ටි එකක් අනුමත වෙන්න අවශ්‍ය කරන සාදක නිරීක්ශනය කරද්දි ප්ලග් එක විකුණන වෙලාවෙදි නියමිත ක්‍රියාකාරීත්වයෙන් තිබුණා කියන්නත් දෝෂය ඇති වුණේ වුණේ කාර්මිකයා අතින් කියා ඔප්පු කරන්නත් තාක්ෂණිකව පිළිගත හැකි සාධක වැදගත් වෙනවා

ඒ සඳහා උඩ කියපු පරිසර තත්ත්ව සහ සාධක ඇතුලත් කරල සම්මතයන්ට අනුකූලව නිපදවු spark plug testers තියනවා.

ඒ ටෙස්ටර එකකට දාල යම් කිසි මට්ටමකට ප්ල්ග් එකක ගුනාත්මක තාවය ගැන තීරනය කරන්න හැකියාව තියෙනව..

අමතර කොටස විකුණන වෙලාවෙදි ප්ලග් එක සම්මත නිවැරදි ස්පාර්ක් ප්ල්ග් ටෙස්ටර් එකකින් චෙක් කරලා බැලුවත්..ඒ කෙටි කාලය තුළ ප්ලග් එක ඉතාම නිවැරදිව ක්‍රියාත්මක වුණත්..

ප්ලග් එක නිශ්පාදනය කිරීම සඳහා යොදාගෙන ඇති අමුද්‍රව්‍ය වල ගුනාත්මක තාවය මත ප්ලග් එකක අපි උඩ කතා කරපු කොටස් ඒ විදිහට නිවැරදිව නිෂ්පාදනය කරලා නොමැති නම් මේ ප්ලග් එක භාවිතා කරන අතර තුරදී දෝශ සහිත වෙන්න ඉඩ තියෙනව..

උදාහරණයක් විදියට ඉන්සුලේටරයත් සෙන්ටර්ශාෆ්ට් එකත් අතර තියෙන ග්ලාස් සීල් එක ප්‍රමිතියෙන් බාල නම් හෝ වායු හිඩැස් තිබෙනව නම් උශ්නත්වය සමග සෙන්ටර් ශාෆ්ට් එක ප්‍රසාරනය වීමෙන් ඉන්සුලේටරයට පීඩනයක් ඇති වීමෙන් ඉන්සුලේටරය කිසිදු බාහිර බලපෑමකින් තොරව ඩැමේජ් වෙන්නත් ස්පාර්ක් ලීක් වෙන්නත් පුලුවන්.

හයිටෙශන් කරන්ට් ලීක් වීම ගත්තොත්..

විද්‍යුතය හැමතිස්සෙම හැසිරෙන්න කැමති තියෙන ලගම මාර්ගයෙන් ධණ හා රින ආරෝපන එකතුවෙලා ශක්ති පරිවර්තනයක් කරල උදාසීන වෙන්න..

ස්පාර්ක් ප්ලග් එකක center ඉලෙක්ට්‍රෝඩය සහ ග්‍රවුන්ඩ් ඉලෙක්ට්‍රෝඩය අතර ඇති air gap එක සහ පරිසර තත්වය නිසා ස්පාර්ක් ප්ලග් එක තුලින් ගලන කරන්ට් එකට රෙසිස්ටන්ස් එකක් ඇති වෙනව…

මේ රෙසිස්ටන්ස් එක නිසා 40000v වලටත් වඩා ඉහල වෝල්ටේජ් එක උත්සහ කරනව රෙසිස්ටන්ස් වැඩි අමාරුම තැනි ගමන් නොකර ලේසිම තැනින් ග්‍රවුන්ඩ් වෙලා ඩිස්චාජ් වෙන්න ස්පාර්ක් එක පැනල උදාසීන වෙන්න…

අන්න එතකොට ප්ලග් එකේ ගුණාත්මක තව අඩුකම නිසා හා උශ්නත්වය නිසා අභ්‍යන්තර කොටස් ප්‍රසාරනයෙන් ඩැමේජ් වෙලා තිබ්බ ප්ලග් එකේ බඳට ඉහළ වෝල්ටේජ් එකක් දාරාගෙන ඉන්න බැරිව දුර්වල තැනකින් ස්පාර්ක් එක පැනල එන්ජිම මිස් ෆයර් වෙනව..මොකද ඒ ස්පාර්ක් එක ලැබෙන්නෙ පුළිඟුව අවශ්‍ය combustion chamber එක තුළට නෙමෙයි…

මෙහෙම කලාතුරකින් ප්ල්ග්ස් ෆේල් වීමක් ජෙනුවින් ප්ලග් එකක උනත් වෙන්න ඉඩක් තියෙනව…. ඒ නිසා තමයි ප්ලග්ස් නිශ්පාදකයා මෙනුෆැක්චර් ඩිෆෙක්ට්ස් තියෙනව කියල පිලි අරගෙන ඒකට වොරන්ටි එකක් දෙන්නෙ….

ඒක දෙන්න ප්ලග්ස් නිශ්පාදකයා බැදිල ඉන්නව.හැබයි ඒ තමන් නිශ්පාදනය කරපු ප්ලග්ස් වලට විතරයි..

ඒ වගේම එහෙම අවස්තාවක වොරන්ටි දෙනවද නැද්ද කියල තීරනය කරන්න අපහසුයි නම් ස්ටෙප්ස් ගානක ප්‍රොසීඩියර් එකක් තියෙනව..ඒ ප්‍රොසිඩියර්ස් මග ඇරල තනි පුද්ගලයෙකුට හෝ කවුන්ටරේකට මේකට වොරන්ටි දෙන්න බෑ කියල කියන්න ආයතන මට්ටමෙන් කිසිවෙකුට බැහැ.

ඒ නිසා වහන පදිනව නම් මේ ව ගැන් දැනුවත් වෙලා දෙයියන් වහන්සේගෙන් උනත් ප්‍රශ්න කරන එක පාරිභෝගික අයිතියක්..

සුසූකි එස්ටිලෝ කතා වස්තුව

ඔන්න එකමත් එක දවසක එස්ටිලෝ එකක් එනව ගරාජ් එකට .ලෙඩේ තමයි එන්ජිම මිස් කරනව වාහනේම දෙදරනව,හිටිගමන් නවතිනව පෙට්‍රල් වැඩ කරන්නෙ ලීටරේට කිලෝමීටර් හතක් විතර..අන්තිම එක අදින්නෙ නෑ.
කෝකටත් කියල ඉතිහාස කතාව අහල බැලුව අයිතිකරුගෙන්. වාහනේ අරන් තියෙන්නෙ ගීය අවුරුද්දෙ හත්වෙනි මාසෙ. නමවෙනි මාසෙ ගං වතුරක ගිහිල්ල එන්ජිමට වතුර ඇදල..ඊට පස්සෙ කාර්මික මහතෙක් ගෙන්නල වතුර අයින් කරල ස්ටාර්ට් කරල .එන්ජිමෙන් පොඩි සද්දයක් ආවත් කාර්මික මහතා කියල ඒක ලොකු අවුලක් නෑ ඔහොම දුවල බලන්න කියල..කිලෝමීටර පන්සීයක් වගේ දුවද්දි දවසක් හයිවේ එක යන අතරමගදි ටක ටකස් ගාල සද්දයක් ඇහිල එන්ජිම නතර වෙලා..

එලියට බැහැල බලනකොට එන්ජින් ඔයිල් ටික බිම. එන්ජින් බ්ලොක් එක කඩාගෙන අතපය දොට්ට දාල… එහෙම්ම ඇදගෙන ගිහින් වර්ක්ශොප් එකකට දාල..ඒරොප්පෙන් කිරි ටොයිය එන්න්ජින් බ්ලොක් එකක් ගෙනත් පිස්ටන් රොඩ් අලුතින් දාල වෑල්ව් ක්ලියරන්ස් (ටැපට්) එහෙම එජස් කරල එන්ජිම රී බිල්ඩ් කරල..

ස්ටාට් කරාට අයිඩ්ල් ස්මූත් හිටින්නෙ නෑ මාලුව ගොඩ දැම්ම වගේ මිස් කරනව නවතිනව.. ආයෙ වර්ක් ශොප් එකට ගියාම ආපහු සැරයක් එන්ජිම ගලවල හයි කරල ..ඒ ගමන ලග ලග නවතින වාර ගාන ටිකක් අඩු වෙලා ඒත් “පොහ්.. පොහ්.. පොපොහ්…” ගගා මිස් කරනව.

එතනින් දීපු අවසාන ප්‍රතිකාරය සහ තීරනය තමයි ඉන්ටේක් එයා ටෙම්පරේචර් සෙන්සර් එකේ කනෙක්ටර් එක ගලවල දුවන්න, එතකොට ටිකක් ලෙඩේ අඩු වෙනව ඒ විදියට දුවන්න කියන එක ..එස්ටිලෝ මහගෙදර ඇතුලු තවත් තැන් කීපයකට පෙන්නල ඒයාලත් බලල අවසාන තීරනය වෙලා තියෙන්නෙ කලින් ගරාජ් වල හදපු එකක්නෙ සමහර විට එන්ජිම ආයෙ හදන්න වෙන්න පුලුවන්..ගලවල බලන්න ඕන කියන එක..

ඕක මගේ ලගට ගෙනත් සම්පූර්න විස්තරේ කිව්වම මටත් හීන්දාඩිය දැම්ම.ඇයි හත් ඉලවුවේ ඕක ඔච්චර තැන් වල ට්‍රයි කරල ගොඩ දාගන්න බැරි වෙච්ච එක මෙ පුන්චි ගරාජ් එකක් කරන මම ඕක ගොඩදාල දෙයි කියන තද බල විස්වාසෙකින් අයිතිකරු ඇවිල්ල ඉන්නකොට දැනෙන පීඩනය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

හැබැයි අයිතිකරු අගේ කරන්න ඕන පුද්ගලයෙක්..හේතුව නප්පියටම කෙල වෙලා නන්නත්තාර වෙලා හිටියත් වාහනේට කරපු කියපු කිසිම දෙයක් හංගන්නෙ නැතිව තේරෙන තරමින් පැහැදිලිව කිව්වා.දෙකෙන් එකක් වෙන්න්න මාත් ට්‍රයි එකක් දෙන්නම් කියල වැඩේ බාර ගත්ත..

මුලින්ම ගලවල තිබ්බ ඉන්ටේක් එයා ටෙම්පරේචර් සෙන්සර් එක ආපහු කනෙක්ට් කරා..කරල ජන්ම පත්‍රයෙ පලා පල බලන්න සර්වරෝග නිවාරන ස්කෑනර් රාජයා කනෙක්ට් කරා… තතවය සෝචනීයයි පිංවතුනි මහ දසාවෙ පලා පල වලින් කියවුනේ කිසිම දෝශයක් නැතය කියල..

ඒ කියන්නෙ තිරේ පෙන්නුවෙ No diagnostic trouble code..කියල ඊලට අතුරු දසා ටික බැලුව..ඔන්න ඒකෙන් පොඩි හෝඩුවාවක් පෙන්නුව. Long term fuel trim අගය -20% ක් පෙන්නව හැබැයි short term fuel trim අගය 0 – (-3) ත් අතර අගයක තියෙනව. සාමාන්‍යෙන් ට්‍රිම් අගය 0 ට ආසන්න අගයක තියෙනව නම් ඒ එන්ජිම නිවරදි පෙට්‍රල් වායු මිශ්‍රන අනුපාතයක් ලැබෙනව වගේම සම්පූර්න දහනයක් සිද්ද වෙනව කියල ECU logic වලට අනුව තීරනය කරන්න පුලුවන්.. ට්‍රිම් අගය රින පැත්තට යන්න යන්න රිච් මික්සර් එකකුත් ට්‍රිම් අගය ධන පැත්තට යන්න යන්න ලීන් මික්සර් එකකුත් තියෙනව කියල තමයි engine ECU එක තීරන ගන්නෙ

ඒත් මෙතන අවුලක් තියෙනව ශෝට් ටර්ම් ට්‍රිම් එක නිවැරදි අගයක තිබිල ලෝන්ග් ටර්ම් ට්‍රිම් එක විශාල සෘන අගයක් ගන්නෙ කෝමද කියල..ඒකට හේතුව ශෝට් ටර්ම් ට්‍රිම් කියන්නෙ ඒ මොහොතේ ප්‍රොසෙසරය මගින් ප්‍රෙට්‍රල් වායු මිශ්‍රන අනුපාත නිවැරදි කිරීමේ අගයේ ප්‍රතිශතය…මේ ඒ මොහොතේ කරෙක්ශන් අගය ගැන සලකා බලල හදා ගන්න වර්චුවල් දත්තයක් තමයි ලෝන්ග් ටර්ම් ට්‍රිම් කියන්නෙ ..

ශෝට් ටර්ම් අගය නිතරම ඉහල රින අගයකට යනවනම් ලෝන්ග් ටර්ම් අගය ඉහල රින අගයකට ගෙනිහින් ප්‍රොසෙසරය මතකයේ තියා ගන්නව දැන් රිච් මික්සර් එකක් දහනය වෙන්නෙ..ඒනිසා ලබා දෙන ඉන්දන ප්‍රමානය අඩු කරන්න එහෙමත් නැතිනම් ට්‍රිම් කරන්න ඕන කියල…අන්න එතකොට ලෝන්ග් ටර්ම් ට්‍රිම් එකේ අගය සලකල ඒකෙ උදවුවෙන් ශෝට් ටර්ම් අගය කරෙක්ශන් කලයුතු පරාසය අඩු කර ගන්න පුලුවන් ..

උදාහරනයක් විදියට ගත්තොත් ශෝට් ටර්ම් ට්‍රිම් 20 ලෝන්ග් ටර්ම් ට්‍රිම් එකක් විදියට ගන්න පුලුවන්..ඒ කියන්නෙ ලෝන්ග් ටර්ම් ට්‍රිම් -20 කියන්නෙ ශෝට් ටර්ම් ට්‍රිම් -20 ඒව විස්සක් කියන එක..ඒ කියන්නෙ මේ වෙලාවෙ එන්ජිමට ලැබෙන්නෙ ඉතාමත් අදික රිච් මික්සර් එකක් මේ ට්‍රිම් ලෙවල් කරෙක්ශන් ලොජික් එක නොතිබෙන්න මේ එන්ජිම ක්‍රියාකාරි තත්වයේ තියා ගන්නත් බැරි තරම් රිච් මික්සර් එකක්…

එහෙම තිබිලත් මේකෙ ස්පාර්ක් ප්ලග් එකක් වත් කලු වෙන්නෙ නෑ.. හේතුව ඔක්සිජන් සෙන්සරෙන් ගන්න රීඩින්ග් අනුව ලෝන්ග් ටර්ම් ට්‍රිම් ඉහ්ල අගයකට ගෙනත් ඊට අදාලව ශෝට් ටර්ම් ට්‍රිම් මගින් ඉන්දන වායු මිශ්‍රන අනුපාතය පාලනය කරන නිසා.

දැන් නිමිත්තක් තියෙනව වැඩේ අතගාගෙන යන්න..ඒ කියන්නෙ අදික සරු මිශ්‍රනයක් දහනය වෙලා සයිලන්සරයට පිට වෙනවව කියන එක පැහැදිලියි.ඊලගට ප්‍රශ්නය මොන හේතුවක් නිසාද මේ සරු මිශ්‍රනය දහනය වෙන්නෙ කියන එක…ඊට සම්බන්ද හේතු ගැන සලකා බැලුවොත් වෙන්න පුලුවන් දේවල් තමයි..

පෙට්‍රල් ප්‍රෙශර් වැඩිවීමක්,ඉන්ජෙක්ටර් ටිප් ලීක් වීමක්, වෑල්ව් ටයිමින්ග් වල වරදක්, ඉන්ටර්නල් සිලින්ඩර් ගෑස්කට් ලීක් වීමක් .අන්ඩර් කම්ප්‍රෙශන් තත්වයක්..ස්පාර්ක් ප්ලුග් දෝශයක්, වෑල් ලීක් එකක් , වෑල්ව් ක්ලියරන්ස් මදි වීමක් වගේ දේවල්..

ඔතනින් පෙට්‍රල් ප්‍රෙශර් පැත්ත මුලින්ම බැලුව..සිස්ටම් ප්‍රෙශර් චෙක් කරා ඒක නෝමල් කෝකටත් කියල ටැන්කියත් ගලවල පොම්පෙයි ප්‍රෙශර් රෙගියුලේටර් එකයිත් චෙක් කරා. ඒවයෙ කියන්න තරම් කිසිම වරදක් නෑ..

ඉන්ජෙක්ටර් ටික මහ අල්ට්‍රා සොනික් මැසිමට දාල ටිප් ලීක් සහ ස්ප්‍රේ පැටර්න් චෙක් කරා. එවයෙත් කිසිම වරදක් නෑ..

ඊලගට එන්ජිමත් ඩැමේජ් වෙලා කීපසරයක් ගලවලත් තිබුන නිසා හියුමන් එරර් එකක් විදියට වෑල්ව් ටයිමින් කට්ටයක් වෙනස් වෙලාද දන්නෑ කියල වෑල් ටයිමින්ග් චෙක් කරා.. දෙගල් අස්සෙ බිජු දාන ටයිප් එකට හදපු හුන්ඩු එන්ජින් බේ එකක ටයිමින්ග් චේන් තියෙන එන්ජින් එකක වෑල් ටයිමින් චෙක් කරනව කියන්නෙ අමුතුවෙන් කියන්න ඕන නෑනේ තත්වය , සම්ප් ගලවගෙන ඔයිල් පම්ප් එකත් එක්ක එන ටයිමින්ග් කවර් ගලවගෙන නටන්න තියෙන නාඩගම වැඩකරල තියෙන අය දන්නව.අනිතිමට ඒකෙත් අවුලක් නැති උනාම ටයිමින්ග් කට්ට එක ගානෙ ඉස්සරාට පස්සටත් දාල බැලුව කොහෙන් හරි ගොඩයයෛද කියල…

තත්වය ශෝචනීයයි උදේ අටේ ඉදල පහුවදා පන්න්දර දෙක වෙනකන් ඔය ටික චෙක් කරන්න හතර පාරක් ටටිමින්ග් ටික ගලවල හයි කරා.. ඒකෙත් අවුලක් නෑ, ආයෙ ටැපට් ටිකත් චෙක් කරා..ටැපට් ක්ලියරන්ස් 0.15 mm තියෙනව.. ඒකියන්නෙ ටැපට් තදත් නෑනෙ ඔය ක්ලියරන්ස් එකට ඔච්චර දෙයක් වෙන්න බෑනෙ කියල හිත හදා ගත්ත ඒක ගැනත්…

ඊලගට වතුර ගිහින් අතපය දොට්ට දාල බ්ලොක් එකත් අලුතින් තියන්න උන එකක් නිසාත් දාල තියෙන්නෙ පරන ක්‍රෑන්ක් එක නිසාත් ක්‍රෑන්ක් එකේ ඇදයක් තියේද කියල චෙක් කරන්න හෙඩ් එක ගලවල පිස්ටන් ප්‍රොජෙක්ශන් බැලුව.. ඒවයෙ කිසිම අවුලකුත් නෑ තුනම එකම ගානටම TDC එනව. ඒකියන්නෙ ක්‍රෑන්ක් එකේ අවුලකුත් නෑ

ගෑස්කට් එකේ ඉන්ටර්නල් ලීක් එකත් ටියෙද බලන්න හෙඩ් එකත් චෙක් කරල මයික්‍රන්ස් ගානක පුන්චි ඇදයක් තිබිල ඒකත් ෆේස් කරල අලුතින් ගෑස්කට් එකත් දැම්ම.. ඔතනදි පොඩි දෙයක් අහු උනා වෑල් ස්ප්‍රින් වල පැත්ත මාරු කරල දාල තියල ඒකෙ කලර් පැත්ත උඩට හිටින්න ගලවල හයි කරා..එවෙලෙ දැක්කා වෑල්ව් ක්ලියරන් හදල තියෙන්නෙ වෑල්ව් ස්ටෙම් එකේ උඩ කෙලවරට වෙල්ඩින් ටැක් ටියල ඒව ග්‍රයින්ඩරෙන් ගාල කියල ..

ඒත් 0.15mm ක්ලියරන්ස් එකක් තියෙන නිසා වෑල් තද වෙන්නත් බෑ.. එතනින් එහාට
ස්පාර්ක් ප්ලුග් මාරු කරල බැලුව ඉග්නිශන් කොයිල් මාරු කරල බැලුව කොම්ප්‍රෙශන් චෙක් කරල බැලුව මොහොකවත් අවුලක් නැති උනත්
ඔය මොන මගුල කරත් එන්ජින් මිස් එකේවත් ෆුවල් ට්‍රිම් එකේ වත් කිසිම වෙනස් උනේ නෑ…

අන්තිමට බැලුව මේක මුගෙ මෝලේ නැත්නම් ECU එකේ අවුලක්ද කියල.. ඒකක් නම් දාල බලන්න විදියක් නැති නිසා වෙන උපක්‍රමයක් ගැන හිතුව ඒකෙ ප්‍රොසෙසින් හරිද බලන්න.. ඒකට කරපු වැඩේ රේස් කාර් වලට හයි කරන අෆ්ටර් මාකට් ෆුවල් ප්‍රෙශර් රෙගියුලේටර් එකක් දාල ප්‍රෙශර් බාර් එකේ ඉදන් බාර් හය වෙනවක් අඩු වැඩි කරල ට්‍රිම් ලෙවල් වෙනස් වෙනවද කියල බැලුව..ප්‍රෙශර් අඩු වෙනකොට මික්සර් එක ලීන් වෙනකොට ඔන්න ට්‍රිම් ලෙවල් පොසිටිව් පැත්තට යනව .ඒ කියන්නෙ ප්‍රොසෙසින් අවුලක්
නෑ.ඒත් මිස් එකේ වෙනසක් නෑ.ෙ කියන්නෙ ecu එකත් බඩු හොදයි..

මේ වෙනකොට වාහන දකිනකොටත් මල පනින සීන් එකක් තීයෙන්නෙ. මහන්සි වෙලයි කල්පනා කරලයි හෙම්බත් වෙලා..බැරිම තැන අයිතිකරුට කතකරල කිව්ව..කරපු එක වැඩක් වත් හරි ගියෙ නෑ ලෙඩේ එහෙමමයි..මේකටම කාලය යොදවල අනික් වැඩ ඔක්කොම හිර වෙලා තියෙන්නෙ ..ඒ ටික් ඉවර කරල නිදහසේ කල්පනා කරල කරන්න මට දවස් කීපයක් දෙන්න කියල..

අපරාදෙ කියන්න බෑ අයිතිකරුත් මොනව කරන්නද කමක් නෑ ඔයා බලල කියන්නකො කිව්ව මිසක් චුරු චුරු ගෑවෙ නෑ. ආයෙ දවස් තුනකින් මම කතා කරන කන් කෝල් එකක් වත් ගත්තෙ නෑ . ඔය විදියට වැඩේ අල්ල දාල හිටපු දෙවනි දවස පොඩි විවේකයක් හම්බුන වෙලාවක ඉන්ටර් නෙට් එක පීරල පීරල ඕකෙ සර්විස් ට්‍රේනින්ග් මැනුවල් එකක් හොය ගත්ත…. හොයාගෙන කොනක ඉදන් කියවගෙන යද්දි පොඩි හෝඩුවාවක් හම්බුනා..
සර්විස් මැනුවල් එකේ එක්සෝස්ට් වැල් ක්ලියරන්ස් දීල තියෙන්නෙ 0.30-0.40 mm . වහනේ වෑල් ස්ටෙම් වෙල්ඩින්ග් කරල ක්ලියරන්ස් හදල තියෙන්නෙ 0.15mm වලට

වෑල් ක්ලියරන්ස් හදන් සූත්‍රය ගත්තොත් වෙන්නෙ
A= B + C – 0.35

A=අලුතින් දැමිය යුතු ටැපට් එකේ ගනකම
B=තියෙන ටැපට් එකේ ගනකම
C=දැනට තියෙන ටැපට් ක්ලියරන්ස් එක
0.35 = තිබිය යුතු ටැපට් ක්ලියරන්ස් පරාසයේ මැද අගය

ඒ කියන්නෙ එක්සෝස්ට් වෑල් ක්ලියරන්ස් එක අවම වශයෙන් 0.30mm තිබිය යුතුයි නිශ්පාදකයාට අනුව. එතන වරදක් තියෙනව .. ඊලගට දැවෙන ප්‍ර්ශ්නෙ කලින් එකා ටැපට් එජස් කරල ක්ලියන්ස් අඩු කරල තියෙන්නෙ වෑල් ව්ලට වෙල්ඩින්ග් ටැක් තියල නිසා.. නියම ක්‍රමේට බකට්
මාරු කරල කරනව නම් වෑල් ටිකත් ඔක්කොම අලුතින් දාන්න වෙනව..

දැන් කස්ටමර් ඉන්න තත්වෙ උඩ වෑලුත් අලුතින් දාල ටැපටුත් අලුතින් දැම්මොත් බිල කිව්වම වාහනේ මට තියාගන්න වෙන සීන් එකක් තියෙන්නෙ.. අන්තිමට හිතට එකග නැති උනත් ක්ලියරන්ස් එක 0.35 එන විදියට බකට් ටැපට් එක මයික්‍රෝ මීටරෙන් මැනල වෑල් එකට හිටින ටිප් එක 0.20mm කින් ලේත් එකේ දාල අඩු කරල ක්ලියන්රස් එක 0.35ට හදල බඩු ස්ටාර්ට් කරල බැලුවා.. ඇල් වතුරට උල් පිහියෙන් ඇන්න වගේ මෝල දුවනව කිසි අවුලක් නැතුව ..ට්‍රිම් ලෙවල් ඔක්කොම හරි ගිහිල්ල.

ආයෙ කල්පනා කරා 0.15ක ක්ලියරන්ස් එකක් තිබිලත් ඇයි මේක එහෙම උනේ කියල.. එතකොට තමා තෙරුනේ .ක්ලියරන්ස් තිබුනාට මේකෙ කෑම් ප්‍රොෆයිල් එක පලලින් වැඩි නිසා කෑම් එක කැරකෙද්දි ක්ලියරන් එක පවතින කාලය් ඉතාම අඩු කාලයක්.ක්ලියරන්ස් එක 0.35ක් වෙන්න ඕන ක්ලියරන්ස් එක 0.15 ක් උනාම කෑම් එක වේගෙන් කැරකෙද්දි
වෑල් එක ආපහු සම්පූර්නෙම් වැහිල සීට් වෙන්න කලින් ආපහු කෑම් ලෝබ් එකේ වෑල් එක වදීනව.. එතකොට එතනින් වෑල් ලීක් එකක් වෙනව.

වෑල් ලීක් එක උනා නම් කම්ප්‍රෙශන් චෙක් කරද්දි ඕක අහුවෙන්න ඕනනෙ..නෑ පිංවතුනි කම්ප්‍රෙශන් චෙක් කරන කොට ලෙඩේ නෑ කම්ප්‍රෙශන් හරියටම තියෙනව.. හේතුව ක්‍රම්ප්‍රෙශන් චෙක් කරද්දි ක්‍රැන්කින්ග් ස්පීඩ් එක 250-300 rpm වගේ වෙන නිසාඒ වේගෙදි කෑම් ලොබ් එකේ වෑල් එක නොවැදී වැහිල සීට් වෙන්න කාලය ඇතිහොදටම
අන්න ඒ නිසා කොම්ප්‍රෙශන් ටෙස්ට් එකට ලෙඩේ අහුවෙන්නෙ නෑ..

ඊලගට ඉන්ටේක් එයා ටෙම්පරේචර් සෙන්සරේ ගැලෙව්වම මිස් එක අඩු වෙන්නෙ කොහොමද..
ඕක ගලවපු ගමන් ක්ලෝස් ලූප් ෆුවල් ප්‍රොසෙසින් සිස්ටෙම් එක ඕපන් ලූප් වෙනව. ඔතන ඇත්තටම වෙලා තියෙන්නෙ ඉතාම සරු මිශ්‍ර්නයක් දහනය වීමක් නෙමෙයි.. දෙන මිශ්‍රන අනුපාතය වෑල් ලීක් එක නිසා අර්ද දහනයක් වෙලාසයිලන්සරයට ගියාම ඔක්සිජන් සෙන්සරෙන් සිග්නල් එක මගීන් ecu තීරනය කරන්නෙ දැන් පෙට්‍රල් ලබාදෙනව හොදටම වැඩියි ඒනිසා පෙට්‍රල් අඩු කරන්න ඕන කියල ට්‍රිම් ලෙවල් එකෙන් ඉන්දන ලබා දීම අඩු කරනව එතකොට එන්ජින් බලය අඩු වීම සහ මිස් කිරිම තදින් දැනෙනව..

නමුත් ඉන්ටේක් එයා ටෙම්පරේචර් සෙන්සරේ හරි ඔක්සිජන් සෙන්සරේ හරි වෙන මොන සෙන්සරයක් හරි ක්ලෝස් ලූප් සිස්ටම් එකට භාදාවක් වෙන එක ගැලෙව්වොත් ෆුවල් සිස්ටම් එක ඔපෙන් ලූප් උන ගමන් ෆුවල් ට්‍රිම් කිරීමක් නැතුව ..කොහොම හරි ක්‍රියාකරිත්වය පවත්වගෙන යන්න ඉන්දන ලබා දීම නිසා සරු මිශ්‍රනයක් ලැබිල අර වෑල් මිස්ස් එකෙන් අඩුවන බලය පොඩ්ඩක් රිකවර් වෙනව. ඒනිසා ඒ වෙලාවෙදි දෝශ තත්වය පෙන්වීම අඩුවෙනව..

දැන් මේක කියෙව්වම සමහර අයට හිතෙන්න පුලුවන් මන් මේ පොරක් වෙන්න හෙන වැඩක් කරා කියල කියන්න හෑලි ලියනව කියල..මේක වගෙම මීට කලින් ලියපුවත් ලිව්වෙ මගේ ප්‍රොෆයිල් එකෙ සීයට හත්තැපහකට වැඩිය ඉන්නෙ ෆීල්ඩ් එකේ සහ ෆීල්ඩ් එකට එන්න ඉන්න අය නිසා ඒ අයට පොඩි සපෝට් එකක් දෙන්න..කාට හරි මේක ලියුම නිසා මදිපුන්චි කමක් උනා නම් ඒ අයට කියන්න තියෙන්නෙ දැන් වෙලාව පාන්දර 1.30 යි ඒ නිසා ඉක්කන්ට දූවල දුවලා ගිහිල්ල චූ කර්ල බුදිය ගන්න කියල තමයි.. ස්තූතියි.

automotive #cars #garage #auto #tunercars #automobile #racing #mechanic #technician #technology #knowledge #theory #ගරාජ්පන්තිය #NA #turbo #jdm #carcare #honda #autorepair #මෝටර්කාර්මිකදැනුම

යමු නැලවිල්ලේ

ජීවිතේ වැඩි කාලයක් යකඩ එක්කම රළු කර්කශ ජීවිතයක් ගෙවන මම වගේ ගැරිජ් කාරයෙක්ට පොඩි දරුවෙක් නලවනව කියන එක නිඳිකරවන එක කියන්නෙ අබරං සිල් ගත්‍ත සීන් එකට එහා වැඩක් කියල අමුතුවෙන් කියන්නෝන නෑනෙ..

එහෙමයි කියල ඒ වගකීම් පැහැර හැරුනොත් මට අසාධාරනයක් වෙයි කියලද කොහෙදෝ ගෙදර උන්දැත් ආයෙ මං ගෙදර නම්  කොයිවෙලෙත් මංතරේ වගේ මතුරන්නෙ මේ දරුවපොඩ්ඩක් ගන්නකො දරුව පොඩ්ඩක් නිදි කරවන්නකො..දරුව පොඩ්ඩක් බලන්නකො කියන එක..

ඒක කොහොමද කියනව නම් වෙලාවකට හිතෙනව මං වැරදිලා මෝහිනීවවත් කසාද බැන්දද කියලත්..ඇයි වදේ කොයි වෙලෙත් දරුව ගන්නකො කියාගත්තු ගමන්..

හිතක් පපුවක් නැති කාර් හදපු මට මල් වගේ සුසිනිදු ළමයි නිදිකරවනව කියන්නෙ අලුත්ම කෝස් එක..

හැබයි ඉතින් චැලෙන්ජ් එකක් දුන්නොත් මොන සම්ම්ජ්ජාතියෙන් හරි ඒක කරල මිසක් නින්ද යන්නෙ නැති සීන් එකක් තියෙන නිසා පුලුවං හැම වෙලෙම ඕක බාර අරං වැඩේට බැස්සා.

වැඩේට බැස්සට නිදිකරවද්දි කියන්නෝන කවි මට පාඩම් නෑ…
මගේ අම්ම  පොඩිකාලෙ මාව නිදිකරවද්දි කියපු කවි විදියට මගේ මතකෙ තිබුනෙ ජාතික තොටිල්ලෙ කවි,සමන්පිච්ච් මල් ඉහිරුනු,සුදෝ සුදු , ගුත්තිල  කවි

ඔය කවි එකක් වත් දැන් මට හරියට මතකෙන් කියන්න පුලුවන් කමක් නැති  නිසා ශෝට් ඇන් ස්වීට් ඔප්ශන් එක විදියට බහ තේරෙන කාලෙ ඉඳන්
කෙල්ලව නිදිකරවන්න  මං හැමදාම කිව්වෙ අම්මා සඳකි, ආදරයේ උල්පත ,සිහින නෙලුම් මල්, තාත්තා උනත් වගේ ප්‍රසිද්ධ සිංදු..

හැබයි දැන් අවුරුද්ධක් එකාමාරක් ඉදන් මට ඕව කියල කෙල්ලව නිදි කරවන්න වෙලා නෑ.දැන් එයා තනියෙම නිදා ගන්න නිසා..

ඕක ආයෙ මතක් උනේ සැහෙන කාලෙකට පස්සෙ වෙච්චි අපූරු සීන් එකක් නිසා..මේ දවස් වල මං පදින්නෙ නිම්න ජයසුන්දර මගේ  මිත්‍රයාගෙ කාර් එක..

හේතුව ගොඩක් වෙලාවට මට හදන්න එන ඇඩ්මිට් වෙන සමහර වාහන ඩයග්නෝස් වලට මට ටෙස්ට් රයිඩ් කරන්න වෙන්නෙ මම ගෙදරට යි වර්ක්ශොප් එකටයි යන වෙලාව අතරතුර තියෙන කිලෝමීටර් ගාන ..
ඔවු මම අනුන්ගෙ වාහන මගේ වගේ පදිනව ඉතින්…වහන ගෙනත් දාන අයත් ගෙනත් දාන්නෙ ඔයා හොදට පැදල බලල කරන්න ඕන දේ බලල කරන්න කියල..ඒක ආයතනයක් විදියට වැරදී වෙන්නත් පුලුවන් ඒත් ඉතින් ඒ මගේ හැටි…

වර්ක්ශොප් එකට එද්දි  කෙල්ලව මොන්ටිසෝරියට දාගෙන එන නිසා  කෙල්ලත් උදේට මම අරන් එනව. ඔය එද්දි නිම්නගෙ කාරෙකෙ සෙටප් එකේ තියෙන ප්ලේ ලිස්ට් එකේ ඔය අම්මා සඳකි ආදරයේ උල්පත සිහින නෙලුම් මල් වගේ කෙල්ල පොඩි කාලෙ නිදිකරවන්න කියපු සිංදු කීපයක්ම ඇහෙනව..

කෙල්ලගෙ වැඩේම ඔය සිංදු ටික දේවාලෙ ස්තෝත්‍ර කිවනව වගේ ආයෙ ආයෙ රිපීට් කර කර අහන එක

කොටින්ම මේ දවස්  දෙක තුනට මට ඔය එයාව නලවන්න කියපු සිංදු ටික එපා වෙනකම් අස්සල තියෙන්නෙ.

කෙල්ලගෙන් ඇහුවම කියනව මං ඒ සිංදු වලට ගොඩක් ආසයි කියල.හේතුවක් දන්නෙ නෑ ආසයි..

වෙලාවකට මටම හිතෙනව එකම සිංදුටික කෙල්ලව නිදිකරවද්දි කියද්දි එයාට  දැනුන ඒකාකාරී බව කර්මානුරූපීව දැන් මට කෙල්ල විසින් අහන්න සලස්සනවද කියලත්..

සමහර විට කෙල්ලගෙ යටිහිතේ ගබඩා වෙලා තිබ්බ පරණ මතක ප්ලේ ලිස්ට් එකේ  සිංදු ටික නිසා ආයෙ උඩුසිතට ඇවිත් ඒකෙන් නොස්ටැල්ජික් ෆීලින් එකක් විදිනව වෙන්නත් පුලුවන්..

හේතු සාදක මොනව උනත් මට පොඩි ලල් එකක් තියෙනව කෙල්ලට මතක් හිටින්න නැලවිලි ගීයක් කියා ගන්න පුලුවන් උන එක ගැන

නාඩගංකාරයෝ

මම අවුරුදු ගානක ඉදං ටීවී බලන්නෙ නෑ.ගෙදර ටී වී එකක් ඇත්තෙත් නෑ.හේතුව එකට මට වෙලාව නෑ අනික මම බලන්න ආස දේවල් ටීවීඑකේ දැන් යන්නෙ නෑ.

ඔය කාලෙ ඇතුලත ටී වී එකේ ගිය ටෙලි නාට්ටි වලින් බෝගල සවුන්දිරිස් රන්තිලි වැව කූබියෝ වගේ කීපයක් යූ ටියුබ් එකේ බැලුව. සෑහෙන කාලෙකින් ඊයෙ නිවාඩු දවසෙ ටෙලිනාට්ටියක් බලන්න ඕන කියල හිතිල.මේ දවස්වල හැමෝම කතාවෙන නාඩගම් කාරයෝ බලන්න සෙට් උනා.

බුකියෙ ඕකෙ වීඩියෝ කෑලි එහෙම ශෙයා වෙනව දැකල තිබ්බ නිසා ඒක ඇතුලෙ යාලුවො එක්ක කාල බීල බජවු දාන ඒව බොක්කෙම හතර පස්දෙනෙක් සෙට් වෙලා කරන වැඩ ඇතුලෙ අපේ ජීවිත කතාවෙ සමහර තැන් වලට ඒ විදියටම ගැලපෙන නිසා පලවෙනි කොටසෙ ඉදන් ඊයෙ බලන්න පටන් ගත්ත කතාව .

මේක ලියන වෙලාව වෙනකොට කොටස් හතලිස් තුනක් වෙනකන් එක හුස්මට බලල තියෙනව..

කලාව නූතන දේශපාලනය ඇති නැති පරතරය ආගමික හරය වගේ මාතෘකා පාවිච්චි කරල බලන හැම මිනිහෙක්ටම තමන්ගෙ ජීවිත කතාව ඇතුලෙ තමන්ට ගලප ගන්න පුලුවන් මොකක් හරි සීන් එකක් ඒකට ඔබල එක දිගට එල්ලිලා බලන්න පුලුවන් ගානට ඒක නාට්ටියක් උනත් රහට ගොතල තියෙනව.

ඊයෙ ඉදන් පුල් කික් එකේ ඕක මමයි රැපුන්සලුයි හිනාවෙවි ෆෝන් එකෙන් බලල හතලිස් තුන කෑල්ලෙදි හෙන ගැහුවත් ගානක් නැති මට ටිකක් දරුණු විදියට දැනෙන සීන් එකක් තිබ්බ නිසා නාට්ටියක් බලල ගත්ත ඒ ලල් එක සුන්නද්දූලි වෙලා කුඩු වෙලා ගියා..

ඒ නාට්ටියෙ අවුලක් නිසා නෙමෙයි අනික් හැම සීන් එකකටම වඩා ඒ කොටසෙ තිබ්බ එක සීන් එකක් මගෙ ජීවිතේ බිංදුවෙනුත් පහලට වට්ටපු අවස්තාවක් ඒ හා සමානවම ප්‍රතිනිර්මාණය කරල තිබ්බ නිසා.

ඒක බලද්දි එතනින් එහාට රගපෑමකින් හරි ඒ වගේ අත්දැකීමක් ආයෙ මතක් කරගත යුතු නැහැ කියන තැනට මගෙ පංච ඉන්ද්‍රියන් විසින්ම මම ගත්ත ආතල් එක කුඩු කරල දැම්ම.ඒක ඒ තරම් තාත්විකයි මගෙ ජීවිතේට සම්බන්ධයි.

මෙතනින් එහාට නාට්ටිය ගැන නොකිය මගේ අත්දැකීම කියන්නම්.

ඒ මීට අවුරුදු දෙකකට වගේ කලින්.අලුත් ගෙදරට පදිංචියට ආපුම දවස්වල. රැපුන්සල්ට උන හැදිල බෙහෙත් ගෙනාව ඒත් අඩුවෙන්නෙ නෑ කෙල්ල කන්නෙ බොන්නෙ නෑ අඬනව. ආයෙ ඩොක්ට ලගට එක්ක ගිහින් පෙන්නන්න ඕන කියල හිතල එලියට බහිද්දි අනෝරා වැස්සක් වැස්ස.

ඒ දවස් ටිකේ අතමිට බොහොම හිඟයි.ගෙයක් හදල පදිංචි වුන ගමන් කියන්නෙ නහය ලගට ගිලිල කකුලෙ මාපට ඇගිල්ලකින් ඉස්සිලා තමයි නහයට උඩින් වතුර නොයන්න හුස්මක් ගන්නෙ..
කාරෙකත් කැඩිල බයිසිකලේ විතරයි තිබ්බෙ.

ගිනි මැලේට උන තියෙන කෙල්ලව තෙම තෙමා ගෙනියන්න බැරි නිසා ත්‍රී වීල් එකක් ගෙන්න ගෙන ගියා දොස්තර ලගට .කෙලීට සීතල වෙයි කියල ඇගම වැහෙන්න ඇඳුමක් අන්දල බ්ලැන්කට් එකකිනුත් පොරවල ගෙනිච්චෙ.

ඩොක්ටට පෙන්නල බේත් අරන් ඒත් වැස්ස පායල තිබ්බෙ නැති නිසා බේත් ටිකත් ඉක්මනින්ම පොවා ගන්න ඕන නිසා පයින්ම ගියා ඩිස්පැන්සරියෙ ඉදන් මීටර් හාරසීයක් පන්සීයක් දුරින් තියෙන බිරින්දෑගෙ අක්කගෙ ගෙදරට. ගිහින් බේත් ටිකපොවල බිරින්දැගෙ අම්මගෙ අතට කෙලීව දීල විනාඩි ගානෙන් කෙලීට බීපු බේත්ටික වමනෙ ගියා.

ඒ එක්කම බිරිංදැගෙ අම්ම කෑගැහුව දරුවට මොකද්ද වෙනව කියල.. ඔව් කෙල්ලට ෆිට් එක හැදිල වෙවුලනව.

ජීවිතේ කිසිම දවසක ඒ වගේ අවස්ථාවකට මූන දිල නැති නිසා සිහි එලව ගන්න බැරි උනා මොකද්ද කරන්න ඕන කියල.

තප්පරෙන් හිතට ආපු දේ තමයි ආයෙ ඩොක්ට ගාවට ගෙනියන්න ඕන කියන එක ඒත් ක්ශනිකව ගෙනියන්න වාහනයක් නෑ.ආවෙ වීල් එකක් හයර් එකට අරන් .කෝල් එකක් දීල ගෙන්න ගන්න කෙනෙකුත් නෑ.හන්දියට ගිහින් ආයෙ වීල් එකක් අරන් එන්න වෙලාවකුත් නෑ. පොද වැස්සත් එහෙමම තියෙනව.කෙල්ලගෙ කිසිම සද්දයක් නෑ අතපය කඩා වැටිල .

එහෙමම ගත්ත උදුරල කෙල්ලව දෑතට. තාරත් නැති ගල් ගැලවුනු වලගොඩැලි පාර දිගේ කන්දකුත් නැගගෙන දිව්ව හංදියෙ ඩිස්පැන්සරියට එනකම්ම.

මට ඒ දුර ගෙවල කෙල්ලවත් තුරුලු කරන් ඩිස්පැන්සරියට දුවන්න මතක විදියට විනාඩි තුනක් යන්න ඇති. ඒ විනාඩි තුන තමයි මගේ ජීවිතේ දිගම විනාඩි තුන. මට යන්තමට මතකයි ඒ යන තුරුම හරහට වඩාගෙන සුදු මැනිකේ සුදු මැණිකේ කියකිය මූන ඉඹ ඉඹ දුවනව.

ඒ වෙලාවෙ මට කරන්න තිබ්බ එකමදේ දුවන එක සහ මම උදවු කරල තියෙන අසනීප මිනිස්සුන්ට මගෙන් ලැබුන උදවුවෙන් සහනයක් ලැබිල මට දීල තියෙන පින් වල ආනුභාවයෙන් මගේ මැනිකෙට කරදරයක් වෙන්න එපා කියල සත්‍යක්ක්‍රියා කරන එක විතරයි.මං කාලෙක ඉදන් තදබල ලෙස කර්මය විශ්වාස කරනව. ඒක ආගමිකව වේවා ස්වභාවධර්මයෙන් හෝ වේවා වැඩ කරනව කියන එක මම අත්දැකීමෙන් දන්නව.

යකඩ හීන වලම හැප්පිලා මල කඳක් විදියට කීප සැරයක්ම මාව සිහි නැතුව අරන් ගිහින් තියෙන වෙලාවල් තිබුනට මනසින් සිහි නැතිව මගේ පංච ඉන්ද්‍රියම එකම අරමුණක් උදෙසා ක්‍රියාත්මක වෙච්ච පලමු සහ අවසාන දවස ඒක වේවි කියල මම තරයේ විශ්වාස කරනව ..

මට ඩොක්ට ලගට යද්දි කතා කරන්න බෑ මට දැනුණ මගේ පෙනහලු මයිනමහමක් වගේ මගේ ලේවලට ඔක්සිජන් පොම්ප කරනව..ඒ සියලු දේ උනෙ මගේ ශරීයයට දරන්න පුලුවන් සීමාවෙන් එහා.

වාසනාවට මම නොදැනුවත්ව උනත් මම කෙල්ල්ව ගෙනිහින් තිබුනෙ ඒ වෙලාවෙ ඇලේට හරවගෙන ගෙනියන්න ඕන හොදම පොශිශන් එකෙන්.ගෙනිහින් ඇඳෙන් තිබ්බ ගමන් කෙල්ල ඇස්පිල්ලන් ගැහුව.

අපේ නොදැනුවත්කමට වැස්ස නිසා උන තියෙද්දි බ්ලැන්කටුත් දාගෙන ඔතාගෙන ගිය නිසා කෙල්ලට උන වැඩිවෙලා ෆිට් එකට ඇවිත් තිබ්බ.

සරා අක්කගෙ කෙල්ලව අරන් ඉස්පිරිතාලෙට දුවපු දිවිල්ල නාට්ටියක රංගන ජවනිකාවක් උනාට ඒක මගේ ජීවිතේ ඉතාමත් කටුක අත්දැකීමක්..

සරාට ඉස්පිරිතාලට ගෙනියන්න වහනයක් නොතිබිච්ච එක මගේත් සැබෑජීවිතේ අත්දැකීමක්..මාලන්ගෙන් දරුවව ගෙනියන්න උදවු ඉල්ලද්දි ඌ කෙල්ලගෙ කීම අහල පිබගෙන යනකොට චරිතෙ ඇතුලෙ සරාට දැනුන අසරණ කමයි පයින් ආපු මට හන්දියට දුවල ගිහින් වීල් එකක් අරන් එන්න යන වෙලාව ගැනයි මගේ කෙල්ල ඉන්න තත්වෙ බැලුවම දැනුන අසරණ කමයි දෙකම එකක්….

මගේ කතාව ඇතුලෙ නාඩගම් කාරයෝ හතලිස් තුන කොටස කියන්නෙ ඉතාම සාරථක නිර්මාණයක්. තව කෙනෙකුට ඒකෙම තවත් කොටසක් තුල ඔයවගේ කතාවක් තියෙන්න පුලුවන්.

නාට්‍යකාරයො අපේ ජීවිතේ සමහර සංවේදීම අත්දැකීම් කොටස් විදියට පෙන්නල අපිව ඒකෙ ඇතුලෙ තියා ගන්නව. ඒ අය දන්නව පදුරු දෙක තුනකට විද්දොත් හාවො එකෙක් දෙන්නෙක්ට හරි වදිනව කියලා.ඒ අය අපේ අත්දකීම් පුංචි තිරේ අපිටම පෙන්නල ඒ වේදනා කඳුළු සල්ලි කරනව.

උපන්දිනේ

අද විශේෂ දවසක්! මගේ පුන්චි සුරංගනාවි මෙලොව එලිය දැකල අදට අවුරුද්දක් පිරෙන තැන.

කාර් සාහිත්‍යයේදී සැප කාර් වල එන්ජිමෙන් එන කං කෙදිරියයි රේස් දුවන ඒව මහා සද්දෙට හචිං යවන ගමන් නැට්ටෙන් ගිනි පිබිද්දි ඇඟේ මයිල් කෙලින් වෙන්න නැගෙන  බ්‍රෑම්ම්..බ්‍රෑම්ම්ම්.. චිස්.ස්ස්.. සද්ද ජීවිතේ කරන් හිටපු මමයි බිරින්දැයි අලුත් ලෝකයක් අලුත් ජීවිතයක් ලබල අදට අවුරුද්දක්..

අපේ ජීවිත වලදි අර හැඩි දැඩි එන්ජින් වලින් එන ගොර ගොර  සද්ද සිංහල සාහිත්‍යයේ එන  ගුත්තිල පඬිතුමන්ගේ  කර්ණ රසායණ වීණා හඬට සමාන කරපු අපිට ඊට වඩා මිහිරි කැකුළු මුකුළු හිනා හඩවල් මේ ලෝකෙ තියෙනව කියල දැනෙන්න උනේ පුන්චි රැපුන්සල් අපේ කැදැල්ලට ආවට පස්සෙ..

ගුත්තිල කාව්‍ය ලියපු වෑත්තෑවෙ හිමියන් ගුත්තිල ඇදුරිඳුගේ වීනා හඩ වර්ණනා කරන්න
“නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා” කියල
අතිශොක්තියක් යෙදුවට මට අනුවනම් කාර් සාහිත්‍යයේදි  ඇස් පියාන ඕන තරම් වෙලා  අහන් ඉන්න පුලුවන් බොyක්සර් එන්ජිමේ ගුමු ගුමු සද්දෙ ගුත්තිලගෙ පඬිතුමාගෙ වීනා හඬට සමාන කලොත්,

රැපුන්සල්ගෙ කිරි හිනාව හමුවෙ ගුත්තිලගේ  වාදනය මූසිලගෙ තත් සින්ද වීනාවට වඩා චුට්ටක් උඩින් ඇති කියන එකට දරුවෝ ඇති අම්මාලා….දරුවෝ ඇති අප්පාලා… සාක්ශි දරයි.

පුංචි උන්ට  මහ මිනිස්සුන්ගෙ උතුර දකුන මාරු කරන එක ඒ හැටි දෙයක් නෙමෙයි කියන්න තව උදා හරන ඕන නම් මීට අවුරුදු කීපයකට කලින් කාර් ජීවිතේ කරගත්තු මිනිහෙක්,

එක කාලෙක රෑට යාලුවොත් එක්ක ස්ට්‍රීට් රේස් දුවන්න  රැයක් දවාලක් නැතුව පිස්සුවෙන් රේස් කාර් ටියුන් කරල මල පාන්දර ඩ්‍රෑග් දුවල අහු උනාම කූරු ගනින්න එහෙම නැත්නම් අන නොතකා දාවනයට පාරෙ වෙඩි කාල මැරෙන්න බලාගෙන කොළු කමට මෝඩ කමට තිබුන අමාරුවට සෙනනසුරාද රෑ එලිවෙනකන් කොලඹ  පාරවල් වල ඔට්ටු තියපු හොරා පොලිස් කරපු ෆාස්ට් ඇන්ද ෆියුරියස් රියලිටිය වින්ද ලාංකීය කාර් සංස්කෘතියෙ උප සංස්කෘතිය තුල හිටපු සාමාජිකයෙක්,

බුකියට තමන් ඉගෙනගත්ත  දැනුම බෙදන්න කියල තාක්ශනික  බුකි සමූහ තුල රෑ එලි වෙනකන් අකුරු කොටපු මිනිහෙක්,

හවස හයට ගරාජ් එක වහල ෆෝන් සයිලන්ට් දාල ගෙදර යන්නත්,
බඩවැල් වගේ ඇදෙන ප්‍රොජෙක්ට් කාර් බාර ගැනිම නැවැත් වීමත් එකෙක් ඇවිත් කනට ගැහුවොත් අනික් කනත් අල්ලල මේකටත් ගහල පාඩුවෙ පලයං තත්වෙට වෙනස් උනේ රැපුගෙ ආගමනයත් එක්ක

මගේ ලෙයින් උපන් මගේ කෙලී උඹ යන්තම් හිට ගන්න පුලුවන් වෙද්දි ගරාජ් එකේ ටූල් බොක්ස් එකට බහින කොට එන්ජින් අස්සෙම තැග් ගැහෙන කොට ඉහේ කටේ ඉදන් මජං නාගෙන මං දිහා බලල කිරිදත් පෙන්නල හිනා වෙලා අත් දෙක පෙන්නනකොට මට දැනෙන සතුට මෙපමනයි කියන්න වචන නැහැ…

අම්මගෙ බඩේ ඉන්න කාලෙ ඉදන් උඹට පිබගෙන යන කාර් වල ක්ශනික ත්වරනයන් මංදනයන් අලුත් දේවල් නොවුන නිසා ඉපදිලා අවුරුද්දක් ගෙවෙද්දි අද ඒ පෙන්නන්නෙ ලේ වල දුවන ආරේ ගති වෙන්න ඇති.

මට අනුව නම් මගේ කෙලී ගොඩක් වාසනාවන්තයි .ඒකි ආස දේ ඒකි ඉපදිච්ච දවසෙ ඉදන් මට හැකි විදියට ලබා දෙනව..මම ආස කාර් එක්ක මගේ ජීවිතේ ගත කරන්න ආරම්භය මට ලැබුනෙ මගේ වයස අවුරුදු විසි පහක් උනාට පස්සෙ

මගේ පුංචි කාලෙ මං ගොඩක් ආස කරපු දෙයක් තමයි ඒ කාලෙ තිබ්බ සුක්කානම කරකවල හරවන්න පුලුවන් පැඩල් එක පාගල පැදගෙන යන්න පුලුවන් සෙල්ලම් කාර් එකක්….

ඒත් රජයේ රස්සාව කරපු පවුලේ වැඩිමලා වෙච්ච මගේ තාත්තට තිබ්බ යුතුකම් හා වගකීම් එක්ක ලයිසන් ගන්න පාරෙ දුවන අනුන්ගෙ  කාර් එකක් පදිනතාක්
මගේ පුන්චි කාලෙ ආසාව ඉටුකර ගන්න හැකියාවක් තිබ්බෙ නෑ..

අනික් ළමයි ඒව පදිද්දි මන් ඒ දිහා ආසාවෙන් බලා හිටියත් වටයක් පදින්න ඉල්ලන්න ගියෙ නැත්තෙ ඒ අය දෙන්න බෑ කියල මාව ප්‍රතික්ශේප කරයි කියන බය නිසා..ඒත් මට ලැබුන අනික් දේවල් වලින් මං ඒ ආසාව යටපත් කර ගත්ත.

ඒත් මම ආස වෙලා මට නොලැබුනු පයින් පාගල යන කාර් එක වෙනුවට යතුරක් දාල ස්විච් එකක් ඔබල තව වැඩකෑලි ගොඩක් එක්ක සෙල්ලම් කරන්න පුලුවන් කාර් එකක්(කොටින්ම මට සැබෑ ජීවිතේදී නැගලවත් බලන්න බැරි උන කැරේරා GT එකක් ) කෙලීගෙ  පලවෙනි උපන්දින තෑග්ග විදියට අද මට අරං දෙන්න පුලුවන් උනේත් මගේ කෙලී ඇවිත් මූ දේවිය පන්නල මගේ පැලට ශ්‍රී දේවිය උන නිසාම වෙන්න ඕන..

කොහොම උනත් කෙල්ල ආස දේ හොයල බලල මම කරල දුන්නත් මගේ කෙලීත්  බඩ රස්සාව විදියට  මම ගිය පාරෙම යන්න ඕන කියන තැන මම නැහැ..මම ගොඩක්ම කැමති රැපුගේ විනෝදාංශය විදියට කාර් තෝරගෙන රැපූ සංසාරේ ගෙනාපු හැකියාවක් දක්ශතාවයක් දියුනු කරගෙන එයාගෙ ගමන යනව දකින්න..ඒ දක්ශතාවය කාර් නම් ඒක එහෙමම උනාවෙ

කවදා හෝ දවසක මගේ කෙලී එයාගෙ උත්සහයෙන් කාර් එකක් අරන් එයාගෙ අතින් ටියුන් කරල තාත්තවයි අම්මවයි දාගෙන යන ගමන් කෙලින් පාරක එකපාරටම නවත්තන පරක්කුවට “මාව බස්සපා….න්” කියල උබේ අම්ම බෙරිහන් දීගෙන දොරේ ලොක් එක හොයද්දි, මාව සීට් එකේ ඇලිල කකුල් දෙක  වෙව්ලන ලෝන්ච් එකක් ගන්න දවසක් අනාගතේදී එයි කියල උබේ තාත්තාගෙ අහින්සක බලාපොරොත්තුවක් තියෙනව.. වයසින් මුහුකුරා යද්දි හැගීම් දැනීම් තියෙන මනුස්ස දුවක් විදියට ලෝකෙ දිනල එන ඒ දවස එනකන් මම ඇගිලි ගනිනව..

මේ ඇරඹුමයි…
යා යුතු මග දුරයි..
නුවණින් අවදි වී..
තරණය කල යුතුයි..

නුඹට සුභ උපන්දිනක් මගේ පුංචි ආඩම්බරකාරී

සංචරණ සීමා.

ජීවත් වන පරිසරය හා බාහිර බලැපෑම් නිසා ජීවිතේ අසාමන්‍ය වෙච්ච කාල වල් අමාරු තැන් තමයි මගේ ජීවිතේ හොදම කාල වෙලා තියෙන්නෙ ..

මේ  සංචරන සීමා දවස් ටිකක් ඒ වගේ .මේ දවස් ටික මම හොරණ අම්මලෑ මහ ගෙදර  හිර වෙලා ස්වභාව ධර්මයෙන්ම  හුදකලා වෙලා ඉන්නෙ.

අතක ඇගිලි ගානටත් අඩු ගෙවල් ප්‍රමානයක් තියෙන ඒවත් ඇහැට පේන මානෙන් එහා වෙච්චි .ගස් වැල් ඇල දොල කඳු ගල් වැහි හුලං වලින් පිරුනු ඒ හිර වීමට මම මාර කැමතියි.. මට ඒකෙන් ගැලවෙන්න සංචරන සීමා වලින් මිදෙන්න මොන යම් හෝ හැකියාවකින් අවස්තාවක් ලැබුණත් මං ඒ අවස්තාව ප්‍රයෝජනයට ගන්නෙ නෑ.

ඒ පුංචි කාලෙ ඉඳන් මං ආසම පරිසරයක් තිබ්බ තැනක මට ආයෙ පරණ මතක අලුත් කරන්න වගේම උදේ පාන්දර ගරාජ් එකට ගිහින් ආයෙ රෑට ඇවිත් නාල කාල නිදිය ගන්න හැගීම්  දැනීම් නැති හැල්මේ දුවන යාන්ත්‍රික ජීවිතෙන් මිදිල..

චන්දිමා එක්ක ලිතුලි එක්ක බාසුරු එක්ක නිදහස් නිස්කලංක හුදකලා පරිසරයක අපිත් එක්ක දරුවොන්ට කාලය ගත කරන්න අපිත් එක්ක උන්ගෙ හැගීම් කෑ ගහල පිට කරන්න.සීමා මායිම් නැතිව නිදහසේ දුවල පැනල නටන්න ඒක නියම අවස්තාවක්..

කොළඹ හයේ තාප්ප අතර ඉපදිලා වයස අවුරුදු දහයක් විතර වෙනකම් ගෙන්දගම් පොලවෙම ගෙව්වත් මගේ ජීවිතේ ගෙවපු අමතක නොවෙන මතක ගොඩක් තියෙන්නෙ කොළඹ නෙමෙයි. ඒවයින් අංක එක හොරණ අත්තම්ලෑ ගෙදර, ඊලගට දුම්බර මානාන අම්මගෙ පත්වීම . ඊලගට වග පින්නවල තාත්තගෙ පත්වීම.

පස්සෙ කොළඹට නුදුරින් නගරාසන්න ජීවත් වෙලා මට උනත් අතරින් පතර ලැබිච්ච මේ පරිසරවල  තිබ්බ නිදහස සුන්දරත්වය අදටත්  මම හිතින් අතීතයට ගිහින් හොයනව විදිනව මට පුලුවන් හැම වෙලේම. සමහර තැන් වල සමහර දේවල් දකිද්දි මට ඒකෙ හුරු බවක් දැනෙනව.කලින් ඒ අවස්තාව විඳල තියෙනව කියල දැනෙනව.

ඒකෙ උච්චතම අවස්තාවක් තමයි මේ සංචරන සීමා කාලෙ.එතන ඒක මම විදින්නෙ තනියෙම නෙමෙයි මගේ පවුලත් එක්ක ඒක මගේ පුංචි දුවත් එක්ක. මගේ අම්මගෙ මහ ගෙදර.

මගේ මතක අලුත්වෙන එකෙන් පරිසරය මට දැනෙන එකෙන් විදින එකෙන් මට දැනෙන සතුටට අමතර මගේ ලබැඳියො මේ පරිසරේ සතුටු වෙනව දකින කොට මට ඇති වෙන සතුට පුදුමාකාරයි.

සංචරන සීමා නිසා රස්සාව කරගන්න බැරුව ඊලග මාසෙ ආර්තිකේට මොකද වෙන්නෙ කියන ප්‍රශ්නෙත් උඩ ඔලුව බදාගෙන කල්පනා කරන්න ඕන වෙලාවක ප්‍රශ්න වෙනුවට ජීවිතයේ සුන්දරත්වය හුදකලාවෙ මිහිර විදින්න අවස්ථාවක් ලැබෙන එක පූරුවෙ පිනකට ලැබෙන භාගයක් කියලයි මට හිතෙන්නෙ.

මේ විදින පරිසරයේ අතීතාවර්ජනය විස්තරේ “කන්දෙ ගෙදර “,නමින් කලිනුත් ලියල ඇති.

අපිට ජීවිතේ විදින්න තියෙන වස්ථා ගොඩක් මග ඇරෙනව අපේ කාර්‍ය්බහුලත්වය එක්ක. එතනින් පස්සෙ ගොඩක් වෙලාවට අපි ආර්ථිකමය වශයෙන් මානසික වශයෙන් කාලය වශයෙන් ඉහලම තැනකට නිදහසකට ආවත්.

දරුවො ලොකු මහත්වෙද්දි ඒ ඒ වයස් වලදි ඒ දරුවො එක්ක ඉදල උන්ගේ හුරතල් විදින්න ඇති හැකියාව ආයෙ අපිට මොන විදියෙන් වත් ගන්න බැහැ .

උන් එක එක වයසෙදි හැසිරෙන විදි වෙනස්. උන්ගෙ පුංචි කාලෙ තමයි උන් අපිව හොයන්නෙ උන්ගෙ වීරයො අපි වෙන්නෙ.

පහු වෙද්දි වයසත් එක්ක උන්ගෙ සිතිවිලිත් එක්ක උන් ලෝකෙ දකින විදියත් එක්ක ටිකෙන් ටික උන් අපෙන් යම් ප්‍රමානයකට ඈතට යනව .

එතනදි අපිට අසරණ කමක් දැනෙනව.අපි ගැනම  ආත්ම අනුකම්පාවක් දැනෙන්න ගන්නව..

අපි අපේ දරුවොන්ව පුංචි කාලෙ ඉදන් හැදුවෙ මෙහෙමයි  කන්න දුන්නෙ මෙහෙමයි ඒත් අපි බර ඇදල ඇදල යන්තම් නිදහස් වෙන්න පුලුවන් කාලෙදි මුන් අපෙන් ඈත් වෙනව කියල.

ප්‍රායෝගිකව අපිට පුලුවං වෙලාවකට හරි ඒ ඒ වයස් වලදි අපි දරුවො එක්ක අපේ පට්ටම් හැකියා තානාංතර පැත්තකින් තියල අපිත්  උන්ගෙ වයසට ගිහින් උන් එක්ක නටල උන්ව සතුටු කරන ගමන් උන්ගෙන් අපිට  ගන්න පුලුවන් සතුට අපිත් ගන්නව නම් ,අපි දරුවන්ව ලොකුමහත් කරා නම් ඒවට හරියන්න උන් අපිට සලකන්න ඕන කියන ඩීල් මානසිකත්වය සෑහෙන දුරට මග හරව ගන්න පුල්වන් වෙයි..

උන්ට ඕනම තැන් වලදි පුලුවන් වෙලාවටවත් මානසිකව උන් ලග නොයිද සියලුම බෞතික අවශ්‍යතා අඩු පාඩු සපයල මම උබලට අඩු පාඩුවක් නොකර හැමදේම දුන්න ඒකට හිලවු වෙන්න උබලා අපිට සලකන්න ඕන කියන සිතිවිල්ල ඇතුලෙ ඇත්තටම තියෙන්නෙ,කැප කිරීමකට වැඩිය දරුවො හදනව කියන්නෙ  පැන්ශන් ප්ලෑන් එකක් කියල මට හිතෙනව.

මොකද බහුතරය දරුවො හදද්දි දරුවන්ට කන්න දෙන්න වෙහෙසිලා මිසක් දරුවො නිසා ජීවිතේ විඳල නෑ.. උන් එක්ක පිස්සු නටල නෑ .

ඒ අය බලාපොරොත්තු වෙලා තියෙන්නෙ පවුල පෝශනය කරන්න පොඩි කාලෙ මට දරුවොන්ගෙන් සතුටුවෙන්න වෙලාවක් තිබ්බෙ නැති නිසා දරුවන්ව යම් කිසි මට්ටමකට ගෙනල්ල තමං රෙස්ට් එකක් අරන් එතනින් පස්සෙ දරුවො දිහා බළල් සතුටු වෙන්න..

ඒත් ඒක  ප්‍රායෝගිකව වෙන්නෙ නෑ .ඒ වෙද්දි දරුවොත් වගකීම් බැදීම් ප්‍රශ්න එක්ක හිර වෙලා දරුවන්ට හැකියාවක් නෑ වයසක අපිත් එක්ක හුරතල් වෙන්නෙ..

එතනදි බොහෝ විට වෙන්නෙ අද දුක් විඳල හෙට සතුටු වෙන්නම් කියල හිතන් යද්දි සතුටු වෙන්න තියෙන කාරනේට අපිව සතුටු කරන්න බැරි වෙන එක.

අපේ ප්‍රශ්න පැත්තකින් තියල දරුවො සතුටින් ඉන්න කාලෙ උන් එක්ක සතුටු උනා නම් උන් ලොකූ උනාම අපිව සතුටුකරත්  එකයි නැතත් එකයි .අපේ ජීවිත හිස් නැහැ .

ඒ අතින් මගේ අම්මයි තාත්තයි සෑහෙන ඒ සතුට වින්ද වගේම දැනුත් විදිනව . ඒ අය  අදටත් කියන්නෙ අපි ගැන අපිට බලා ගන්න පුලුවන්.ඔයාලගෙ ප්‍රශ්න විසඳගෙන ඔයාල හොදින් ඉන්න කියන එක.

ඒ හුරුව බොහෝවිට මටත් ලැබිල ඇතිකියල මම හිතනව.

මේ දේවල් ගැබුරට කතා කරන්න මම ඔය සම්බන්දව පරිණත මදි උනත්.මම අත් විඳින දේවල් මත මට හිතනව මගේ තින්කින් පැටර්න් එක ඇතුලෙ මට හොද තාත්ත කෙනෙක් වෙන්නත් මගේ සතුට මට හොයා ගන්නත් පුලුවන් වෙයි කියල.

කෙල්ලත් එක්ක දොලේ වතුර නටන්නයි කන්දෙ ගල් වලින් එන උල්පත් වට කරල පොකුණු හදල ඒවයෙ බැහැල නටන්න ගල් තලා උඩ ඉදගෙන කජු හොඳ කරගෙන කන්න කොහිල විලට ගිහින්  කොලපතට කොහිල දලු ඇබිත්තක් කඩන් එන්න  ගල් උඩින් පැන පැන ගස් ගල් අස්සෙ  බඩගාන්න සෙල්ලම් කරන්න… ගෙදර ජීවත් වෙන පයචස් දහයෙ අහල පහල උන්ට කරදර වෙයිද කියල හිතන් කෑ ගහන්න එපා කියන එක  අහෝසි කරල . කෙල්ලත් එක්ක හිතේ හැටියට කෑ ගහන්න හූ තියන්න  හිනාවෙන්න
මේ තරම් හොද කාලයක් ආයෙ මට කවදාවත් නොඑන්න පුලුවන්. පරිසරය කෙසේ වෙතත් උන් එක්ක කාලෙ ගතකරන්න ,

ඒ වගේම මගේ පොඩි එකිත් දවසක එයාගෙ පුංචි කාලෙ මතක සිහි කරල ඒව එක්ක මනෝ පාරක් ගහගෙන මට තාත්ත එක්ක මෙහෙම අතීතියක් තිබ්බ කියන එක එයාගෙ ලැබැදියන් එක්ක කියන්න දවසක් තියේවි.  සමහර විට මාත් එක්කම ලාවට අඩියක් ගහන ගමන් කතා කරා නම් මට විස්කි බ්‍රැන්ඩි වල ටේස්ට් එකට වඩා ගොඩක් තදින් ඒක දැනේවි.

ඒ එක්කම බාසුරුත් ලොකු වෙද්දි ඩබල එක්කම මේ ජීවිතේ විඳිද්දි  දුක් වෙන්න තියෙනව දවස් වලට සාපේක්ශව මගේ ජීවිතේ සතුටු වෙන්න තිබුණු දවස් ගොඩක් වැඩී වෙලා තියේවි.

ජීවිතේ හැම දවසක්ම ආතල් එකක් කර ගන්න..ඒකෙන් අතීතයේ හැම දවසක්ම රසවත් වේවී.. සංචර සීමා කියන්නෙ  ඒකට හොදම අවස්ථාවක්.
හැබැයි ඒක තමන්ට ගැලපෙන විදියට ගලප ගන්න වේවි..ඒ කියන්නෙ සංචරන සීමා තුල ට්‍රිප් යන්න වත් නාන්න යන්න වත් හයිකින් යන්න වත් නෙමෙයි. තමං ඉන්න තැනට වෙලා වෙනද සාමාන්‍ය ජීවිතේදි කාර්‍යබහුලත්වය නිසා තමන්ට මගහැරෙන දේවල් ටික මේ ටිකේ එකතුකර ගන්න.

ලිතුලියි බාසුරුයි ලොකු වෙලා අපෙන් ඈතට ගිය දවසක මම ජීවත් උනොත් මම කියන්නම් මම සාර්ථක නැද්ද කියල.


සොරෙන්ටො කතා වස්තුව

.

ගොඩ කාලෙකින් කතා වස්තුවක් ලියන්න බැරි උනා නෙව වැඩ නිසා.සංචරන සීමා නිසා පොඩි වෙලාවක් ආව එකක් ලියා ගන්න.මේ දවස් වල බුකියෙ හැමතැනම හොඳ බාස්ලයි ගත්තු අඩු ගණනුයි නිහතමානිකමයි පොඩි වැඩක් කරල ලොකු ගානක් ගන්න එකයි ගැන ගොඩක් කතා තියෙන නිසා ඊයෙ පෙරේද වෙච්ච කතා වස්තුවක් අරගෙන එන්න හිතුව.

හෙඩිම කියෙව්වම දන්නවනෙ වාහනේ මොකද්ද කියල. කස්ටමර් කොළබ 05 කස්ටමර් කෙනෙක්.කලිනුත් වහන කීපයක් ගොඩ දාල දීල තියෙන නිසා ගරාජ් සීයක් විතර පහු කරගෙන බැරිම ලෙඩ වලට රෙවුටෙක් එක බලා එනව.ඒ අතර එයාගෙ සමාන්‍ය රෙපෙයාර් වැඩ කරන වර්ක්ශොප් එකේ හිරවෙන ඒවත් හිටි ගමන් අරගෙන එනව.

ඔන්න කොහොම හරි සොරෙන්ටෝ එක අරගෙන එද්දිම එන්ජිමේ මිස් එකක් තියෙනව කියල දැනුනලු.චෙක් එන්ජින් ලයිට් එකත් පත්තු වෙනව අයිඩ්ල් හිටින්නෙත් නෑලු .ඒත් මිකැනික් කෙනෙක් අරං ගිය නිසා එයාගෙ කීමට ඕක ගොඩ් දාගන්න පුලුවන් කිවුව නිසාත් වටින ගානකට හම්බුනු නිසාත් ඕන කෙංගෙඩියක් කියල අරගෙන ආවලු.

ඇවිල්ල බලපු මිකැනික්ගෙ ගරාජ් එකටම දැම්මලු දාල ටියුන් අප් එකක් එහෙම කරල ප්ලග්ස් ටික එහෙමත් දාල බැලුවලු මිස් එක එහෙම මයි.

ඔන්න ඒ පාර මේකෙ වෑල් මිස් එකක් තියෙනව කියල හෙඩ් එක ගැලෙව්වලු
වෑල් ඔක්කොම ග්‍රයින්ඩ් කරල දාල ආයෙ ගෑස්කට් එහෙම දාල හයි කරල ස්ටාට් කරාලු

ඒපාර අයිඩ්ල් අමාරුවෙන් හිටිනව හැබැයි තඩි මිස් එකක් තියෙනව.හතර වෙනි සිලින්ඩරේ වැඩ කරන්නෙ නෑලු.

ආයෙ ටයිමින් ඔක්කොම චෙක් කරල බලන්න තියෙන ඔක්කොම බැලුවත් කිසිම ප්‍රගතියක් නෑලු. ඒපාර ස්කෑන් එකක් කරන්න කෙනෙකුත් ගෙන්නුවලු.මිනිහත් ස්කෑන් එකක් කරල.විසඳුමක් දෙන්න බැරි වෙලා ගියාලු

ඒ ගමන් ආයෙ තව පාරක් බල්න්න කියල ආයෙ ගැලෙව්වලු හෙඩ් එක.ආයෙ චෙක් කරල හයි කරාලු ඒත් එහෙම්මයිලු.

ඊලගට කිව්වලු මේකෙ ecu එකේ ලෙඩක් තියෙන්නෙ ඒක හදන කෙනෙක් ඉන්නව එයාට දීල බලමු කියල.කස්ටමර් ඒ වැඩේට කැමති උනේ නෑලු.

ඒ ගමන් මිකැනික් ටෝක් කරනවලු මේ වහනේ විකුනල දාන්න එයා බයර් කෙනෙක් සෙට් කරන්නම් කියල අඩු ලංසුවකුත් ගැහුවලු.

කස්ටමර් කමක් නෑ විකුනන්නෙ නෑ ඔයා මට වහනේ තිබ්බ විදියට හයි කරල දෙන්න කියල වහනේ අරං ආවලු ඒ වෙද්දි මේක ගොඩ දාගන්න එක්ලක්ශ ගානක් වියදම් කරලලු.ඒකත් ඇතෑරල වහනේ අරන් ඇවිත් තමයි රෙව් ටෙක් එකට ගෙනාවෙ.

ඔන්න ඉතින් අපේ සේවා උපදේශක ළහිරු කස්ටමර්ට ඇපොයිමන්ට් ඩේට් එකක් දීල.එදාට වහනේ අරං ආවට පස්සෙ සම්පූර්න ඉන්ස්පෙක්ශන් රෙකෝඩ් එකක් අරගෙන අපේ වර්ක්ශොප් ක්‍රියාපටිපාටියට අනූව ඇස්ටිමේට් එකක් දීල ගිවිසුම් අත්සන් කරගෙන ජොබ් ඔඩරයක් දාල වැඩේ බාර ගත්ත.

මුලින්ම සර්වලෝක නිවාරන රත්නවල්ලි රොඩී දැහැනින් බල ගැන්වුනු මහා ලෝන්ච් ස්කෑනර් රාජයාව ගැහුව වහනේට.
බැලුව පාතාල අඳුනින් බලනව වගේ මොනවද පෙන්නුම් කරන දෝශ කියල.

පලවෙනි රිපෝට් එක ගත්තම ඉරිදා ලහිපිටට එහා .පිටු දෙක තුනක් තියෙනව ට්‍රබල් කෝඩ්.කලින් රෙපෙයාර් එකේදි ඔක්කොම ගලව ගලව හයිකරපුව ecu එක මෙමරි තියාගෙන දැන් පතරංග ජාතකේ වගේ දිගාරිනව.

එහෙමම ඉරේස් කරල දාල ඔක්කොම ආයෙ මුල ඉදල ස්කෑන් එක කරා.ඔන්න ඒපාර ට්‍රබල් කෝඩ් දෙකක් විතරයි තියෙන්නෙ .
ඒ තියෙන්නෙ TPS (Throttle position sensor)
එකයි Oxygen sensor (bank 1/bank2)කියන ට්‍රබල් කෝඩ් දෙක.

ඊලගට ගත්ත ඔය දෙකේ ලයිවු ඩේට ස්ට්‍රීම් එක. TPS එක මොනම අවස්තාවකවත් කිසිම ප්‍රතිචාරයක් නෑ.

ඊලගට චෙක් කරා TPS සෙන්සරෙයි ecu එකයි අතර වයර් සම්බන්ද තාවය .ඒකෙත් අවුලක් නෑ බඩු හොදයි

ඊලගට ඉතුරු TPS සෙන්සරේ විතරයි.ඕක චෙක් කරා මල්ටිමීටරෙන්.බඩු හරි ඒක මැරිල කිසිම රීඩින් එකක් දෙන්නෙ නෑ..

එහෙනම් ඒක කොහොමත් දාන්න ඔන ලිස්ට් එකට දාල. ඊලගට ගියා ඔක්සිජන් සෙන්සරේට. ඒ දෙකේම ලයිවු ඩේට චෙක් කරාම ඩේට එකක් එනව. ඒත් ට්‍රබල් කෝඩ් එකක් ජෙනරේට් වෙලා තියෙනව.

ඒත් ආයෙ පොඩ්ඩක් ගැඹුරට ගිහින් සෙන්සර් වෝල්ටේජ් බැලුවම ඒ එන වෝල් ටේජ් එක ගොඩක් පුංචි වෝල්ටේජ් එකක් තමයි එන්නෙ.ඒ කියන්නෙ ඔක්සිජන් සෙන්සර් දෙක වැඩ කරාට නියමිත පරාසයෙ නෙමෙයි වැඩ කරන්නෙ.

කොහොම උනත් මේ සෙන්සර් දෙකේම තියෙන ලෙඩ දෙකට එක සිලින්ඩරයක් විතරක් මිස්කරන්න විදියක් නෑ කියල තීරනය කරත් කමක් නෑ මේ ටික කොහොමත් දාන්න ඕන නිසා ඒ සෙන්සර් දෙක අලුතින් දාල ආයෙ ගේමට බැස්ස.

කලින් තීරනය කරපු දේ හරි.සෙන්සර් දෙක තුන දැම්මට පස්සෙ චෙක් ලයිට් එක හරි. ඒත් මිස් එක එසේමයි.කිසිම වෙනසක් නෑ ඒ කියන්නෙ ලෙඩේ තියෙන්නෙ ඒ සෙන්සර් දෙකේ නෙමෙයි වෙන තැනක.

ඊලගට වෙන්න පුලුවන් පලවෙනි දේ හතරවෙනි සිලින්ඩරේ ප්ලග් එක වැඩ කරන්නෙ නැතිව යන එක ඒකට හේතුව ප්ලග් එක වෙන්නත් පුලුවන් කොයිල් එක වෙන්නත් පුලුවන්.

කොයිල් එක චෙක් කරා වෙනත් ප්ලග් එකකුත් දාල බැලුව එවයෙ කිසි අවුලක් නෑ ඒත් ලෙඩේ එහෙමමයි.

ඊලගට ඉන්ජෙක්ටරේට පල්ස් එක එනවද කියල බැලුව 3w ඉන්ඩිකේටර් ලෑම්ප් එකක් තියල බඩු වැඩ කරන්ට් එක එනව.

දැන් ප්ලග්ස් වලට කරන්ට් එකත් එනව නම් ඉන්ජෙක්ටර් වලට කරන්ටෙකත් එනව නම් ඊලගට වෙන්න පුලුවන් එකම දේ හතර වෙනි සිලින්ඩරේ එන්ජින් කම්ප්‍රෙශන් අඩුවක් වෙන්න ඕන.

මොකද වෑල් ටයිමින් වල වෙනසකින් ඕක එක සිලින්ඩරේකට විතරක් බලපාන්න අමාරුයි කියල තීරනය කරන්න පුලුවන්.

එහෙනම්.ඊලග ස්ටෙප් එක එන්ජින් කම්ප්‍රෙශන් ටෙස්ට් කරන එක .මොකද කලිනුත් දෙපාරක් හෙඩ් එක ගලවල බැලුව කිව්වනෙ .

ඔන්න ඊලගට කොම්ප්‍රෙශන් ටෙස්ට් කරා .
කම්ප්‍රෙශන් ටෙස්ට් රිසල්ට් එක ගත්තට පස්සෙ තමයි හීන් දාඩිය් දැම්මෙ.

සිලින්ඩර හතරෙම කොම්ප්‍රෙශන් හොදයි
එතකොට දෙයියනේ කොම්ප්‍රෙශනුත් හොදයි නම් ඉග්නිශනුත් තියනව නම් ඉන්ජෙටර් පල්ස් එකත් එනවනම් කොහෙද මේකෙ ලෙඩේ තියෙන්නෙ.

වෙන්න අමාරු උනත් තව එකයි වෙන්න පුලුවන් ඒ හතර වෙනි සිලින්ඩරේ ඉන්ජෙක්ටරේ පිච්චෙන්න ඕන.හැබැයි මම.වාහන අතගාපු ජිවිත කාලෙටම ඉන්ජෙක්ටරයක් පිච්චිලා මිස් කරපු වාහන හමබ වෙලා තියෙන්නෙ එකක් නැත්නම් දෙකක් විතරමයි.

ඒත් කමක් නෑ කියල ඉන්ජෙක්ටරේ ගලවල රෙසිස්ටන්ස් චෙක් කරා.ඒ අවුලකුත් නෑ එතනින් එහාට වෙනවනම් ඉන්ජෙක්ටරේ ඇතුලෙ මිකැනිකල් ෆෝල්ට් එකක් වෙන්න ඕන කියල හිතල ඒකත් චෙක් කරන්න කියල හිතන් හතරවෙනි ඉන්ජෙක්ටරේ පලවෙනි සිලින්ඩරේට දාල පලවෙනි එකේ ඉන්ජෙක්ටරේ හතරවෙනි එකට දැම්ම.

ඔන්න බඩු මාට්ටු උනා ඒ ගම හතරවෙනි ඉන්ජෙක්ටරේ දාපු පලවෙනි සිලින්ඩරේ වැඩ නෑ පලවෙනි ඉන්ජෙක්ටර් එක දාපු හතර වෙනි එක වැඩ.

ඕක මුලින්ම කෑලි ටික මාරු කරල බැලුවනම් ඉවරනෙ කියල හිතෙන් බැන බැන වැඩ නොකරපු ඉන්ජෙක්ටරේ සාම්පල් දීල පන්චිකාවත්තෙන් බ්‍රෑන්ඩ් නිවු ඉන්ජෙක්ටරයක් ගෙනාව අස්ප ගානකට

ගෙනැල්ල මාර සතුටින් අද මේ වැඩේ ඉවරයිනෙ කියල ඒ ගෙනාපු අලුත් ඉන්ජෙක්ටරේ පලවෙනි සිලින්ඩරේට දැම්ම.(එකේ තිබ්බ එක හතරට දැන් දාලනෙ තියෙන්නෙ)

ඔන්න දහසක් බුදුන් බුදුවන ඒ හිමිදිරි උදෑසන නමෝ විත්තියෙන් බලාපොරොත්තු දැල් වුන දෑසින් යුතුව ස්ටාර්ට් කරා.

වැඩේ හරි එන්ජිම කෝල්ඩ් ස්ටාර්ට් නිසා 1500ට විතර රේස් වෙලා නියමෙට තිහෙනව. මල් හතයි දැන් සතුට දෝරෙ ගලනව.

ඒත් පින්වතුනි ඒ සතුට තිබ්බෙ එන්ජිම වර්කින් ටෙම්පරේචර් එකට කිට්ටු වෙලා අයිඩ්ල් rpm එක අඩුවෙනකම් විතරයි අයිඩ්ල් අඩු වෙච්ච ගමන් ඔන්න ඉන්ජෙක්ටරේ දාපු පලවෙනි සිලින්ඩරේ මිස් කරනව.වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා මේ වගේ අජූත වැඩ.

ආයෙ ඉන්ජෙක්ටරේ චෙක් කරන්න කියල ගැලෙව්ව රේල් එක .ගලවල රේල් එක පිටින්ම එලියට අරන් ක්‍රැන්ක් කරල බැලුව ඉන්ජෙක්ටර් හතරෙම පෙට්‍රල් විදිනවද කියල.. දෙන දෙයියොත් අපිටම ආතල් දෙන්න මෙන්න එතකොට ඉන්ජෙක්ටර් හතරෙන්ම පෙට්‍රල් විදිනව.

ඒ ආතල් එක දෙගුන තෙගුන වෙන්න ගියෙ පොඩි වෙලාවයී ඊලගට 2400cc එන්ජිමක් ගිනිගහන්න රත්වෙච්ච වෙලාවෙ වහනේ ස්විච් එක පවා ඕෆ් කරල තියෙද්දි එන්ජින් හීට් එකට පෙට්‍රල් වාශ්ප ටික ඉබේම ගිනි ගත්ත දැන් එන්ජින් බේ එක තොවිලෙට ගහපු විලක්කුවක් වගේ.ඒ අතරෙ ටෙක්නිශියන්ගෙ අතේ පෙට්‍රල් ගැවිල තිබිල දේව කතාවල අතින් ගිනිබෝල යවන පොරවල් වල වගේ ඇගිලි ටිකෙන් ගින්දර යනව..මුලින්ම ක්ශනික ව ඒක නිවල .
ඊලගට ෆයර් එක්ස්ටින්ගුශර් එක අරන් ගින්න නිවල හුස්මක් ගත්තට පස්සෙ තමා ආයෙ පියවි සිහියට ආවෙ.

දැන් දායක සභාව එන්න එපා ඔයවිදියට කරන එක වැරදියි අරකයි මේකයි මේමයි කියගෙන.කොටනව ක්ශනිකව ඈ.මොකද කස්ටමර්ත් වියදම් කරල හෙම්බත් වෙලා නන්නත්තාර වෙලා අපේ පිහිට බලාපොරොත්තුවෙන් ළඟ ඉන්න ඒ වගේ වෙලාවක ටෙක්නිශියන් කෙනෙක්ගෙ මානසික මට්ටම දන්නෙ ඔය වගේ ලෙඩක් කර ගහපු එකෙක් විතරයි.

ඒවගෙම ඔය වැරදිච්ච ඒව ලියන්නෙ උඩබලාගෙන කෙල ගහ ගන්නව වගේ වැඩක් වෙලත්.එකෙක් හරි අපිට වරදින එකෙන් හරි පාඩමක් ඉගෙන ගනී කියල.

ඕක මට නොකිය සුද්ද වගේ ක්ලීන් එකට පිලිවෙලට වැඩේ ගොඩ දැම්ම කියල ලියන්න පුලුවන් කම තියෙද්දි එහෙම ලියන්නෙ නැත්තෙ බලන එකෙක් හරි අපි කරපු අනාරක්ශිත වැඩේ නොකරාවි කියන විශවාසයෙන් හරිය.

හරි දැන් ආයෙ ලෙඩේට ඊලගට කල්පනා කරා ආයෙ ලෙඩේ තියෙන්නෙ කොතනද කියල.ආයෙ ස්කෑනරේ ගහගෙන ඇක්ටිව් ටෙස්ට් ෆන්ශන් එක දාගෙන පලවෙනි ඉන්ජෙක්ටරේ ඩිඇක්ටිවේට කර කරා බලන කොට තේරුනා ඒකෙන් පොඩි වෙනසක් වෙනව කියල . එහෙනම් වෙන්න පුලුවන් මේ ඉන්ජෙක්ටරෙන් ඕන තරමට ප්‍රෙට්‍රල් විදින්නෙ නෑ කියන එක.

ඒත් මේක අලුත් ඉන්ජෙක්ටරයක් නිසා ඉන්ජෙක්ටරේ දෝශයක් වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි..එහෙම නම් වෙන්න පුලුවන් මේක වැරදි CC (cubic capacity ) එකක ඉන්ජෙටරයක්. .
ඉන්ජෙක්ටරවල බදේ පාට මගින් cc එක කියන්න පුලුවන් උනාට තැරියන්න දුවපු පරන ඉන්ජෙක්ටර වල පාටයි අලුත් ඉන්ජෙක්ටර් එකේ අලු පාටයි වෙන් කරල අදුනගන්න බෑ.

අපි සාම්පල් එකට දීල ගෙනත් තියෙන්නෙත් වැරදි ඉන්ජෙක්ටරයක්.කවුද හිතනෙ එක ඉන්ජෙක්ටරයක් විතරක් වෙන cc එකක දාල තියෙයි කියල.ඒක අපි ට ඩයග්නෝස් එකේදි උනු වැරැද්දක්.

හරි කලර් කෝඩ් එකට පාර්ට් නම්බර් එකට ඉන්ජෙක්ටරේ ගෙනත් දැම්ම ගමන් සියලු දෝශ නිවාරණය උනා..කස්ටමර්ත් සතුටින් අපිත් සතුටින්.

හැබැයි අපිටත් ඔයිට වඩා ලේසියෙන් ඔය ලෙඩේ හොයා වන පුලුවන් වෙන ක්‍රමයක් තිබියදි අපි ඒක මග ඇරගෙන තිබ්බ.
ඒ තමයි ඕය ඉන්ජෙක්ටර් හතරම අල්‍ට්‍ර සොනික් ඉන්ජෙක්ටර් ටෙස්ටර් මැශින් එකකට දාල ඉන්ජෙක්ටර් කොන්ටිටි චෙක් එකක් කරා නම් ඔය ඉන්ජෙක්ටරේ ඉන්ජෙක්ටරේ ඉන්ජෙක්ශන් කොන්ටිටි එක අඩුයි කියන එක බලා ගන්න ඉඩ තිබ්බ .

ඒත් කලින් වහනේ කරල තිබ්බ රෙපෙයාර් සහ වෙලා තිබ්බ දේවල් එක්ක ඒවගේ දෙවල් එක පාර අපේ ඔලුවට එනව අඩුයි. මොකද අපිත් වාහන හදන ඉශ්ඨ දේවතෝවො නෙමෙයිනෙ. අපිත් මිනිස්සු නිසා.

අන්තිමට ඩයග්නෝස් එකේ පමාව නිසා ගෙනාපු ඉන්ජෙක්ටරේ පාඩුව අපි විඳගෙන කස්ටමර්ට බිල දාල දුන්නම . කස්ටමර් බලහත්කාරයෙන් ඉන්ජෙක්ටරේ සල්ලි දුන්න මං මේකට ලක්ශ ගානක් යට කරපු එක ගොඩ දාල ඔයාල පාඩු විඳින්න එපාකියල.
අන්තිමට කස්ටමර්ගෙ බලවත් පෙරැත්ත පිට ඉන්ජෙක්ටරේ ගානින් බාගයක් අපි අරගෙන කස්ටමටට බාගයක් වෙන විදියට සියල්ලෝම සතුටින් විසිර ගියා.

වෙලා තියෙන වෙලාවක ආයෙ කතා වස්තුවකින් හම්බෙමු

උත්පල මහීකාන්ත
REV TECH TUNERS

හොන්ඩ එකෝර්ඩ් කතා වස්තුව

ඔන්න එකමත් එක දවසක කෝල් එකක් එනව මහත්මයෙක්ගෙන් මගෙ ළඟ හොන්ඩ එකෝර්ඩ් CF4 එකක් තියෙන්නෙ ලගදි තමයි ගත්තෙ මේකෙ මිස් එකක් තියෙනව චෙක් කර ගන්න ඕන. මේක කලින් රෙව්ටෙක් එකේ හදපු කාර් එකක් කියල..

ඔන්න ඉතින් වැඩේ කන්ෆර්ම් වෙලා ඇපොයිමන්ට් එකක් එහෙම දාල.. වාහනේ ගෙනාව. මුලින්ම ටෙස්ට් රන් එකක් ගිහින් බැලුව කස්ටමර් එක්ක.. වැඩේ ඇත්ත වහනේ ස්ලෝ වෙනකොට පොඩි කැඩිල්ලක් මිස් එකක් එනව දිගටම..වහනේ හොද සැප බාන්ඩෙ නිසා ඒක හොදට දැනෙනව.හැබැයි කිසිම වෝනින් ඉන්ඩිකේටර් එකක් වත් ඉන්ඩිකේට් කරන්නෙ නෑ.අයිඩ්ල් ස්පීඩ් එකෙන් උඩ කිසිම ලෙඩක් නෑ.

ටෙස්ට් ඩ්‍රයිවු එකෙන් පස්සෙ කෙලින්ම ගරාජ් එකට ගෙහුන් ගැහුව සර්වලෝක නිවාරන ස්කෑනර් යන්තරේ..

සියලු බලාපොරොත්තු සුන් මිත්‍රවරුනි එන්ජිමේ වේලාපත්කඩෙ මහ දසාවෙන් කියන්නෙ එන්ජිමේ කිසිම දෝශයක් නෑ කියල..ඒකියන්නෙ කිසිම ට්‍රබල් කෝඩ් එකක් නෑ..ඒත් මිස් එකක් තියෙනව.

එතනින් එහාට හදහනේ අතුරු දසා ටික බලන්න චෙක් කරා ලයිවු ඩේට ස්ට්‍රීම් එක.ඔන්න සූටි බලාපොරොත්තුවක සේයාවක් පේන්න ගත්ත.. MAP සෙන්සර් රීඩින් එකේ වැලියු එක සාමාන්‍යෙන් තියෙන්න ඕන ගානට වඩා ටිකක් වැඩි..

ආයෙ පොඩ්ඩක් ගැබුරින් බලද්දි තව පොඩි හෝඩුවාවක් හම්බුනා ෆුවල් සිස්ටම් ට්‍රිම් ලෙවල් එකේ ශෝට් ටර්ම් ෆුවල් ට්‍රිම් එකේ අගය සෘන විස්සකට යනව …

සාමන්‍යෙන් ට්‍රිම් ලෙවල් එක සෘන අගයක් ගන්නෙ එයාර් ෆුවල් මික්සර් එක රිච් උනාම .එහෙනම් මුලින්ම බලන්න ඕන මික්සර් එක රිච් වෙන්න පුලුවන් හේතු මොනවද කියන එක ..මුලින්ම බැලුව ස්පාර්ක් ප්ලග්ස්..

හරියට ස්පාර්ක් එක ලැබුනෙ නැත්නම් මිස් එකකුත් එනව අර්ධ දහනයක් වීම නිසා ඔක්සිජන් සෙන්සරෙන් ඊසීයූ එකට ලබාදෙන පාටාංකය ඉහල අගයක් වීම නිසා ට්‍රිම් ලෙවල් එක සෘන පැත්තට හදා ගන්නව..

ඒත් ප්ලග්ස් ටික හොදටම හොදයි තියෙන්නෙත් ඉරිඩියම් ප්ලග්ස්…තියෙන තත්වය අනුව ප්ලග්ස් වල අවුලක් වෙන්න බෑ.

ඊළඟට පෙට්‍රල් ප්‍රෙශර් එක වැඩි වීම..ඊසීයූ පරිගනකයේ දත්ත වලට කවල තියෙන ඉන්ජෙක්ටර් රේල් ප්‍රෙශර් අගයට වඩා ඇත්තටම රේල් එක්වෙ තියෙන ප්‍රෙශර් එක වැඩි උනොත් ඕක වෙන්න පුලුවන්…

එහෙනම් රේල් ප්‍රෙශර් වැඩි වෙන්න හේතු ව වෙන්න පුලුවන් වෙන්නෙ ෆුවල් ප්‍රෙශර් රෙගියුලේටරය දෝශ සහිත වීම ..ඊළඟට ඒකත් ගලවල චෙක් කරල බැලුව ඒකෙ අවුලකුත් නෑ.එහෙනම් ඒ පැත්තත් හරි.

ආයෙ ෆුවල් ට්‍රිම් රින වෙන්න පුලුවන් වෙන හේතුවක් තියෙන්න්නෙ.. එන්ජින් කම්ප්‍රෙශන් මදිවීමක් .. ඒකත් චෙක් කරල බලන්න කියල කම්ප්‍රෙශනුත් චෙක් කරා ..කම්ප්‍රෙශනුත් අවුලක් නෑ…

එතනින් එහාට දවස ඉවරයි ලෙඩේ හොයන්නම හම්බෙච්ච ලෙඩකුත් නෑ.කිසිම හෝඩුවාවකුත් නෑ. පපහුවදා ඇවිත් උදේම කාර් එක ඉස්සරාට වෙලා කල්පනා කරල කරල එන්ජිම හොදට රත් උනාට පස්සෙ රේඩියේටරේ මූඩිය ටිකක් ඇරල බලන්න කිව්ව..

ඔන්න පොඩී හෝඩුවාවක් හම්බුනා. ටේඩියේටරෙන් පොඩි බුබුලක් දෙකක් එනව. ඒ ගමන් පොඩ්ඩක් රේස් කරාන මාලු ටැන්කියට ඔක්සිජන් දැම්ම වගේ බුබුලු එනව පෝලිමට ..

ඒ කියන්නෙ බඩු හරි ගෑස්කට් එක ලීක්..එහෙනම් කොහොමද කම්ප්‍රෙශන් හරි ගියේ ලීක් එක පොඩි නිසා එක නෝලෝඩ් ක්‍රෑන්ක් කරද්දි ගේජ් ප්‍රෙශර් එකට ඒ පොඩි වෙනස දැනෙන්නෙ නෑ…

මොකද කරන්නෙ එහෙමම හෙඩ් එකත් චෙක් කරල බලන්නත් එක්ක ගැලෙව්ව.කලින් කියන්න අමතක උනා මේ කස්ටමර් කාර් එක ගන්න කලින් පරන කස්ටමර් අපේ වර්ක්ශොප් එකේන්ම මේකෙ ගෑස්කට් දාල තිබුනා.ඒ මාස හය හතකට කලින්.

ගලවල ගෑස්කට් එක අතට ගත්තම තමා තේරුනේ අපි ගෑස්කට් දැම්මට පස්සේ මොකක් හරි හේතුවකට ආයේ ගෑස්කට් දාල තුයෙනව කියන එක ..ඒක දැන ගත්තෙ මෙටල් ගෑස් කට් එක නෑවෙන්න සැලැක් ගම් වක් කරල තිබ්බ එකෙන්. මොකද අපේ වර්ක් ශොප් එකේ අද වෙනකන් කිසිම එන්ජිමකට සැලැක් පාවිච්චි කරන්නෙ නෑ.පුලුවන් තරම් පිරිසිදුව ගෑස්කට් එක හයි කරනව ඇරෙන්න.

හෙඩ් එක චෙක් කරාම බෙන්ඩ් එකක් තිබ්බ නිසා ඒකත් ෆේස් කරල අලුතින් ගෑස්කට් දාල ඔන්න කාර් එක හයි කරා.

කරුමෙක මහත කියන්නෙ කලින්ට වඩා මිස් එක අඩු වෙලා ට්‍රිම් ලෙවල් එක පහලවට විතර ආවත් තවත් ලෙඩේ සීයට සීයක් හරි නෑ.. වර්ක්ශොප් එකක් විදියට අපිට සතුටු වෙන්න පුලුවන් මට්ටමක එන්ජිම තාම නෑ…

ආයෙ ගැලෙව්ව හෙඩ් එක..චෙක් කරා වෑල් ලීක් ..එක සිලින්ඩර් එකක වෑල් ලීක් හොදටම.ආයෙ වෑල් ටික ඔක්කොම ලැප් කරල ලීක් චෙක් කරලා..තවත් අලුත් ගෑස්කට් එකක් දාල හයි කරා එන්ජිම ..

ඒ පාරත් කලින්ට වැඩිය මිස් එක අඩු උනත් හරියටම හරි නෑ.ට්‍රිම් එකත් දහයකට විතර අඩු උනා. ඒත් යවන්න හිත නෑ ට්‍රිම් එක බින්දුව කරලම යවන්න ඕන කියන එකයි හැමෝගෙම අදහස..තවත් දවසක් ඩෙක් කරල කල්පනා කරල අන්තිම තුරුම්පුව ගහල ලෙඩේ හොයා ගත්ත ඒපාර ටැපට් ක්ලියරන්ස් මදි වෙලා..

ආයෙ නිශ්පාදකයගෙ අත් පොතේ දිල තියෙන අගයන් වලට් ටැපට් ටික හැදුව ..ඔන්න ඒපාර මිස් එකට දුන්න සිද්දාලේප අස්මෝදම් වගේ මිස් එක කොහෙන් ගියාද කියල නැති උනා..ෆුවල් ට්‍රිම් එකත් බින්දුවටයි බින්දුවට ආසන්න අගයන් වලට ආව. එකම ලෙඩේට ස්ටෙප් හතරකට අපිව කඩේ ඇරපු එන්ජිම අන්තිමට කොහොම හරි ගොඩගියා ..

ආයෙ කොකටත් කියල ස්ටාර්ට් එකේ තියල කූලන්ට් ටෙම්පර්රෙචර් එක චෙක් කරගෙන ඉන්නක්කොට මෙන්න නගිනව ටෙම්පරේචර් එක අන්සකෙන් අන්සකේ ඉහලට . ආයෙ කෙල වෙන්න කලින් වැඩේ නවත්තල යැවුව රේඩියේටරේ ගලවල සුද්දස් කරා..ඒ ලෙඩෙත් හරි ගියා … අන්තිමට ලෙඩ තුනක් එකට එකතු වෙලා වර්ක්ශොප් එක සමූහ දුශනයට ලක් කරන්න ලෑස්ති වෙච්ච එකෙන් පූරුවෙ පිනකටද කොහෙදෝ ගැලවුනා කියලා හිත හදා ගෙන සියල්ලෝම සතුටින් විසිර ගියා.

රී මාක්…: විස්තර ලියන්නෙ වහනේ ගැනවත් කලින් හදපු වර්ක්ශොප් වලටවත් පහර ගහල ගොඩ වැඩිකර ගන්න නෙමෙයි ෆිල්ඩ් එකේ ඉන්න අලුත් කොල්ලන්ට ඩයග්නෝසින් කියන පාර්ට් එකට පාරක් විවර කරන්න..

ඒ වගේම මම හොන්ඩා ස්පෙශලිස් වැඩ්ඩෙකුත් නෙමෙයි ..කලවමේ වහන හදන ඔය වයර් කෑල්ලක් දෙකක් මූට්ටු කරගෙන් ස්කෑනරයක් පොඩ්ඩක් කියවගන්න පුලුවන් තවත් එක පොඩි ගරාජ් කාරයෙක් විතරයි. ඒනිසා කවුරුත් පඬුපුල් ආසන රත් කරගන්න ඕනත් නෑ ..එහෙනම් කොල්ලෝ අපි ගියා. 😁

සහජීවනය

මේ කලබල අස්සේ මරපියවු කොටපියවු ඉවර කරමු කියල පෝස්ට් මැසේජ් ගොඩයි.හැබැයි කී බෝඩ් එකේ කෙටුවට මැසේජ් එක සෙන්ඩ් කරාට ඔය සෙට් එකෙන් සීයට අනූවක් දෙනා ඔය ගහ මරා ගන්න වලියක් ලගින් ගියත් ශේප් එකේ මාරු..

ඉස්කෝලේ කාලේ ගහ ගත්ත වගේ සමාජෙ ප්‍රශ්න විසදන්න බෑ.ඉස්කෝලේත් සෙක්ශන් සෙක්ශන් ගහ ගත්තට ඇත්තටම වලියට ගියාම ගහමු කියපු උන්ගෙන් කීපදෙනයි වලියෙ ඉන්නෙ.ඇත්තටම ගහ ගත්තු මරා ගත්තු උන් ප්‍රසිද්දියෙ රඟ පාන්නෙත් නෑ.එහෙමයි කියල ඕන දෙයක් වෙද්දෙන් කියල වකුටු වෙලා බුදියල හරියන්නෙත් නෑ ..

බල ලෝබය නිසා නිය පොත්තෙන් කඩන්න තිවුනු දේවල් පොරවෙන් කපන තැනට ගෙනල්ල ජාතීන් අතර භේද ඇතිකරල සංහිදියාව ගැන කතා කරල සිංහල බෞද්දයා ලේ පිපාසිතයි කියල ලේබලේ ගස්සල බුකි සේනාව දාල සින්හලය තුලම බුකිමතයක් හදල ඌරගෙ මාලු ඌරගෙ පිටේම කප්පන්න වැඩ සිද්ද කරල අන්තිමට ජාත්‍යන්තරයට ගියාම දැන් සැපද කියල අහන උන් දන්නෙ නෑ නීතියෙන් උත්තර ලැබෙන්නෙ නැති ප්‍රශ්න එනකොට කැලෑ නීතිය අතට ගන්නෙ පිට හම පුපුරන්න කාපු එකා පස්ස පැත්ත බේර ගන්න දගලන නිසා බව.

කැලෑ නීතිය අතට ගන්න අදුරුදු ගානක් තිස්සෙ එකතු උනු හේතු ටික ගැන පොඩ්ඩක් කලින් සලකා බැලුවන්ම් ඔය සහ ජීවනය කියන එක ඉල්ල ඉල්ල බලාහත් කාරෙන් ගන්න ඕන දෙයක් නෙමෙයි.

ඔය ආයුධ අතට ගත්ත සාමල අමරල උන්ගෙ පොඩි කාලෙ නානලත් එක්ක බොහොම සහයෝගයෙන් එකට ඉදල රාමසාන් අවුරුද්දට කැද එක බීල වටලප්පම කාල අයියෙ අක්කෙ නංගි මල්ලි කියාගෙන හිටපු උන් කියල අමතක කරන්න හොද නෑ..එහෙම හැගීමෙන් එකට හිටපු උන්ට පශ්චාත් බාගෙන් අරින්න එනකොට තරහ කාරයො අරින්න එනවට වඩා දැනෙන වේදනාව දරුනුයි.

අතේ ඇගිලි පහ පස් විදියක් වගේම එක් එක් ජාතීන් අතරත් අන්තවාදීන් සිටින එක සාමාන්‍ය දෙයක්.හැබැයි බලපුලුවන් කාර කම් මත නානල අන්ත වාදී වෙන සීග්‍රතාවය වැඩි බව මම අත් විදල තියෙන කාරනයක්.දවසේ පැය අටක් රස්සාව කරන තැන හම්බෙන නාන එක්ක කෑව බිව්ව කියල නාන කවුද කියන්න නම් බැහැ.ඒක තේරුම් ගන්න නම් නානල දාතිල මමිල උම්මම්මිල එක්ක අවුරුදු ගානක් එකට ජීවත් වෙන්න ඕන.

තමන්ට බැරි කාලෙදි හැකි හැම දේටම කරපොවල පුදුම හැගීමකින් ඔවුන් උදව් කරන කොට කාටවත් හිතෙන්නෙ නෑ එක බඩ වැල කඩාගෙන ආපු සහෝදරයො වගේ ඉන්න මේ අය අපට එරෙහි වෙයි කියල.

දානෙට මගුලට දන්සැලට ඔවුගෙ උපරිම සහය දීපු විදියට කවදාවත් හිතන්නෙ නෑ සිංහල අලුත් අවුරුදු දවසක තග දාල උඹලට සිංහල තේරෙනවද කියල සින්හල උන්ගෙන් අහයි කියල.එදා ගමට එනකොට බඩ පොත්තට ඇලිල පොල් අතු පැලේ හිටපු නානල ගමේ සිංහල එකාලගෙන් සිංහල තේරෙනවද අහන්න තත්වයට එනකොට නානලගෙ මොරාල් එක හැදුවෙ සින්හලයගෙ උනුවෙන හිත කියල උන්ට මතක නෑ..

එතනින් පස්සෙ නානලගෙ පල්ලි වැඩි කරගෙන යන ගමන් සිංහලයගෙ පන්සල් ටික කඩන්න ගත්තෙ අතීත උරුමයන් ඒ හා බැදුනු සංස්කෘතියක් තියෙනකම් අලුත් පරපුර පෙල පොත් වලින් හා ඒතැන් වලට ගිහින් නරඹල ඒවායෙ ප්‍රවුඩත්වයෙන් ඔද වැඩි මොරාල් එක හදා ගන්නකොට ඔවුගේ හිත් යට තුබුනු ක්‍රෑර අදහස් මුදුන් පමුනුවා ගන්න බැරි වෙයි කියන බයටද කියල හිතන එක අසාධාරන නැහැ.

මැදපෙරදිග නානල සරු පොලවක් නැතුව වතුර පොදක් නැතුව අරාබිය ක්ශේම භූමියක් කරන්න දත කද්දි…එකට කාපු බීපු අපේ නානල විල්පත්තු කපල ලංකාව පරණ අරාබිය කරන්න දත කන හැටි බලාගෙන ඇස්සට දත නියවන්න උනාම එන ආවේගය පාලනය කරන්න සහජීවනය කියන වදන් වලට බැහැ.

කාගෙ කාගෙත් කිල්ලෝට වල අඩු වැඩි වශයෙන් හුනු තියෙද්දි ඒවට පුවක් දුන්කොල කලවන් වෙලා මත් උනාම කොයි කාට උනත් කෙලින් ඉන්න පුලුවන් මාත්‍රාව පයින කන් විතරයි.මත් උනාටපස්සෙ මත් වෙච්ච එක ගැන විචාර කරන්නෙ නැතුව හොයන්නෙ නැතුව මත් වෙන්න හේතු හොයල ඒවට පිලියම් යෙදුවනම් ආගන්තුක සත්කාරයේ කෙල පැමිනියා වූ මනුස්ස කොට්ඨාශක් එක්ක අවුරුද්දට කිරිබත් කාල රාමසාන් වලට වටලප්පන් කාල සතුටින් ඉන්න බැරි වෙන එකක් නැහැ මේ පුංචිරටේ මිනිස්සුන්ට.

මේක කියවල හොඳ නානලගේ ෆීලින්ස් වලට හර්ට් උනා නම් ගැත්තාට සමාව දෙන සේක්වා..

Create a free website or blog at WordPress.com.

Up ↑